බැඳුම්කර සිද්ධීන් සොයා බැලීම සඳහා පත්කල ජනාධිපති කොමිසමේ නිර්දේශමත මහා බැංකුව විසින් නම් කළ  විද්වත් කමිටුවක් විසින් අදාල ගනුදෙනු විමර්ශනය කර ලබාදුන් වෝහාරික විගණන වාර්තාව වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන්නැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර, වත්මන් ආණ්ඩුවේ මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියි.

මුදල් අමාත්‍ය ලෙස අගමැති මහින්ද රාජපක්ෂට මෙම වාර්තාව ප්‍රකාශයට පත්කිරීමේ බලයක් ඇතැයි ද මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියි.

2002 වසරේ සිට 2015 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර ගනුදෙනු වලට ද අදාල තොරතුරු ද ඇතුලත් එම වෝහාරික විගණන වාර්තාව තුලින් ඇත්ත හොරු කව්රුන්දැයි ජනතාව හොඳින්ම අවබෝධකර ගත හැකිවනු ඇතැයි ද හිටපු මුදල් ඇමතිවරයා පවසයි.

ඔහු මේබව කියා සිටියේ, එම වෝහාරික විගණන වාර්තාව යට ගැසීමට ආණ්ඩුව දරන උත්සාහය සම්බන්ධයෙන්, 'theleader.lk' කළ විමසීමකදීය. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

''කව්ද හොරු කියලා රටටම බලාගන්න පුළුවන්'' 

'' වත්මන් ආණ්ඩුව ඔය වාර්තාව හංගගෙන ඉන්නේ ඇයි ද කියන කාරණය ඉතාමත් පැහැදිලියි. මිට ඉහත රාජපක්ෂ ආණ්ඩුව කාලේ මහ බැංකුවේ සිදුවුණ බරපතල මුල්‍ය වංචා ගැන තොරතුරු රාශියක් එම වෝහාරික විගණන වාර්තාවේ තියන බවට තොරතුරු ලැබී තියනවා. ඒවාට සම්බන්ධ ඇතැමුන් වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේත් ඉහල ම තනතුරු වලට නැවතත් පත්කරලා. එනිසා මේ වෝහාරික විගණන වාර්තා නිසා දැන් අගමැතිවරයා වගේම ජනාධිපතිවරයාත් බරපතල අර්බුදයකට ගිහින්. 

බැඳුම්කර ගනුදෙනුවලදී යහපාලනයේ ප්‍රබලයින් වංචා කරලා තියනවා කියලයි පොහොට්ටුවේ කට්ටිය බලයට ආවේ. හොඳයි දැන් අපි අගමැතිතුමාට අභියෝග කරනවා, කරුණාකරලා ඔය වාර්තාව එලියට දාන්න. කව්ද හොරු කියලා එදාට රටටම බලාගන්න පුළුවන්''


බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – කෝප් කමිටුවේ හිටපු සභාපති

කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති
Sunil Hadunnetti 2018.01.15
මේ අතර 'ලංකාදීප' සඳුදා හමුව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කෝප් කමිටුවේ හිටපු සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ, කෝප් කමිටුව විසින් බාරදී ඇති වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන බැඳුම්කර හොරුන්ට දඬුවම් දීමට වහාම කටයුතු කරන ලෙසයි.

''මුදල් ඇමැති හැටියට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මේ ලේඛන ලබාගැනීමට සම්පූර්ණ බලය තිබෙනවා. ඊට අමතරව මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශාල ජනවරමකුත් තිබෙනවා. එනිසා කෝප් කමිටුවේ හිටපු සභාපති හැටියට මගේ ඉල්ලීම වන්නේ නැවත පාර්ලිමේන්තුව රැස්වන තුරු නොසිට මුදල් ඇමැතිවරයා හැටියට අවශ්‍ය පියවර ගන්න කියලයි'' යයි ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියි.

බැඳුම්කරයට සම්බන්ධ අයට තරාතිරම නොබලා දඬුවම් කරන්න දැන් බාධාවක් නෑ. දැන් කෝඳුරු තෙල් හත්පට්ටයක් හොයන්න ඕනෑ නැහැ.” යැයි ඔහු එහිදී අවධාරණය කර තිබේ.

අලුත් පියාපත් කියන කතාව :

පාර්ලිමේන්තුව වාර අවසාන කර තැබීම තුළ කෝප් කමිටුව අහෝසි වී ඇති බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට
හා මුදල් අමාත්‍ය ලෙස අගමැති මහින්ද රාජපක්ෂට මෙම වාර්තාව නීතිපති වෙත යොමු කොට කඩිනමින් අදාල නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බව 'අලුත් පියාපත්' සංවිධානය පවසයි.

සමාජය තුළ දැඩි අවධානයක් යොමුව පවතින, 2002 වසරේ සිට 2015 දක්වා සිදු කළ බැඳුම්කර ගනුදෙනු වලට අදාල වෝහාරික විගණන වාර්තාව පිළිබඳ සහ එහි නීතිමය තත්ත්වය පිළිබඳව, අලුත් පියාපත් සංවිධානය විසින් දෙසැම්බර් 19 දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරිණි.

අලුත් පියාපත් සංවිධානය එම කරුණු අනාවරණය කර සිටියේ, ගෝඨාභය රාජපක්ෂ හා එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මිට ඉහතදී කළ ප්‍රකාශ හා ඔවුන් දෙදෙනා පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ද සිහිපත් කරමිනි.

''මොන සංදර්ශනයකටත් කලින් මහ බැංකු හොරු අල්ලන්න''

කෝප් කමිටුව විසින් බාරදී ඇති වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය වලද විවිධාකාරයේ අදහස් පලවී ඇත. 

ජවිපෙ හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සිය FB පිටුවේ ඒ සම්බන්ධයෙන් මෙවැනි පොස්ටුවක් පළකර ඇත. 

 

79841487 442789966667338 3159578011104182272 oමෙන්න බොලේ මාර කොමියුනිස්ට් නායකයෙක් !

කෙසේවුවද මහින්ද රාජපක්ෂ පාලන සමයේ කෝප් කමිටුවේ සභාපතිව සිටි, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ඩිව් ගුණසේකර පවසන්නේ, මේ අවස්ථාවේදී කෝප් කමිටුවේ වෝහාරික විගණන වාර්තා මතු කිරීම සුසුසු නැති බවයි.

Screen Shot 2019 12 24 at 1.39.48 PMඊට ප්‍රකාශයට ප්‍රතිචාර දක්වා ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන තුල්සිරි අන්ද්‍රාදි (Tulsiri Andradi) මෙසේ සටහනක් තබා ඇත.

මෙන්න බොලේ මාර කොමියුනිස්ට් නායකයෙක් "!
රාජාපක්ෂ්ලා බේරා ගැනීමේ මාර උප්පරවැට්ටියක්!

Screen Shot 2019 12 24 at 1.43.17 PM
බැඳුම්කර විමර්ශනත් එපෝ"-
"කොමියුනිස්ට් නායකයාට" අත්වැල් ගායනයෙන් සහායට
ඊනියා මහා "දේශප්‍රේමී" නායක ගෝතයෙකුත්

Screen Shot 2019 12 24 at 1.45.54 PM
සබැඳි පුවත් :
ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)
බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්