බස්නාහිර දකුණ පළාත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ලබා ගත් අධිකරණ නියෝගයක් මත මෙම විමර්ශනය සිදුකරන බව වාර්තා වේ. ඔවුන් සී.ඩී. තැටි කිහිපයක් සොයමින් සිටින බව වාර්තාවේ.
තම නිවස පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කරන අයුරු රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා විසින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙන අතර තමන්ගේ නිල පිස්තෝලයට ලබාදී ඇති බලපත්‍රය අහෝසි වී ඇතිබව දැනුම්දීම හා එම බලපත්‍රයේ නිල කාලය අලුත් කිරීම තමාගේ ආරක්ෂාවට අනුයුක්තකර සිටින ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන්ගේ වගකීම හා යුතුකම බව ද ඔහු මාධ්‍ය හමුවේ මිට සුළු මොහොතකට පෙර පැවසිය.
දේශපාලන පලිගැනීමක් ද?
පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොහොට්ටු පක්ෂ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයින් කිහිප දෙනා අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඉදිරියෙන්ම සිටියේය. මේවනවිට එසේ ගෝඨාබය රාජපක්ෂ විවේචනය කළ චම්පික රණවක හා රාජිත සේනාරත්නට එරෙහි විමර්ශන ආරම්භකර ඇති අතර ඔවුන් රිමාන්ඩ් භාරයට ද පත්ව පසුව ඇප මත නිදහස්විය.
වීඩියෝ

රන්ජන්ගේ නිවස වටලයි :අත්අඩංගුවට ගන්න ඉහල නියෝගයක් අපේක්ෂාවෙන්! (VIDEO)
T
The Leader Desk
January 4, 2020 • 1:10 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- තමාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රි නිල නිවාස හදිසි පරික්ෂාවකට ලක් කරමින් සිටින පොලිස් කණ්ඩායමක් එම නිවසේ තිබී බලපත්‍රය අහෝසි වූ තමාගේ නිල පිස්තොලය හා ඊට අදාල උණ්ඩ අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම පොලිස් කණ්ඩායම මේවනවිට තමාව අත්අඩංගුවට ගැනීම සඳහා ඉහල නියෝගයක් අපේක්ෂාවෙන් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක පවසයි.
- තැටි කිහිපයක් සොයමින් සිටින බව වාර්තාවේ.
- පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොහොට්ටු පක්ෂ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයින් කිහිප දෙනා අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඉදිරියෙන්ම සිටියේය.
- මේවනවිට එසේ ගෝඨාබය රාජපක්ෂ විවේචනය කළ චම්පික රණවක හා රාජිත සේනාරත්නට එරෙහි විමර්ශන ආරම්භකර ඇති අතර ඔවුන් රිමාන්ඩ් භාරයට ද පත්ව පසුව ඇප මත නිදහස්විය. වීඩියෝ
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


