ඒ, ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ හා ආණ්ඩුවට සහය පලකරන ඇතැමුන් ජනප්‍රිය කාන්තාවන් සමග ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝ පට කිහිපයක් ද අත්අඩංගුවට ගත් DVD අතර තිබු බව සඳහන් කරමිනි.
ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති චාමික ජනකාන්ත අල්විස් (chamika janakantha alwis) මෙසේ පවසයි.
''DVD ටිකක්නං ගත්තු බව දැක්කා... හරි ඒවා අසභ්‍යයි කියලම කියමුකෝ... ඒත් තියන ප්‍රස්නේ... රංජා ළඟ තිබ්බ අසභ්‍ය තැටි වලින් රජය අපහසුතාවයට පත්වෙන්නේ කෝමද කියලා... කන්පියුස් වෙනවා යකෝ...
රන්ජන් රාමනායකගේ නිවසින් අසභ්‍ය සංයුක්ත තැටි හමුවීමේ කතාව මෙසේ සංවාදයට ලක්වෙද්දී පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එහෙත් එහි කොතනකවත් අසභ්‍ය සංයුක්ත තැටි සම්බන්ධයෙන් සඳහන් නොවේ.
එම නිවේදනය මෙසේය.
''නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත අද දින සවස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සෝදිසියට ලක් කරනු ලැබීය.
මෙම සෝදිසියේදී බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගත් පිස්තෝල ගිනිඅවියක් හා එම අවිය සඳහා භාවිතා කරන උණ්ඩ 127ක් සැකකටයුතු ලේඛන කිහිපයක් සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පැය 19.30ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.''
"ඒ ගොල්ලො යාළුවො මල්ලි.. අපිට තමයි මේ ඔක්කොම !"
මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගියදා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මාධ්‍යවේදී විමල් කැටිපේ ආරච්චි සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
"ඒ ගොල්ලො යාළුවො මල්ලි.. අපිට තමයි මේ ඔක්කොම !"
රන්ජන්ට මම කැමතියි. ඔහු මේ ජරා ගොඩේ 'නොගැලපෙන වචනයක්' !
රංජා ළඟ තිබ්බ අසභ්‍ය තැටි වලින් රජය අපහසුතාවයට පත්වුනේ කෝමද ? 'කන්පියුස්' නැද්ද ?
T
The Leader Desk
January 4, 2020 • 5:41 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එජාප මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පරික්ෂා කිරීමේදී රජය අපහසුතාවයට පත් කිරීම සඳහා භාවිතා කළා යැයි සැක කෙරෙන සංයුක්ත තැටි කිහිපයක් සමග අසභ්‍ය සංයුක්ත තැටි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි ආණ්ඩුවට හිතවත් මාධ්‍යය කිහිපයක පුවත් වාර්තා පළවීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ ජනප්‍රිය චරිත ඉලක්කකර ඕපාදුප සංසරණය වෙමින් තිබේ.
- ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති චාමික ජනකාන්ත අල්විස් (chamika janakantha alwis) මෙසේ පවසයි.
- ''DVD ටිකක්නං ගත්තු බව දැක්කා...
- රන්ජන් රාමනායකගේ නිවසින් අසභ්‍ය සංයුක්ත තැටි හමුවීමේ කතාව මෙසේ සංවාදයට ලක්වෙද්දී පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


