The Leader News
BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත වැඩි‌ වෙලා ! - 'වෙරිටේ රිසර්ච්'

T

The Leader Desk

July 5, 2023 • 2:37 PM

ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත වැඩි‌ වෙලා ! - 'වෙරිටේ රිසර්ච්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'වෙරිටේ රිසරච්' සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ 2023 ජූනි මස ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 21%ක් (වැරදි ආභිතය ± 2.68%), දක්වා ඉහළ ගොස් තිබේ.
  • එය, 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාස දෙකෙහිදීම වාර්තා වූ 10%ක අගයට වඩා දෙගුණයකින් ඉහළ යෑමකි.
  • රටේ වැඩකයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ද, ජනතාව වඩාත් තෘප්තිමත් බව මෙවර සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පෙනී යයි.
  • ජූනි මාසයේ මෙම අගය 12%ක් වන අතර (වැරදි ආභිතය ± 2.21%), 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාසවල මෙම අගය පැවතියේ පිළිවෙලින් 4%ක සහ 7%ක මට්ටම්වලය.
අකුරු ප්‍රමාණය (Font Size):


'වෙරිටේ රිසරච්' සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ 2023 ජූනි මස ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 21%ක් (වැරදි ආභිතය ± 2.68%), දක්වා ඉහළ ගොස් තිබේ.

එය, 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාස දෙකෙහිදීම වාර්තා වූ 10%ක අගයට වඩා දෙගුණයකින් ඉහළ යෑමකි.

රටේ වැඩකයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ද, ජනතාව වඩාත් තෘප්තිමත් බව මෙවර සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පෙනී යයි.

2023 ජූනි මාසයේ මෙම අගය 12%ක් වන අතර (වැරදි ආභිතය ± 2.21%), 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාසවල මෙම අගය පැවතියේ පිළිවෙලින් 4%ක සහ 7%ක මට්ටම්වලය.



''රටේ වැඩකටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැනත් ජනතාව වැඩියෙන් තෘප්තිමත්''

VR

මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ද, ඇගයුමට ලක්කර තිබෙන අතර, ජූනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 43.8ක් (-43.8) ලෙසය. එනම්, ගෙවුණු පෙබරවාරි සහ පසුගිය ඔක්තෝබර් මාස දෙකටම වඩා දියුණුවකි. නමුත් තවමත් එය පවතින්නේ සෘණ අගයකය.

රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය ඇගයීමට බහුවර්ණ ප්‍රශ්න භාවිතා කර ඇත. එම ප්‍රශ්නවලට ලැබී තිබෙන ප්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත.

0ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ.

ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුමදෙනා සිතන්නේ නම්, ලැබෙන අගය සෘණ 100ක් (-100) වේ.

රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුමට  2023 ජූනි මාසයට ලැබී තිබෙණ ප්‍රතිචාර අනුව රටේ ජනතාවගෙන් 0.8% ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් සිටින අතර, 26.6%ක ප්‍රතිශතයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින්ය. ඒ අතරවාරයේම, 28.8%ක ප්‍රතිශතයක ජනතාව සිටින්නේ ආර්ථිකය යහපත් අතට හැරමෙන් පවතින්නේය යන අදහසින්ය. මෙම සියලු අගයන් එක්ව ගත්විට ආර්ථිකය ගැන තිබෙණ විශ්වාසයට ලැබෙන්නේ සෘණ 43.8ක (-43.8) අගයකි (-44ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා තිබේ). මෙම අගය 2022 ඔක්තෝබර් මාසයේදී මෙන්ම 2023 පෙබරවාරි මාසයේදී ද, පැවතුණේ සෘණ 78ක (-78) මට්ටමකය.


‘රට හිතන හැටි’ ජනමත විමසුම

Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකර ඇත. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක්‍රමයේ විශේෂත්වයයි. 'වෙරිටේ රිසර්ච්' මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1,008ක නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...