පස් අවුරුද්දකට ඉහතදී සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලේ කැණීම් පිළිබඳව

විමර්ශන වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

රජයට අයත් දෙපාර්තමේන්තු විසි හතක නියෝජිතයන්, අතුරුදහන් තැනැත්තන්ගේ කාර්යාලයේ නීතිඥයන්, අධිකරණ වෛද්‍ය නිලධාරී,  යුද හමුදාව, පොලිසිය සහ අතුරුදහන් කළවුන්ගේ ඥාතින් ඇතුළු පාර්ශවයන් ජුලි 06 වෙනිදා පැවති නඩු විභාගයට කැඳවා තිබිණි.

2018 වසරේ ඉදිකිරීම් කටයුත්තකදී යාමේදී හඳුනාගත් මන්නාරම සතොස සමුහ මිනී වල පසුව කළ කැනීම් වලදී බාල දැරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගෙන ඇත.

niranjan''සියලු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් උසාවිය තීරණය කළා තවදුරත් කැනීම් කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒ වෙනුවට අතුරුදහන් කළවුන් වෙනුවෙන් විමර්ශන වාර්තාවක් කැඳවන්න,''  යැයි මන්නාරමේ අතුරුදහන් කළවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී. එස්. නිරන්ජන් පැවසුවේය.

ඒ  අනුව අධිකරණ වෛද්‍යවරයාට නියෝග කර ඇත්තේ දැනට කැනීම් වලදී සොයා ගත් මිනිස් සිරුරු කොටස් ගැන හා  ඉදිරි කටයුතු සිදු කළ යුතු අයුරු පිළිබඳව පැහැදිලි කරමින් වාර්තාවක් ලබා දෙන ලෙසයි.

ගොඩගන්නා ලද අස්ථි කැබලි අතරින් එක්සත් ජනපද විද්‍යාගාරයකට යවන ලද සාම්පල ලන්දේසි යටත් විජිත සමයට අයත් බවට දී ඇති වාර්තාව පිළිගත නොහැකි එකක් ලෙසින් කැනීම් වලට දායකත්වය දුන් පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

ඊළඟ නඩු වාරය සැප්තැම්බර් 12 සහ 13 දෙදින කැඳවීමට නියමිතයි.

ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනමාධ්‍යවේදියෝ [JDS], ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය [ITJP], මානවහිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය[CHRD], අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව [FOD] ඇතුළු සංවිධාන එක්ව පසුගියදා නිකුත් කළ '' ශ්‍රිලංකාවේ සමුහ සුසාන හා අසාර්ථක කැනීම්''  වාර්තාව මගින්  පෙන්වා දී ඇති පරිදි මන්නාරම සතොස සමුහ මිනී වලේ ගොඩ ගත් මළ සිරුරු සම්බන්ධයෙන් වූ අධිකරණ වෛද්‍ය වාර්තාව 2019 ජුනි 30 වැනි දා වන විට බාර දීමට නියමිත වුවද තවමත් එය බාර දී නැත. මෙම මිනී ගොඩ ගැනීම පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන්නන් සැකයෙන් පසුවන අතර ප්‍රමාදය ගැන ඉදිරිපත් කරන කරුණු ගැන අවිශ්වාසය පළ කරන බව වාර්තාව පෙන්වා දී ඇත.


සබැඳි පුවත් :

අලුත්ම සමූහ මිනීවල හාරන ආකාරය ගැන දෙමළ පිරිස් නොසතුටින්

අලුත්ම සමූහ මිනීවලේ කැනීම් සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

ඇටකටු හමුවූ මුලතිව් සමූහ සුසානයේ කැනීම් 6 දා ඇරඹීමට නියෝග

වන්නියෙන් ඇටසැකිලි මතුවුයේ සමූහ සුසානයකින්දැයි සැකයක්

තොග පිටින් වලලන්න දක්ෂ රටේ ගොඩගන්න අදක්ෂකම හෙළිවන වාර්තාවක් 

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්