එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී නිල නිවසේ තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ

හඬපට අතර තිබු බව පැවසෙන, රන්ජන් මන්ත්‍රීවරයා හා අධිකරණ විනිසුරුවරියක් සමග සිදුකරන දුරකත කතාබහ මේ වනවිට සමාජය තුල ගැඹුරින් සංවාදයට ලක්වෙමින් තිබෙන අතර එය ඇතැමුන් විසින් හඳුන්වා ඇත්තේ අධිකරණයට සිදු කළ බරපතල බලපෑමක් ලෙසය.

ප්‍රකාශිත එම සංවාද හරහා ශ්‍රී ලාංකීය අධිකරණය ක්ෂේත්‍රය පිළිබඳව මෙතෙක් පැවති යම් තරමක හෝ ජනතා විශ්වාසයන් මුළුමනින්ම කුඩුපට්ටම් වී ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයින් ද පවසති.

කෙසේවුවද 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය අතීත සිදුවීමක් සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.

"ඊවා ඔයා වැඩ ඇරිල යන ගමන් මේ පැත්තෙ එන්න කීව,
මම ගිහින් මහින්ද ජනාධිපති තුමාව හම්බ උනා,
එතුමා කිව්ව ඊව මට ඔයාව ශ්‍රේෂ්ඨාධිකරණයට දාන්න ඕනෙ කියල,
මම කැමති උනා, එතුමායි මායි දෙන්නම ලෝකොලෙජ් යන කාලෙ ඉඳන් යාලුවො"

 

''ඊව ඔයා වැඩ ඇරිල යන කොට මේ පැත්තෙ එන්න කියල නේද මහින්ද එයාගෙ යාලුවාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැම්මෙ? ඊව නේ ඒක පත්තරවලට කිව්වෙ''

 

විනිසුරන්ගේ දුක කියන්න කෙනෙක් නැහැ !

රන්ජන් රාමනායකගේ හඬපටයක් හරහා ඇතැම් මාධ්‍ය විනිසුරුවරියක් ඉලක්කකර ගනිමින් පහරදීම සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති උවිඳු කුරුකුලසූරිය මෙසේ ද සටහනක් පළකර ඇත.

''විනිසුරුල කියන්නෙ අන්ත අසරණ අය. මොකද ඒ ගොල්ලන්ගෙ දුක්ගැනිවිලි කියන්න කියන්න කිසිම කෙනෙක් නැහැ.
ජැජ් රන්ජන්ට කතා කිරීමේ වරදක් නැහැ, නමුත් දුමින්ද කේස් එක ගැන රන්ජන් ජැජ්ට කතා කිරීම වැරදියි.
ශානිත් කියනවනෙ අනේ බුදු සර් ආයෙ නම් කතා කරන්න එපා කියල. අවුරුදු පහකට ඇතුලට දාන්න පුලුවන් කියල.
ජැජ්ල ඕන තරම් ඒ ගොලන්ගෙ දුක්ගැනිවිලි මාත් එක්ක කියල තියෙනව. සමහර ජැජස්ල පත්තර කන්තෝරුවලටත් එනව.
ඇත්තටම ඒ ගොල්ල ගොලුවො. දුක කියන්න කෙනෙක් නැ.''

 

''මට නම් මාර ආතල්'' - සිරිමල් කියයි

ඒ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හා  අධිකරණ විනිසුරුවරිය අතර සිදුකරන දුරකත කතාබහ සම්බන්ධයෙන් පලවන විවේචන පිළිබඳව සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රකට සමාජ විචාරකයකු වන සිරිමල් විජේසිංහ පවසන්නේ,''මට නම් මාර ආතල්'' කියාය.

text 8 3'රංජා වැනි මරාගෙන මැරෙන බෝම්බ කරුවන් අනන්ත ලෙස මේ සුර පුරට බිහි වේවා! '' යයි  ඔහුගේ ප්‍රාර්ථනයයි.

සිරිමල් විජේසිංහ ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද සටහන් කර තිබේ.

''රංජාගේ යැයි සැක කෙරෙන හඬපට එළියට ඒමෙන්, මේ ඊනියා අධිකරණය ස්වාධීන යැයි සිතන සුද්දවන්තයින්ගේ කන්‍යා පටලය ට කෙළ වී තිබේ. මට නම් මාර ආතල්ය. අපේ අධිකරණය, කිසි දා සර්ව සම්පූර්ණව ස්වාධීනව තිබී නැත. පෘතග්ජනයින් ද වන බොහෝ විනිසුරන්, විවිධ පැති වලින් පක්ෂග්‍රාහීය. මේ ඊනියා අධිකරණය නිසා නිවැරදි කරුවන් - වැරදිකරුවන් වූ අවස්ථාවන් එමට තිබේ. එසේම වෙනත් රටවල අධිකරණයන් ද, අප සිතන තරම් ස්වාධීන නැති බව චිත්‍රපට බලන විට වැටහේ.

රාජ්‍ය තන්ත්‍රයේම කොටසක් වන, නීතිය සහ අධිකරණය යනු ජනතා පීඩක මර්ධන යන්ත්‍රයන් බව මුලින්ම ලොවට කී, මාක්ස් සහ එංගල්ස් යන යෝධයින් ගැන දැන් කාට කාටත් අමතකය.

රන්ජාගේ වැනි හඬ පට, මෙරට පුරවැසියන් රාශියක් අත තව තවත් තිබෙනවා නිසැකය. මාගේ ආතල් එක නම් ඒවා ද එළියට විත් මේ රටට කෙළ වෙන එක දිහා සතුටින් බලා සිටීමය.

තව ද රංජා වැනි මරාගෙන මැරෙන බෝම්බ කරුවන් අනන්ත ලෙස මේ සුර පුරට බිහි වේවා !!!!! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්