රන්ජන් රාමනායකගේ හඬ පට වලින් අපහසුතාවයට පත් පුද්ගලයින්ට,  රන්ජන්ට එරෙහිවත්  ඒවා ප්‍රචාරය කළ මාධ්‍ය ආයතන වලට එරෙහිවත් සිවිල් සහ අපරාධ නඩු පැවරිය හැකි බව නීතිඥ අචලා සෙනවිරත්න පවසයි.

යම් කිසි පුද්ලයෙක් තවත් අයකු හා කරන දුරකතන සංවාදයක් අනවසරයෙන් පටිගත කර තෙවන පාර්ශවයක් වෙත මුදා හැරීම අපරාධමය වරදක් මෙන්ම සිවිල් වරදක් ද වන බවත් ඇය  කියා සිටියි.

එමෙන්ම එළෙස රහසිගතව පටි ගත කරන ලද ප්‍රකාශයක් වෙනත් තුන්වන පාර්ශවයක් විසින් ප්‍රසිද්ධියට පත් කරන්නේ නම් එම පාර්ශවය කරන්නේ ද නීතිමය වරදක් බව ඇය අවධාරණය කර සිටියි.

එවැනි අවස්ථාවක දී අගතියට පත් පාර්ශයට පටිගත කරන ලද පුද්ගලායාගෙන් මෙන්ම ප්‍රකාශයට පත් කරන ලද පුද්ගලයාගෙන්ද වන්දි ලබා ගැනීමේ අයිතියක් සහ හැකියාවක් පවතින බව ද ඇය පෙන්වා දෙයි.

Achala textසිංහලකම බෞද්ධකම ගැන ලොකුවට කතා කරන දිවයින ....

දුරකථන සංවාදයක් යනු පුද්ගලික කාරණාවකි. එවැන්නක් පටිගත කිරිමත් මහජනයා වෙත කවර ආකාරයකින් හෝ බෙදා හැරීමත් අපරාධමය වරදකි. පුද්ගලික කාරණාවක් ප්‍රසිද්ධ කාරණාවක් බවට පැමිණ වීම නිදහසට බාධාවකි. එමගින් සිය කීර්තානාමයට හානි වන තැනැත්තන් හට වන්දි ලබා ගැනීමේ හැකියාව තිබේ.

පුද්ගලික දුරකථන ඇමැතුම් අධිකරණමය නියෝගයකින් තොරව ලබා ගැනීමට පොලීසියට හෝ හැකියාවක් නැත.

එසේ නමුත් මෙරට දී නම් රංජන් විවිධ පුද්ගලයින් සමඟ කරන ලද අතිශය පුද්ගලික කතා බව අඩංඟු පටිගත කිරීම් සමාජයට මුදා හරිමින් සිටින්නේ වත්මන් ආණ්ඩුවවේ ප්‍රබලයින් විසින් මෙහෙයවන වෙඩ් අඩවි සහ සමාජ ජාල විසිනි. 

සිංහලකම බෞද්ධකම ගැන ලොකුවට කතා කරන දිවයින පුවත්පත පසු ගිය සති අන්තයෙහි එවැනි අතිශය පුද්ගලික කතාබහක් වචනයෙන් වචනය ලියා පළ කර තිබුණි. ජනාධිපතිවරණයට දිනක් තබා ගෝඨාභය රාපක්පක්ෂගේ විශේෂ සාකච්ජාවක් අන්තර් ජාලයට මුදාහළ ඉරාජ් නම් ගායකයාගේ සමාජ ජාල ද ඒ අතර වේ.

''එංගලන්තයේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැ''

t1larg.notw.goodbye.gi                                                                                                               ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්’
මේ සම්මීබන්ධයෙන් සටහනක් තබන ලංකා ඊ නිව්ස් පෙන්වා දෙන්නේ එංගලන්තයේ ප්‍රකට මාධ්‍ය ව්‍යාපාරික පවුලක් වන මර්ඩොක් පවුලට අයත් පුවත් පතක් වූ ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්’ පුවත්පත, පුවත් ලබා  ගැනීම සඳහා ඉහත ආකාරයට දුරකථන ඇමැතුම් හොරෙන් පටිගත කර හසුවීම හේතුවෙන් එකී පුවත් පත වසා දැමීමට අධිකරණය නියෝග කල බවයි.  

එහි කතුවරුන්ට වාර්තාකරුවන්ට හිරේ ලැගීමට සිදුවිය. වසා දමන විටත් පුවත් පතට මිලියනයකට වඩා වැඩි අලෙවියක් තිබිණ. වඩාත් වැදගත් දේ 2011 දී එය වසා දැමීමට නියෝග කරන විට එය වර්ෂ 168 ක් තිස්සේ (1843 සිට) ප්‍රකාශයට පත් කර තිබීමයි.

එංගලන්තයේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැත.

නීතිඥ අචලා සෙනවිරත්නගේ ප්‍රකාශය පහත පළවේ.

                                                              
(උපුටා ගැනීම් - srilankabrief.org)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image