leader s

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන්ට නිදා ගැනීමට මෙට්ටයක් ලබාදෙන්නැයි

කළ ඉල්ලීම බන්ධනාගාර නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.

 විනිසුරුවන්ට බලපෑම් කලබවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් මත රිමාන්ඩ් භාරයට පත්කර සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේවනවිට මැගසින් බන්ධනාගාරයේ 'පී' වාට්ටුවේ රඳවා සිටියි.

එම වාට්ටුවේ තවත් රැඳවූවන් 4 දෙනෙකු පමණ රඳවා සිටින අතර ඔවුන් පස්වරු 5.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා එම වාට්ටුවේ වෙන වෙනම  සිර මැදිරිවල රඳවා තබන බව බන්ධනාගාර ආරංචි පවසයි.

බන්ධනාගාර නීතියට අනුව බන්ධනාගාර නිලධාරීන්ට රැඳවියන්ගේ ඉල්ලීමකට මෙට්ටයක් ලබාදීමට නොහැකිය. එය නිර්දේශ කළයුත්තේ වෛද්‍යවරයෙකු වන අතර ඊයේ දිනයේ මන්ත්‍රීවරයා වෛද්‍යවරුන් විසින් පරීක්‍ෂා කර තිබෙන අතර ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවට වෛද්‍යවරුන් සහතික කර තිබේ.

 

'විග්' ගලවා හිස බූ ගාලා !

රිමාන්ඩ් භාරය ඉතාමත් සතුටින් පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මෙතෙක් පැළඳ සිටි බොරු කොණ්ඩය ගලවා බාබර් පාටියේ සිරකරුවෙකු ලවා සම්පූර්ණයෙන්ම හිස බූ ගා ඇතැයි මැගසින් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ පිළිබඳව මැගසින් බන්ධනාගාරයේ  නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ සැකකාර මන්ත්‍රීවරයා ‘පී‘ සිරකුටිය තුළ හිස මුළුමනින්ම බූ ගා ගෙන සිටින බවය. ඔහු පැළඳ සිටි බොරු කොණ්ඩයද ගලවා දමා ඇතැයි ද ඔහු පැවසීය.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊයේ මන්ත්‍රීවරයා රදවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියේය.

හරීන් ප්‍රනාන්දු, පාලිත තෙවරප්පෙරුම, හේෂා විතානගේ සහ අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එලෙස පැමිණි කිහිප දෙනෙකි.

කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් පිටව යන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසිය. 


මේ අතර මහනුවරදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්