leader s

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබිය.


විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කියා සිටියේ තමන් ගේ නිවසේ තිබු හඬ පට නිසා පවුල් ගැටළු ඇතිවූ, සිත් තැවුල් ඇතිවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය ඇතුළු සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බවයි. 

එම හඬපට අඩංගු දෘඩ තැටි නිවසේ තබාගෙන සිටියේ බොරු කියන පුද්ගලයින් සිටින මේ රටේ ජනතාවගේ මුදල් විනාශ කරන සොරුන්ට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුමේදී අවශ්‍ය සාක්ෂි ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් බවයි.

දුෂණයට එරෙහිව මා සමග කතා කළ තොරතුරු දුන් අධිකරණ නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු සියලු දෙනා ගෙන් ඉල්ලා සිටිනවා, පටන් ගත් සටන ජයග්‍රහණය තෙක් අත්නොහරින්නයි කියලා රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කියා සිටියා.

එක්තරා මාධ්‍ය නාලිකාවක් විසින් තමන්ව ඉලක්ක කර ගනිමින් මෙම හඬ පට නිකුත් කිරීම සිදුකරනු ලබන බව මෙහිදී මන්ත්‍රිවරයා කියා සිටියේය.

අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කර සිටියේ මෙම හඬ පට සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ කොමිසමක් පත් කළ යුතු බවයි. එලෙස විශේෂ කොමිසමක් පත් කිරීමට හැකි නම් සිදුකරන ලෙසත් එම කොමිසමට තමන් ෆයිල් පිටින් රැගෙන එන බවත් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
 
'එදා සව්දි අරාබියට ගෘහ සේවිකාවක් විදිහට ගිහිල්ල, මරණ දඬුවමට නියමවෙලා හිටිය, රිසානා නෆීක්ව බේරගන්ඩ මන් කතාකළා, පුලුවන් හැමදේම කළා, ඒ වෙලාවෙ මහින්ද මහත්තය මට කතාකරල හොඳටම බැන්න, රටට විදේශ විනිමෙ එන එක නවත්තන්ඩද යන්නෙ කියල දිගටම බැන්න මට, මන් ගාව ඒ හඬ පටයත් තියෙනව, ඒ ඔක්කොම මන් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනව'' යයි ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පැවසිය.
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්