The Leader News
BREAKING
Top Ad
පුවත්

ක්‍රිශාන්ත කුරේ, ස්විට්සර්ලන්ත තනාපති නිළධාරිනියට 'කෝල්' ගත් කතා පට්ටපල් බොරු -එජාපය

T

The Leader Desk

January 24, 2020 • 5:21 AM

 ක්‍රිශාන්ත කුරේ, ස්විට්සර්ලන්ත තනාපති නිළධාරිනියට 'කෝල්' ගත් කතා පට්ටපල් බොරු -එජාපය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැහැරගැනීමට ලක් වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අයගේ දුරකතන වාර්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 21 දා අධිකරණයට
  • විපක්‍ෂනායක කාර්යාලයේ ඊයේ (23දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.
  • පෙරේරා ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය.
  • ඒ වගේම ඔහු රිවිර පබ්ලිකේෂන්ස් ආයතනයේ රිවිර හා නේෂන් පුවත්පත් ඇතුළු තවවත් පුවත්පත් කිහිපයක් ප්‍රකාශයට පත් කරා.
අකුරු ප්‍රමාණය (Font Size):

කරුණු වාර්තා කිරීමේදී, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු වන ලේක්හවුස් ආයතනයේ හා හිල්ටන් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ ගේ නමද සඳහන් කර තිබු බවට මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද ඔහු කිසිඳු අවස්ථාවක ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් සමග දුරකතනයෙන් කතාකර නැතයි එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි.

එසේම ඔහු කිසිඳු අවස්ථාවක එම කාන්තාව හමුවී හෝ ඇයට වෙනත් වෙනත් ආකාරයකින් හෝ පණිවිඩ යවා නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

විපක්‍ෂනායක කාර්යාලයේ ඊයේ (23දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය.

''ක්‍රිශාන්ත කුරේ ලේක් හවුස් සභාපතිවරයා වශයෙන් අපේ රජය කාලේ කටයුතු කරා. ඒ වගේම ඔහු රිවිර පබ්ලිකේෂන්ස් ආයතනයේ රිවිර හා නේෂන් පුවත්පත් ඇතුළු තවවත් පුවත්පත් කිහිපයක් ප්‍රකාශයට පත් කරා. ඔහු එහි  ප්‍රධාන විධායක නිළධාරියා වශයෙන් කටයුතු කරා.

ඒ වගේම ඔහුගේ ලොකු තාත්තා, එවන්ස් කුරේ මේ රටේ මාධ්‍ය පරිපාලනය පිළිබඳව හිටපු විශිෂ්ඨතම පුද්ගලයෙක්.  Ajith P 2020

''ක්‍රිශාන්ත කුරේ ඔය ස්විස් කාන්තාව එකක් කතා කර බවට කිසිදු කරුණක් නැහැ. මේ ප්‍රශ්නය මේ විධියට මේ ත්‍රාසය ජනවන අකාරයට සැකයක් මතුකරන ආකාරයට සකස් කරමින්, සංස්කරණය කරමින් , මේ බී වාර්තා ඉදිරිපත් කරලා ඒ බී වාර්තාව හරහා පුවත් මවනවා''- අජිත් පෙරේරා
 

එතකොට ක්‍රිශාන්ත කුරේව ස්විස් එම්බසියේ කාන්තාවක් පැහැරගෙන යෑමේ සිදුවීම ගැන  සම්බන්ධ කරන්නට තුඩු දෙන ආකාරයේ ව්‍යාජ නැත්නම් අතිශෝක්තියෙන් ලියන ලද කරුණු දැන් දින දෙකක් පමණ තිස්සේ මාධ්‍යවලට නිකුත් වෙනවා.  

මොකක්ද තියෙන සාක්ෂිය ? මොකක්ද මේ කියන කතාව ? පොලීසිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න, ක්‍රිශාන්ත කුරේ ලේක් හවුස් සභාපති තමන්ගේ යටතේ තිබෙන සන්ඩේ ඔබ්සව් පත්තරයේ ප්‍රධාන කතෘ  තුමියට කතා කර. ඒ කතා කරපු වේලාව කියන්නේ තප්පර ගණන් වලින්, තප්පර මේච්චර කතා කරා, තප්පර වලින් කතා කරත්, විනාඩි ගණන් කතා කරත්, පැය ගනන් කතා කරත්, තමන් ලේක් හවුස් සභාපති තමාගේ පත්තරේ තිබෙන එඩිටර්ට කතා කරන එක අපරාධයක්ද ඒක නිව්සු එකක්ද ? සැක කටයුතු ප්‍රශ්නයක්ද? 

එතකොට මෙතන සම්පූර්ණයෙන්ම මේ ක්‍රිශාන්ත කුරේ යම් ආකාරයෙන් අපහසුතාවයට පත්වෙනවා. ඔහුට ‍එරෙහිව යම් අප කීර්තියක් ඇති කරන්න, ඔහුට එරෙහිව සමාජ මතයක් ගොඩනගන්න, උත්සහයක් තමයි මේ පොලීසිය අරගෙන යන්නේ. 

ක්‍රිශාන්ත කුරේ ඔය ස්විස් කාන්තාව එකක් කතා කර බවට කිසිදු කරුණක් නැහැ. මේ ප්‍රශ්නය මේ විධියට මේ ත්‍රාසය ජනවන අකාරයට සැකයක් මතුකරන ආකාරයට සකස් කරමින්, සංස්කරණය කරමින් , මේ බී වාර්තා ඉදිරිපත් කරලා ඒ බී වාර්තාව හරහා පුවත් මවනවා. 

ඒ නිසා ඒ පවුල්වල සමාජිකයෝ , හිතමිතුරන් බලවත් කනගාටුවකට කම්පනයකට පත්වේලා තියෙනවා. ඒ වගේම යම් විධියකට නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීමට සැරසෙනවාලු. යම් දේශපාලන පලි ගැනීමකට ලැස්තිවෙනවද ? කියන කාරනය ගැන මේකේ ප්‍රශ්නයක් මතු වෙනවා. 

මේකේ සමස්ත පණිවිඩය තමයි ක්‍රිශාන්ත කුරේටත් මෙහෙම වෙනවනම් අපට මොකද වෙන්නේ කියලා මේ රටේ මාධ්‍ය කරණයේ ඉන්න ඔබ වැනි සමාණ්‍ය මාධ්‍යයවේදීන්ගේ ඉදලා මෙරටේ ඉන්න ජේෂ්ඨතම මාධ්‍ය කළමනාකරුවාන් අද කල්පනා කරන්න පටන් අරන් ඉන්නවා.


වීඩියෝ 


''මාධ්‍යයට සම්බන්ධ කිහිප දෙනෙක් රටින් ගිහින්'' - ඉරාන්


මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසුයේ, යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මාධ්‍යයට සම්බන්ධ කිහිප දෙනෙක් ම ජිවිත අරාක්ෂාව පතා රටින් පලාගොස් ඇති බවයි. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක්ද එසේ ශ්‍රී ලංකාවෙන් සිය කාර්යාලය ඉවත්කර ගෙන ඇත.

''යහපාලන ආණ්ඩුව පැවති පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ කිසිදු මාධ්‍යවේදියෙකු රට අත්හැර නොගිය බවත්, එහෙත් වත්මන් රජය බලයට පත්වී දවස් හැටක කාලය තුළ මාධ්‍යයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු රට අත්හැර ගොස් ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසීය.

ඒ අනුව අද වනවිට රට තුළ තිබූ මාධ්‍ය නිදහස වෙනස් වෙමින් පවතින බව ඔහු කියා සිටියේය.

වත්මන් රජය යටතේ ජනතාව මෙන්ම මාධ්‍ය බිය ගන්වා රට තුළ විනය සෑදීමට උත්සාහ ගන්නා බවත්, රට තුළ විනය ගොඩනැගිය හැක්කේ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.
ERAN
එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළකළ මන්ත්‍රීවරයා,

“එක එක වචන පාවිච්චි කරනවා අලුත් රජය. විනයක් තියෙන්න ඕන වැනි වචන භාවිත කරනවා. මේක හිතුවද පාසල් යන දරුවන් කියලා. මේ ඇවිල්ලා පුරවැසියන්. පාසල් දරුවන් නෙවෙයි. විනය ගේන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක වීමෙන් පමණයි.

මිනිස්සු බය කරලා මාධ්‍ය භය කරලා මොකක්ද මේකෙන් වෙන්නේ? එක මාධ්‍යවේදියෙක් පසුගිය අවුරුදු හතර තුළ රට අතහැරලා ගියාද? එක්කෙනෙක්වත් රට අතහැරලා ගියේ නෑ. මම කියනවා රට අතහැරලා ගියා නම්, නම් කරන්න කියලා. මේ දවස් හැට තුළදී මාධ්‍යයට සම්බන්ධ කිහිපදෙනෙක්ම දැනටම රට අතහැරලා ගිහිල්ලා" යනුවෙන් පවසා සිටියේය.


සබැඳි පුවත් :
ස්විස් තානාපති නිලධාරිනියගේ නඩුවට ක්‍රිෂාන්ත කුරේත් පටලවයි : ලේක්හවුස් සභාපති කතුවරියකය 'කෝල්' අරගෙන!

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...