මනෝ තිත්තවැල්ල මිය ගිහින්. මට ඔහු සමඟ ඔය කොක්ටේල් කීපයක හමුවෙලා කරපු පොඩි පොඩි කතා ඇරැන්නෙ ලොකු සම්බන්ධයක් නැහැ. ඒත් මම දන්න දෙයක් කියන්න ඕනෙ.

එයා දක්‍ෂ සාකච්ජාකරුවෙක්. එයා චන්ද්‍රිකා-මංගල ගැන්සියෙ තමා හිටියෙ. ඒක එච්චර වැදගත් නැහැ මට. කොටින්ම ලංකාවෙ මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දියුණම ව්‍යවස්ථා කෙටුම්පත ගැන යූඑන්පී එක එක්ක සාකච්ඡා කරන්නත් චන්ද්‍රිකා දැම්මෙ අවසාන මොහොතෙ මනෝව. ඒ සකච්ඡාවලට කිව්වෙ මනෝ-මලික් සකාච්ඡා කියල. රනිල් දැම්මෙ මලික් සමරවික්‍රමව. ඒකයි එහෙම කිව්වෙ. 

ජාතික ප්‍රශ්ණය/ජනවර්ග ප්‍රශ්ණ, ඉඩම් ප්‍රශ්ණ, පොලිස් බලතල, අධිකරණ, මානව හිමිකම් ඇතුලු සියලු වාද විෂයන් ගැන ප්‍රධාන දකුණේ දේශපාලන පක්‍ෂ දෙක අතර එකඟතාවයක් තිබ්බෙ. දෙමළ මුස්ලිම් පක්‍ෂත් එකඟ වෙලා තිබ්බෙ ඒකට, ප්‍රභාකරන්ගෙ තුවක්කුව එල්ලවෙලා ඒකට බයේ හිටපු දෙමළ සන්ධානයේ ඇර. ඒත් වැදගත් දේ දකුණේ ප්‍රධාන පක්‍ෂ දෙක එකඟවූ විසඳුම ඒකෙ අඩංගුවෙලා තිබ්බ එක.Mano text

අන්තිමට මනෝ-මලික් සාකඡාත් සාර්ථක වෙලා පහුවදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවස. උන වැඩේ මොකක්ද? චන්ද්‍රිකා එක්ක වෙන ප්‍රශ්ණ හදාගෙන හිටපු වික්ටර් අයිවන්, රොයිටර් එකේ වරුණ කරුණාතිලකට කියල රනිල් එක්ක සාකච්ඡාවක් හාදාගෙන එදා රාත්‍රියේ රනිල්ගෙ ගෙදරට ගියා. 

රනිල්ට දුන්න දේශණාවක් අයිවන් ඇයි ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වෙන්න ඕනෙ කියල. මොකද කෙටුම්පතේ තිබ්බ අන්තර් කාලීන විධිවිධානයක් - ව්‍යවස්ථාව සම්මත උනත් චන්ද්‍රිකාගෙ ධූර කාලය නිමවන තෙක් ඇය ජනාධිපති කියල. ඒක සාමාන්‍ය දෙයක්. ඒක උනත් අයින් කර ගන්න තිබ්බ ඕනෙ නම්. "ඕක සම්මත උනොත් ඔයාට අනාගතයක් නැහැ, චන්ද්‍රිකා කිසිම ද්විපාර්ශවික සහයෝගයකට මෙතෙක් වැඩ කරල නැහැ, ජනාධිපති ආරක්‍ෂක අංශෙ යොදවල විරුද්ධ පක්‍ෂෙ මර්දනය කරනවා," වගේ සිල්ලර කතා.
අර සෙවල රනිල් අයිවන්ට කිව්ව ඒ කියපු ඒව ලියල දෙන්න කියල. අයිවන් එවෙලෙම පෑනකුයි කොලේකුයි ඉල්ලගෙන ඒව ලියල දුන්න. රනිල් මීමා කරේ පහුවදා ගොන් කතාවක් කරල අර වික්ටර් අයිවන් ලියල දුන්න එක සභාගත කරපු එක. ඒකරල ගෝලයො දාල ඒ ව්‍යවස්ථා කෙටුම්පත ගිණි තියපු එක පාර්ලිමේන්තුව ඇතුලෙ.

මම ඒකාලෙ ලංකාවෙ හිටියෙ නැහැ. මම 2001 දී එංගලන්තෙ ඉඳන් ආපහු ලංකාවට ගියාම ඉන්දික ගුණවර්ධන මට කිව්ව බලන්නකො වෙච්ච දේ කියල. මොකද හේතුව, එදා එයාට තැපෑලෙන් ඇවිත් තිබ්බ ඒ විවාදෙදි ඔක්කොම පක්‍ෂ නායකොයො කරපු කතා එකතුකරල ගහපු පොතක්. මම ඒක ඉල්ලගෙන ගිහින් එදා රාත්‍රියේ මුලු පොතම කියෙව්ව. සභාගත කරපු ලේඛණ කියවන කොට, රනිල් සභාගත කරල තියෙන ලියවිල්ල හොඳට දන්න ශෛලියකින් ලියපු එකක්. 

ඒකෙ තියෙන්නෙ රටක නායකයෙක් වෙන්න හිතන විපක්‍ෂ නායකයෙක් සභාගත නොකල යුතු මට්ටමේ තුට්ටු දෙකේ කතා. මම පහුවදාම රාවයට ගිහින් ඒක පෙන්වල අයිවන්ගෙන් ඒ ගැන ඇහැව්ව. එයා හිනාවෙලා කිව්ව, මිනිහ හිරවෙලා හිටියේ කර කියගන්න දෙයක් නැතිව, පහුවදා ඡන්දෙ දෙන්න සෙට් වෙලා හිටියෙ මනෝ-මලික් සාකච්ඡාවෙන් පස්සෙ, මමයි වරුණයි ගිහින් තමා වෙනස් කරේ, රනිල් කිව්ව ලියල දෙන්න කියල, මම ලියල දුන්න කියල. බොරු නම් අහන්න අයිවන් ෆේස්බුක් එකේ ඉන්නවනෙ.
Mano text 2.3
මම ඒ කාලෙ ලිපියක් ලියල ඇති "නෝන්ජල් රනිල් හා විධායක ජනාධිපති ක්‍රමය" කියල. ඒකෙ මම කිව්ව රනිල් මේ කරපු වැඩේ නිසා එයා කවදාවත් ලංකාවෙ නායකයවත්, ජනාධිපතිවත් වෙන්නෙ නැහැ කියල. ඒව නම් හරි. කාලකණ්ණි සතුටක් තියෙන්නෙ ඒ ගැන. ඔය ලංකාව කුණුවෙලා කිය කිය කිය කිය ඔය රාවය සඟරාව කාලෙ ඉඳන් ලතෝනි දෙන අයිවන් රටට කරපු සේවය තමා ඒ.
ඒත් රටට නව ව්‍යවස්ථාවක් ගෙනත්, රටේ ජනවාර්ගික සාමය, මානව හිමිකම් ආරක්‍ෂාකර ගැනීමට අවංකව ක්‍රියා කල මනෝ ඔබට මගේ ප්‍රණාමය!

(කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරියගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්