මේ රටේ ජිවත්වන මිලියන 22 ජනගහනයෙන් ආදායමක් උපදවන්නේ මිලියන 08ක පමණ පිරිසක් බවත් ඒ අතරින් ද සියයට 12ක් තරුණ ත්‍රීවිල් රියදුරන් බවත්

පවසන ආර්ථික විශේෂඥ ආචාර්ය නාලක ගොඩහේවා, රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා තරුණ තරුණියන් තුල ආකල්පමය වෙනසක් ඇතිකර දැනුම මත පදනම් වූ රැකියා සඳහා ඔවුන් යොමුකිරීමට රජය කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටියි.

මෙරටේ තරුණ කොටස් එවැනි ඵලදායි පුරවැසියන් බවට පත්කරලීමේ කෙටිකාලින හා දිගුකාලින වැඩපිළිවෙලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් හඳුන්වා දී ඇති බවත් එම වැඩපිළිවෙල මේ වනවිටත් ක්‍රියාවට නංවමින් සිටින බවත් නාලක ගොඩහේවා පවසයි.

ආචාර්ය නාලක ගොඩහේවා එබව සඳහන් කර සිටියේ, කථිකාචාර්ය දිලන්ත විතානගේ විසින් මෙහෙයවන 'ලීඩර් ටීවී' හි  ''සිතමු'' වැඩසටහනට එක්වෙමිනි.

වත්මන් තරුණ තරුණියන් මුහුණදී සිටින විරැකියාව හා අධ්‍යාපනය පිලිබඳ ගැටළු සම්බන්ධයෙන් දිලන්ත විතානගේ කළ විමසීමේදී එබව පැවසු ආචාර්ය ගොඩහේවා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

 

''ත්‍රීවිල් තහනම් කිරීම විසඳුමක් නෙමෙයි ''

''අපේ රටේ තරුණයින් වැඩි වැඩියෙන් ත්‍රීවිල් රැකියාවලට යොමුවෙන්නේ ඇයි ද ? කියන කාරණය ගැන රජයක් විදියට අපේ විශේෂ අවධානයක් යොමුකරන්න ඕන. එහෙම වෙන්නේ ඇයි ? පලමු දේ ආකල්පය. තරුණයින් හිතනවා අඩු මුදලක් යටකරලා, ලෙහෙසියෙන් ගානක් හොයා ගන්න පුළුවන් ජොබ් එකක් කියලා. දෙවැනි කාරණය තරුණයින්ට වෙනත් රැකියා නැතිකම. තුන්වෙනි කරණය කුසලතා හිඟකම.

ඉතින් ත්‍රීවිල් තහනම් කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. එහෙම කරන්න ගියොත් ඒ රැකියා අවස්ථාවත් ඔවුන්ට නැතිවෙනවා විතරක් නෙමෙයි, පොදු ප්‍රවාහනයත් ඇද වැටෙනවා. ඒ නිසා රජයක් විදියට අපි මෙරටේ තරුණ තරුණියන් වෙනත් වැඩි ආදායම් ලබන වෘත්තීන් සඳහා යොමුකරන්න ඕන. විශේෂයෙන් දැනුම හා නිපුණත්වය මත පදනම් වූ රැකියා වලට. ඒවගේම ඔවුන්ව හොඳ ව්‍යසායකයින් කරන්න රජය පැත්තෙන් මැදිහත් වෙන්න ඕන...''

 

කාන්තාවන්ට දැනුම මත පදනම් වූ රැකියා !

මේවනවිට මෙරටේ ප්‍රධානතම ආදායම් උපදවන්නේ මැද පෙරදිග ගෘහසේවයෙත්, මෙරට ඇඟවුම් කම්හල්වලත්, වතුකරයේ දළු නෙලන කාන්තාවන් බව පවසන ආචාර්ය ගොඩහේවා, මේවනවිට මෙරට විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යනය හදාරන්නන් අතරින් බහුතරය තරුණියන් බැවින්, ශ්‍රමය මත පදනම් වූ ආර්ථිකයක් වෙනුවට දැනුම මත පදනම් වූ ආර්ථිකයක් කරා මෙහෙයවීමට රජය වැඩපිළිවෙලක් තිබිය යුතු බවද කියා සිටියි.

 

මේ රට දියුණු කරන්න බැරි ඇයි ?

ශ්‍රී ලංකාව අවට කලාපයේ අනෙකුත් රටවල් සීග්‍රයෙන් දියුණුව කරා ගමන් කරමින් සිටියදී, අපේ රට එකතැන පලවෙන්නේ නැත්නම් දිනෙන් දින අගාධයට වැටෙන්නේ ඇයි ද කියන කාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා, රටක දියුණුව රටේ නායකත්වය හා බැඳී තිබෙන කාරණයක් බව කියා සිටියේ සිංගප්පුරුවේ හා මැලේසියාවේ හිටපු රාජ්‍ය නායකයින්ගේ ක්‍රියාමාර්ග හා ආදර්ශයන් පැහැදිලි කරමිනි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආදර්ශයට ගෙන ඇත්තේ එවැනි නායකයින් බව ඔහු කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ කරුණු පැහැදිලි කළේය.

'' ඇත්තටම අපට අවංක දේශපාලන නායකයින්ගේ බරපතල අඩුවක් තියනවා. උතුරේත් දකුණේත් ඇතිවූ ගැටුම් හේතුවෙන් අපේ රටේ අනාගත බාරගන්න හිටපු නායකයින් රැසක් අපට අහිමිවුණා. තවත් පරපුරක් අපේක්ෂා භංගත්වයෙන් මව්බිම අතහැරලා ගියා. දැනුත් බරපතල බුද්ධිගලනයක් සිදුවෙනවා. දැන් අපේ රටේ මානව සම්පත් හිඟයක් තියනවා. පුළුවන්කමක් තියන හැම කෙනෙක් වගේම රට අතහැරලා යනවා.“

මේක බරපතල කාරණයක්. මේ තත්වය අපි වහාම කණපිට හරවන්න ඕන. ඒ සඳහා මේ රටේ උගතුන් අවංකව මැදහත් වෙන්න ඕන. එවැනි උගතුන්ව රාජ්‍ය පරිපාලනයට වහ වහාම අනුගත කරගන්න ඕන.''

 

''වංචාව දුෂණය වලක්වන්න නම් රටේ නායකයා පළමුව ආදර්ශමත් විය යුතුයි''

වංචා දුෂණ රටේ ආර්ථිකය බිඳ වැටීමට මුලික වූ කාරණයක් බව සඳහන් කළ  ආචාර්ය නාලක ගොඩහේවා, වංචා දුෂණ අවම කිරීම සඳහා ඉහලම රාජ්‍ය නායකයා පළමුව ආදර්ශමත් වියයුතු බව අවධාරණය කර සිටියේය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාවෙන්ම එබව ඔප්පුකරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණයේදී 'පොහොට්ටු' පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් වන ලෙස ජනාධිපතිවරයා ගෙන් හා අගමැතිවරයා ගෙන් ආරාධනා ලැබී ඇතැයි පැවසු ආචාර්ය ගොඩහේවා, ඒ අනුව තම දැනුම හා ප්‍රයෝගික අත්දැකීම් ඔස්සේ ගම්පහ දිස්ත්‍රීක්කයේ ජනතාවට අවංක සේවයක් කිරීම සඳහා මේදිනවල එම ප්‍රදේශයේ ජනතාව හමුවෙමින් අදහස් හා යෝජනා ලබාගනිමින් සිටින බවද කියා සිටියේය.

''බැසිල් රාජපක්ෂ මහත්තය ගම්පහ දිස්ත්‍රීක්කයේ නායකයා විදියට හිටපු කලේ ඒ ප්‍රදේශයට විශාල සේවයක් කරලා තියනවා. එත් පසුගිය කාලයේ අඩපන වුණ නොවිසඳූ ගැටළු රාශියක් හඳුනාගන්න පුළුවන් වුණා. අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රාශියක් තියනවා. දරිද්‍රතාවය ඉහල ගිහින්. පානිය ජල ප්‍රශ්න තියෙනවා. යටිතල පහසුකම් ප්‍රමාණවත් නැහැ. රාත්‍රී කාලයේ ඇතැම් පැතිවලට වීදි පහන් නැහැ. මම දැනටමත් මේ ගැටළු හඳුනාගෙන අවශ්‍ය මැදිහත්වීම කරගෙන යනවා.'' යයි ඔහු කියා සිටියේය.

 

විදෙස් සරසවි ඕනද ? එපාද ?

ආචාර්ය නාලක ගොඩහේවා මෙම වැඩසටහන තුලදී මෙරට තුල විදෙස් සරසවි හා උසස් අධ්‍යාපන ආයතන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් ද කරුණු දැක්විය. මෙරට අධ්‍යපානය දේශපාලනිකරණ වී ඇතැයි ඔහු චෝදනා කළේය.

එලෙසම ආර්ථික වශයෙන් මෙරට ගොඩනැගීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු රාශියක් ඉදිරිපත් කළේය. මේ රට දියුණු කිරීම සඳහා වැඩි වැඩියෙන් ව්‍යවසායකයන් නිර්මාණය කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

සම්පුර්ණ සංවාදය පහත විඩියෝවෙන් බලන්න.

දිලන්තගේ 'සිතමු' වැඩසටහන් මාලාවේ තවත් වීඩියෝ :

1- ''උදේට විත්ති කුඩුවේ ඉන්න කෙනා සවස විනිසුරුගේ ගෙදර ඉන්නවා නම් මිනිස්සු අධිකරණය විශ්වාස කරයි ද?'' - මෛත්‍රී ගුණරත්න දෙබරයකට ගල් ගසයි (VIDEO)

2 -ශ්‍රී ලංකාවේ දමිළ බෞද්ධයින් 40,000කට වඩා ඉන්නවා - උතුරේ හිටපු ආණ්ඩුකාර සුරේන් රාගවන් (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්