The Leader News
BREAKING
සෞදියේ මරණ දණ්ඩනයෙන් අනෝජන් සිවරාසා පූර්ණ නිදහස ලබයි●ජාතික උද්‍යානවල බිකිනි ඡායාරූපකරණය: නීතිය ක්‍රියාත්මක කිරීමේ බරපතළ හිඩැසක්●රුපියල් කෝටියක චෙක්පත් වංචාවකට ගුවන්සේවා ප්‍රධානියෙක් රිමාන්ඩ්●අධිකරණයට අපහාස චෝදනාවෙන් පොලිසිය බලය පැහැරගන්න හැදුවාද?●කාවන්තිස්ස ඛේදවාචකය: ඇතාගේ උදරයෙන් මූනිස්සම්; විමර්ශන CIDයට●ත්‍රිකුණාමල වෙරළේ පිළිම සිද්ධිය: බලංගොඩ කස්සප හිමිට වරෙන්තු●බදුලු බස් අනතුර: කොතලාවල සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් වන්දි?●රනිල්ගේ ලන්ඩන් ගමනේ නඩුව නීතිපති තීරණය තෙක් කල්යයි●ගෑස් අර්බුදයේ නීතිමය ගැටුම: ලාෆ් සමාගමට එරෙහි නඩුව දෙසැම්බරයට●HSBC මෙහෙයුම් වසා දැමීමට එරෙහිව රවීගෙන් ගෝලීය නායකත්වයට ලිපියක්●
Top Ad
පුවත්

දෙමළ පීඩිතයන් “මකා දැමූ” එජා මානව හිමිකම් ප්‍රධානීට දැඩි අභියෝගයක්!

T

The Leader Desk

February 26, 2020 • 4:03 PM

 දෙමළ පීඩිතයන් “මකා දැමූ” එජා මානව හිමිකම් ප්‍රධානීට දැඩි අභියෝගයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහකොමසාරිස් මිචෙල් බැෂලේ වෙත විරෝධය පලකරන සංදේශ දෙකක් ලියා ඇත්තේ රට තුළ මෑතදීත් ගොදුරුවූ වධහිංසාවෙන් බේරී පලා’විත් විදේශගතව සිටින පිරිසක් සහ උතුරුකරේ වෙසෙන අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් සමූහයක් විසිනි.
  • ලිපියට අත්සන් තබා ඇති එක් අයකු අත් අඩංගුවේදී වධ හිංසාවට ගොදුරුවී ඇත්තේ මේ මාසයේදීය.
  • ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වැනි සැසිවාරයට ගතවූ අවුරුද්දේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ මහ කොමසාරිස් මිචෙල් බැෂලේ ද සිය මාතෘභුමිය වූ චිලියේදී වධහිංසාවට ගොදුරු වූ තැනැත්තියකි.
  • පසුව ඇය එරට ජනාධිපති ධුරයට තේරී පත්වූ ප්‍රථම කාන්තාව ලෙස වාර්තාවක් ද තැබුවාය.
අකුරු ප්‍රමාණය (Font Size):
මහකොමසාරිස් මිචෙල් බැෂලේ වෙත විරෝධය පලකරන සංදේශ දෙකක් ලියා ඇත්තේ රට තුළ මෑතදීත් ගොදුරුවූ වධහිංසාවෙන් බේරී පලා’විත් විදේශගතව සිටින පිරිසක් සහ උතුරුකරේ වෙසෙන අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් සමූහයක් විසිනි.

වධහිංසා තවදුරටත්:
ඉකුත් වසර තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව අලලා මහකොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවේ රට තුළ අදත් සිදුවන වධබන්ධන ගැන සඳහන් නොකිරීම ගැන මහත් කනගාටුව පලකරන ලිපියක් ලියන විදේශගත පීඩිතයෝ සිය කඳුළැල් සහ තුවාල කැළැල් සියැ’සින්ම දැක බලාගැනීමට පැමිණෙන ලෙස ඇය කැඳවා සිටිති.

ලිපියට අත්සන් තබා ඇති එක් අයකු අත් අඩංගුවේදී වධ හිංසාවට ගොදුරුවී ඇත්තේ මේ මාසයේදීය.

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වැනි සැසිවාරයට ගතවූ අවුරුද්දේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ මහ කොමසාරිස් මිචෙල් බැෂලේ ද සිය මාතෘභුමිය වූ චිලියේදී වධහිංසාවට ගොදුරු වූ තැනැත්තියකි. පසුව ඇය එරට ජනාධිපති ධුරයට තේරී පත්වූ ප්‍රථම කාන්තාව ලෙස වාර්තාවක් ද තැබුවාය.

වාර්තාවේ දෙතැනක පමණක් ශ්‍රී ලංකාවේ ‘අතීත’ වධබන්ධන පිළිබඳව සඳහන් කරන ඇය පසුගිය වසරේදී ආරක්ෂක අංශ විසින් වධහිංසාවට පාත්‍ර කරන ලද්දවුන් ගැන එහි නොකියයි..

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඔබ විසින් මේ සතියේ දෙන ලද වාර්තාව [A/HRC/43/19] අපට මහත් වේදනාවක් හා සන්තාපයක් ගෙන දුන්නකි; ඔබ විසින් අප ඉතිහාසයෙන් මකා දමා තිබේ,” යි විදේශගතව සිටින වද වින්දිතයන් හතලිස් දෙනකු මානව හිමිකම් ප්‍රධානී වෙත යවන ලද කම්පා සහගත සංදේශයේ දැක්වේ.

ජීවමාන සාක්ෂි:
 02 02 2015 kilinochchi protest 1
“මේවා 2019 දීත් තවමත් සිදුවන බව ඔබ දැන සිටිය යුතුය. අපි ඒ ගැන ජීවමාන සාක්ෂි දරන්නෝ වෙමු. එහෙත් මේ අවුරුද්දේ ඔබ ඒ ගැන කිසිත් සඳහන් කළේ නැත.”

“කිසියම් හේතුවකට හෝ ඔබ අප විශ්වාස නොකරන්නේ නම්, - එය ඉතාම වේදනාකාරී වෙයි - කරුණාකර ඔබම පැමිණ අපේ කඳුළැල් හා තුවාල කැළැල් දැක බලාගන්න.”

මානව හිමිකම් මණ්ඩලයට වසරකට ඉහතදී ලබා දුන් වාර්තාවෙන් මහකොමසාරිස් බැෂලේ අවධාරණය කළේ බරපතල මානව හිමිකම් උල්ලංඝන නොකඩවා සිදුවන බව ය.

“ලැබී ඇති තොරතුරු පිළිබඳ මූලික විග්‍රහයෙන් පෙනී යන්නේ, නීති විරෝධී පැහැර ගැනීම් සහ සිරගතකිරීම්, පිරිමින් සහ ගැහැනුන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩතා ඇතුළු වධ හිංසා, පිළිබඳ සාක්ෂි විශ්වසනීය බවට පිළිගැනීමට යුක්ති සහගත හේතු ඇති බව සහ එවැනි කටයුතු ශ්‍රී ලංකාවේ උතුරේ දිගටම සිදුවෙමින් පැවතිය හැකි බවයි,” යනුවෙන් පසුගිය මාර්තු වාර්තාවේ දැක්වෙයි.


jagath 2020                                                                           ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ජයසූරිය

එහෙත්, තවමත් සිදුකෙරෙන මානව හිමිකම් උල්ලංඝනවලින් පීඩාවට පත්වන්නන් ලෙස දෙමළ ජනතාව පිළිබඳව මහකොමසාරිස්වරිය මෙවර වාර්තා නොකිරීම උතුරේ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ දැඩි කෝපයට හේතුවී තිබේ.

“බරපතල මානව හිමිකම් උල්ලංඝනවලට ගොදුරු වන පීඩිතයන්ගේ දෙමළ අනන්‍යතාව වාර්තාවෙන් මකා දැමීම විශේෂිතය,” යි අතුරුදහන් වුවන්ගේ ඥාතීන් 85 දෙනකු විසින් අත්සන් තබා ඇති සංදේශය පවසයි.

ආණ්ඩුව විසින් පිහිටුවා ඇති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) ට මහකොමසාරිස්වරිගේ මහත් ප්‍රශංසාවට පාත්‍ර වීමද ඥාතීන්ගේ දැඩි ප්‍රහාරයට ගොදුරු වී තිබේ.

“අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ‘වැදගත් මුලපිරීම්’වලට අතගසා ඇති බව ඔබ ලියා තිබේ. ඒ මොනවාදැයි දැනගැනීමට පීඩාවට පත් ප්‍රජාවක් ලෙස අපි කැමැත්තෙමු. 2009 මැයි 18 වැනිදා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෝ ජෙනරාල් ජගත් ජයසූරිය හමුවේදී භාරවූ අපේ ඥාතීන්ට සිදුවුනේ කුමක්දැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබේද?”

ශ්‍රී ලංකාව පිළිබඳ මහකොමසාරිස්වරියගේ වාර්තාව පෙබරවාරි 27 වැනිදා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනීමට නියමිත ය.☐

(jdslanka.org -අතුල විතානගේ විසිනි)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...