The Leader News
BREAKING
Top Ad
පුවත්

තිස්ස විහාරයට අල්ලාගත් උතුරේ ඉඩම් ඉල්ලන අරගලය පුළුල් කෙරෙන ලකුණු

T

The Leader Desk

April 9, 2024 • 4:17 AM

 තිස්ස විහාරයට අල්ලාගත් උතුරේ ඉඩම් ඉල්ලන අරගලය පුළුල් කෙරෙන ලකුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් හමුදා බලයෙන් උතුරේ බෞද්ධ විහාරයක් ඉදිකර තිබෙන බවට චෝදනා කරමින් අවුරුදක් තිස්සේ කෙරෙන අරගලයකට නායකත්වය සපයන දෙමළ ජනතා නියෝජිතයකු එම ඉඩම් වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
  • දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා අප්‍රේල් 7 වැනිදා තිස්ස විහාරස්ථානය සමීපයේ සිට අනතුරු අඟවා තිබුනේ එසේ නොවුනහොත් එම ඉඩම් නිදහස් කර ගැනීම වෙනුවෙන් දියත් කර තිබෙන විරෝධතා තව දුරටත් පුළුල් කිරීමට සිදු වන බවයි.
  • “පෞද්ගලික ඉඩම් පරප්පු 120ක් හමුදාවේ සහාය ඇතිව ආක්‍රමණය කර අනවසරයෙන් ගොඩනැගිල්ල හදලා තියනවා.
  • මේ තත්වය දිගටම පැවතුනොත් අර්ධද්වීපයේ ජනතාව ඒකරාශී කර උද්ඝෝෂණ පුළුල් කිරීමට අවශ්‍ය තත්වයක් උදාවෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් හමුදා බලයෙන් උතුරේ බෞද්ධ විහාරයක් ඉදිකර තිබෙන බවට චෝදනා කරමින් අවුරුදක් තිස්සේ කෙරෙන අරගලයකට නායකත්වය සපයන දෙමළ ජනතා නියෝජිතයකු එම ඉඩම් වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා අප්‍රේල් 7 වැනිදා තිස්ස විහාරස්ථානය සමීපයේ සිට අනතුරු අඟවා තිබුනේ එසේ නොවුනහොත් එම ඉඩම් නිදහස් කර ගැනීම වෙනුවෙන් දියත් කර තිබෙන විරෝධතා තව දුරටත් පුළුල් කිරීමට සිදු වන බවයි.

“පෞද්ගලික ඉඩම් පරප්පු 120ක් හමුදාවේ සහාය ඇතිව ආක්‍රමණය කර අනවසරයෙන් ගොඩනැගිල්ල හදලා තියනවා. මෙම ඉඩම්, ඉඩමේ අයිතිකරුවන්ට පවරා දෙන්න කියලා  වසර ගණනාවක සිට ඉල්ලා සිටියත් මෙතෙක් එම ඉඩම් බාර දීලා නෑ. මේ හේතුව නිසා පසුගිය වසරක පමණ කාලයක සිට මෙම විහාරස්ථානය ඉදිරිපිට දිගටම විරෝධතා ක්‍රියාත්මක වෙනවා. නමුත් එම ඉඩම නිදහස් කිරීමට කටයුතු කළේ නැහැ. මේ තත්වය දිගටම පැවතුනොත් අර්ධද්වීපයේ ජනතාව ඒකරාශී කර උද්ඝෝෂණ පුළුල් කිරීමට අවශ්‍ය තත්වයක් උදාවෙනවා. හැකි තරම් ඉක්මනින් මේ ගොඩනැගිල්ල ඉවත් කර හිමිකරුවන්ට ඉඩම් බාර දීමට පියවර ගත යුතුයි. ”

 කන්කසන්තුරේ වලිකාමම් උතුරේ තයියිට්ටි ප්‍රදේශයේ යුද හමුදාව විසින් ඉදි කර තිබෙන තිස්ස විහාරස්ථානය සමීපයේ මාර්ගය අයිනේ වසරක් පාසා සෑම පුර පසළොස්වක් දිනකම දෙමළ ජනයා විරෝධතාවය දියත් කර තිබුනේ “නීති විරෝධි පන්සල වහා ඉවත් කරනු, අපේ ඉඩම අපිට ඕනෑ, සාමය කඩ කරන පොලීසිය අපිට එපා,” ආදී සටන් පාඨ කියමිනි.

විරෝධතාකරුවන් එහිදී වැඩි දුරටත් චෝදනා කර තිබුනේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් ප්‍රාදේශිය ඉඩම් බලධාරියාගේ අනුමැතියකින් තොරව යුද හමුදාව විසින් තිස්ස විහාරස්ථානය ඉදිකර තිබෙන බවයි.

"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව  2023 අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල වෙබ් අඩවියේ සදහන් කර තිබේ.

“ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.

විහාරස්ථානය ඉදිකරතිබෙන භුමියේ ඉඩම් වලට අයිතිය කියන දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් පරප්පු 100 කට (අක්කර 6.2) වඩා වැඩි භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.

විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියද හිමිව නොමැති බවටද ඔවුන් මීට ඉහතදී සදහන් කර තිබුනි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...