The Leader News
BREAKING
ජොලිබී ඕස්ට්‍රේලියාවට: බැදපු කුකුළු මස් හරහා අලුත් වන රාජ්‍ය තාන්ත්‍රික මිතුදම●උඩවලව අලි පරපුරේ සමාජ බැඳීම් බිඳවැටීමේ අවදානමක්●අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය●ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න●අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස●දෙමළාගේ අයිතිය සඳහා අරගලය සිංහලෙන් කියා දෙන්නට වීරිය කළ සිවාජි අවසන් ගමන් යයි  ●සාෆ් පාපන්දු අවසාන ගැටුම හෙටයි: ඉන්දියාව පරදා ඵෙතිහාසික ජයක් ලබන්න පාකිස්තානය සමත් වේවිද?●අනුරගේ ලැම්බෝගිනි සහ සජිත්ගේ විට්ස් කාර් ආර්ථිකය●2027 අයවැය: ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික පරිවර්තනය කොහිද?●මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'●
Top Ad
පුවත්

තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වෙයි: හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සුදානමක්!

T

The Leader Desk

March 12, 2020 • 4:58 PM

තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වෙයි: හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සුදානමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ වෛරසය ආසාදනය වූ බවට ඊයේ(11) දිනයේ හදුනාගත් පුද්ගලයා සමඟ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.
  • කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් මෙම පුද්ගලයා ද සංචාරක නියාමකයින් වශයෙන් සේවය කරන දෙනෙකු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය.
  • හැවිරිදි එම පුද්ගලයා මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව අනිල් ජාසිංහ කියා සිටියේය.
  • හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සුදානමක් !
අකුරු ප්‍රමාණය (Font Size):

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ වෛරසය ආසාදනය වූ බවට ඊයේ(11) දිනයේ හදුනාගත් පුද්ගලයා සමඟ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

වෛරසය ආසාදනය වූ බවට ඊයේ දිනයේ හඳුනාගත් පුද්ගලයා සමඟ දඹුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ලැගුම් ගෙන සිට ඇති බවට අනාවණය කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් මෙම පුද්ගලයා ද සංචාරක නියාමකයින් වශයෙන් සේවය කරන දෙනෙකු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය.

44 හැවිරිදි එම පුද්ගලයා මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව අනිල් ජාසිංහ කියා සිටියේය.

 

හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සුදානමක් !

මේ අතර කොරෝනාවෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රජය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සුදානමක් ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

කොරෝනාවෛරස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පලවන අසත්‍ය වාර්තා පාලනය කිරීම එහි මුලික අරමුණක් බව ද පැවසේ.

මේ අතර සිකුරාදා (මාර්තු 13) සිට අප්‍රේල් 20 වන දා දක්වා රජයේ සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව දැනුම් දුන්නේය. ඔහු ප්‍රකාශ කළේ, පාසල් පළමු වාරයේ නිවාඩුව ලෙස මෙම නිවාඩුව සලකන බවය.

"කොළඹ ආනන්ද විද්‍යාලය ආසන්නයේ දෙමාපියන් පිරිසක් යම් නොසන්සුන්තාවක නිරත වූ" බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා විය.

 

 facebook

 

 කටකතාවලට රැවටෙන්න එපා !

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ බ්‍රහස්පතින්දා (මාර්තු 12) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

"කොවිඩ් - 19 රෝගියා ගැන කටකතා පළවෙනව. නවතම කටකතාව තමයි ඒ රෝගියාගෙ පුතාට කොවිඩ් - 19 හැදිල කියල. ඒකෙ කිසිදු සත්‍යතාවයක් නෑ. ඒ පවුලේ සාමාජිකයෝ ඔවුන්ගේ නිවසේදී ම නිරෝධායනයට ලක් කරල තියෙන්නේ. ඔවුන් ඉතා ම හොදින් අපි සමග කටයුතු කරනවා," වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

කොවිඩ් - 19 වැළදුණු රෝගියාගේ පුතුට රෝගය වැළදීමට ඇති සම්භාවිතාව "ඉතා අඩු මට්ටමක පවතින" බව ද ඔහු ප්‍රකාශ කළේය.

"ඒ දරුව ආනන්ද විද්‍යාලයට යන්නෙ. දෙමාපියන් අතර යම් කලබලයක් ඇති වුණා. ඇත්තට ම කලබලයක් මත් නෙවෙයි. මේ දරුවාට රෝගය හැදීමේ සම්භාවිතාව අඩුයි. දරුවට රෝගය හැදෙන්නෙ නෑ කියල ම කියන්න බෑ. ඒ දරුව පාසල් ගිහින් තියනව පෙරේදා දිනයේ. ඒ දරුවාගෙන් වෙන කෙනෙකුට හැදීමේ සම්භාවිතාව ඊට වඩා අඩුයි. පවුලේ අය ඉතා ම හොදින් ඉන්නවා. ඔවුන්ට කිසි ම රෝග ලක්ෂණයක් මතු වෙලා නැහැ."

මේ අතර, එම දරුවාට රෝගය වැළදී ඇති බවට පැතිර යන කටකතාව "මුළුමනින් ම අසත්‍යයක්" බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද නිවේදනය කළේය.

 

කටකතා පතුරුවන්නන් නීතිය හමුවට:

කොරෝනාවෛරසය ආසාදනය වීම් සම්බන්ධව සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

මේ අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් හදුනාගෙන ඇති බවට ද ව්‍යාජ තොරතුරු සංසරණය වෙමින් පවතින බව ද පොලිසිය පවසයි.

එම තොරතුරු අසත්‍ය බව පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනාවෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයාගේ අනන්‍යතාව හෙළි කිරීම ද සෞඛ්‍ය අමාත්‍යංශය බදාදා (මාර්තු 11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රතික්ෂේප කළේය.

ඔවුන් ප්‍රකාශ කළේ, ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු පමණක් බව දැනුම් දිය හැකි බවය.

එහිදී වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ, මෙවැනි තත්ත්වයන් මතු වූ අවස්ථාවල ඇතැමුන් දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් අත්දැකීම් පවතින හෙයින් රෝගියා පිළිබද වැඩිදුර තොරතුරු හෙළි නොකරන බවය.

 

Ama Disanayake"රෝගීන් හෝ ඥාතීන් කොන් කිරීම වැරදියි"

කොරෝනාවෛරසය ආසාදිතයින් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් "කොන් කිරීම කිසිසේත් නොකළ යුතු," බව ධනාත්මක චින්තනය සහ මනෝ චිකිත්සාව පිළිබද කථිකාචාර්ය වෛද්‍ය අමා දිසානායක බීබීසී සිංහල සේවයට පැවසීය.

ඇය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු 'අපේක්ෂිත අවදානම් තත්ත්වයන්' සම්බන්ධයෙන් දැඩි බියක් දක්වන බවය.

"කිසි ම ආකාරයකින් එවැනි පුද්ගලයින් හෝ දරුවන් හෝ පවුලේ සාමාජිකයින් කොන් කරන්න හොද නෑ. ඒ වගේ ම මේ තත්ත්වය ගැන කලබල වෙන්නත් හොද නෑ. මේක සදාචාරසම්පන්න, යහපත් සංස්කෘතියක් තියෙන රටක්. ඒ නිසා ශ්‍රී ලාංකිකයින් විදිහට මේ අවස්ථාවේ එකිනෙකා ගැන සානුකම්පිකව සිතිය යුතුයි," වෛද්‍ය අමා දිසානායක පැවසීය.

(මුලාශ්‍රය - කුමුදු ජයවර්ධන BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වෙයි: හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සුදානමක්! | The Leader