The Leader News
BREAKING
ජොලිබී ඕස්ට්‍රේලියාවට: බැදපු කුකුළු මස් හරහා අලුත් වන රාජ්‍ය තාන්ත්‍රික මිතුදම●උඩවලව අලි පරපුරේ සමාජ බැඳීම් බිඳවැටීමේ අවදානමක්●අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය●ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න●අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස●දෙමළාගේ අයිතිය සඳහා අරගලය සිංහලෙන් කියා දෙන්නට වීරිය කළ සිවාජි අවසන් ගමන් යයි  ●සාෆ් පාපන්දු අවසාන ගැටුම හෙටයි: ඉන්දියාව පරදා ඵෙතිහාසික ජයක් ලබන්න පාකිස්තානය සමත් වේවිද?●අනුරගේ ලැම්බෝගිනි සහ සජිත්ගේ විට්ස් කාර් ආර්ථිකය●2027 අයවැය: ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික පරිවර්තනය කොහිද?●මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'●
Top Ad
පුවත්

#fightcorona : ''ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ, කොරෝනා පාලනය කිරීමට එක්සත්ව සටන් කරමු'' - මංගල (වීඩියෝ)

T

The Leader Desk

March 12, 2020 • 5:04 PM

#fightcorona : ''ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ, කොරෝනා පාලනය කිරීමට එක්සත්ව සටන් කරමු'' - මංගල (වීඩියෝ) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''මොහොතේදී ආණ්ඩුවට විතරක් බැන බැන ඉන්නේ නැතුව, දේශපාලඥයන්ට විතරක් බැන බැන ඉන්නේ නැතුව, අනිත් අය මොනවා කරයිදෝ කියලා බලාගෙන ඉන්නේ නැතුව අපි සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ'' යයි ඔහු පවසා ඇත්තේ, අද (12) පස්වරුවේ සමාජ මාධ්‍ය වෙත 'සෙල්ෆි වීඩියෝවක්' මුදා හරිමිනි.
  • මේක මම කිව්වා වගේ අපි සියලු දෙනාටම ශ්‍රී ලාංකිකයන් හැටියට මහා අභියෝගයක්. අන්න ඒ නිසා තමයි අපි මේ මොහොතේදී ආණ්ඩුවට විතරක් බැන බැන ඉන්නේ නැතුව දේශපාලඥයන්ට විතරක් බැන බැන ඉන්නේ නැතුව.
  • ගොන්පාට් නවත්තන්න : ''බොරු නිව්ස් දාන්න එපා'' ඒ වගේම අද අපි දකිනවා අවුරුදු 17, 18 තරුණ අය සමාජ මාධ්‍ය හරහා යම් කිසි තෘප්තියක් ලබා ගැනීමට හෝ බොරු නිව්ස් දානවා.
  • ඒ සියලු ගොන්පාට් නවත්වලා අපි හැම කෙනාම ආගම්, ජාති, කුල භේද නැතුව මේ කොරෝනා වෛරසය ඇති කරපු මේ භයානක තත්වයෙන් ජය ගන්නට අපි එකතු වෙන්න ඕනේ‍. කොරෝනා වෛරසය සමග fight කරන්නට අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

''මොහොතේදී ආණ්ඩුවට විතරක් බැන බැන ඉන්නේ නැතුව, දේශපාලඥයන්ට විතරක් බැන බැන ඉන්නේ නැතුව, අනිත් අය මොනවා කරයිදෝ කියලා බලාගෙන ඉන්නේ නැතුව අපි සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ'' යයි ඔහු පවසා ඇත්තේ, අද (12) පස්වරුවේ සමාජ මාධ්‍ය වෙත 'සෙල්ෆි වීඩියෝවක්' මුදා හරිමිනි.

එහිදී ඔහු තවදුරටත් මෙසේද සඳහන් කරයි. Mangla text12

''පසුගිය දෙසැම්බර් මාසයේදී චීනයේ වූහාන් නගරයේදී එම නගරයට සීමා වූ වසංගතයක් හැටියට කොරෝනා වෛරසය නොහොත් 'කොවිඩ් - 19' වෛසරය හඳුනාගෙන තිබුණත් අද එය ශීඝ්‍රයෙන් ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් තියෙනවා. 

ශ්‍රී ලංකාව තුළත් මෙම භයානක වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව දිනෙන් දින වැඩි වෙනවා. අන්න ඒ නිසා අපි වහාම මෙම වෛරසයට විරුද්ධව සටන් කරන්නට අපි එක්සත් වෙන්න ඕනේ. එකමුතු වෙන්න ඕනේ. 

මොකද මෙවැනි වෛරසයකට පාටක්, පක්ෂයක්, ආගමක්, කුලයක් කිසිදෙයක් නැහැ. දේශසීමා නැහැ. මුළු ලෝකය වටේම පැතිරමින් තියෙන මේ තුළින් මෙය ඔප්පු වෙනවා. ලංකාව තුළත් මේ වෛරසය සිංහල බෞද්ධයන් විතරක්  හොයාගෙනවත් එහෙම නැත්තම් දෙමළ ජනතාව හොයාගෙන යන වෛරසයක්වත් එහෙම නැත්තම් මුස්ලිම් ජනතාව හොයාගෙන යන වෛරස් එකක්වත් නෙවෙයි.  

ඒ වගේම මේක හැදෙන්නේ පොහොට්ටුවේ අයට විතරක් නෙවෙයි එහෙම නැත්තම් UNP අයටවත් JVP අයටවත් නෙවෙයි. මේක මම කිව්වා වගේ අපි සියලු දෙනාටම ශ්‍රී ලාංකිකයන් හැටියට මහා අභියෝගයක්. 

අන්න ඒ නිසා තමයි අපි මේ මොහොතේදී ආණ්ඩුවට විතරක් බැන බැන ඉන්නේ නැතුව දේශපාලඥයන්ට විතරක් බැන බැන ඉන්නේ නැතුව. අනිත් අය මොනවා කරයිදෝ කියලා බලාගෙන ඉන්නේ නැතුව අපි සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ .  

ගොන්පාට් නවත්තන්න : ''බොරු නිව්ස් දාන්න එපා''

ඒ වගේම අද අපි දකිනවා අවුරුදු 17, 18 තරුණ අය සමාජ මාධ්‍ය හරහා යම් කිසි තෘප්තියක් ලබා ගැනීමට හෝ බොරු නිව්ස් දානවා. ඒ වගේම විවිධ වෙදකම් දානවා.  මිනිස්සු බය කරලා සතුටු වෙන්න හදනවා. ඒ සියලු ගොන්පාට් නවත්වලා අපි හැම කෙනාම ආගම්, ජාති, කුල භේද නැතුව  මේ කොරෝනා වෛරසය ඇති කරපු මේ භයානක තත්වයෙන් ජය ගන්නට අපි එකතු වෙන්න ඕනේ‍. 

කොරෝනා වෛරසය සමග fight කරන්නට අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ. ''

වීඩියෝ 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...