leader s

මහ මැතිවරණය පැවැත්වීමට නම් සියලු පුරවැසියන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව සිටිය යුතු බව

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියි.

කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ල ගනිමින් අප්‍රේල් මස  25  වැනිදා දක්වා මහජනතාව රැස්වන  රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත්  තීරණය කර ඇති බව දන්වා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ (13)  පැවසීය.

ජනතාව කෙරෝනා එළවා දැමුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇති බව සභාපතිවරයා සඳහන් කර සිටියේය.

රජයෙන් ලබාදෙන වෛද්‍ය උපදෙස් අනුව මෙහිදී ක්‍රියා කිරීම වැදගත් බව අවධාරණය කළේය.

කොරෝනා වෛරසය මැඩලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන් යන වැඩපිළිවෙලට සහය පළකිරීමක් වශයෙන් ඉදිරි සති දෙකක කාලයක් යන තුරු මැතිවරණ ප්‍රචාරක රැළි නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ මේ වන විටත් කැමැත්ත පළකර ඇති බවත් අනෙක් දේශපාලන පක්ෂ සමග ද ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරනා බවත් මෙහිදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය.

 

 

#fightcorona : ''කොරෝනා පාලනය කිරීමට එක්සත්ව සටන් කරමු'' - මංගල කියයි

කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තවීම පාලනය කිරීම සදහා සියලුම ශ්‍රී ලාංකිකයින් ජාති, ආගම්, පක්ෂ, පාට ආදී සියලු ආකාරයේ බෙදීම් වලින් තොරව එක්සත්ව කටයුතු කිරීම මේ තීරණාත්මක මොහොතේ අතිශයින්ම වැදගත් කාරණයක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කර සිටියි.

''මොහොතේදී ආණ්ඩුවට විතරක් බැන බැන ඉන්නේ නැතුව, දේශපාලඥයන්ට විතරක් බැන බැන ඉන්නේ නැතුව, අනිත් අය මොනවා කරයිදෝ කියලා බලාගෙන ඉන්නේ නැතුව අපි සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ'' යයි ඔහු පවසා සිටියේ  සමාජ මාධ්‍ය වෙත 'සෙල්ෆි වීඩියෝවක්' මුදා හරිමිනි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්