leader s

'පළමුව රට සෞඛ්‍ය ආරක්ෂිත රටක් කර, දෙවනුව මැතිවරණවලට මුහුණ දෙමු' යයි 'හෙළ බොදු සවිය'

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

එම සංවිධානයේ සභාපති, පුජ්‍ය බුදුගල ජිනවංස හිමියන්ගේ අත්සනින් යුතුව එම ලිපිය යොමුකර ඇත.

පාර්ලිමේන්තුවේ නිල කාලය මාස 06ක කාලයක් තිබියදී, ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කර වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසත්, මාරාන්තික කොරෝනා වසංගත රෝගය දිනෙන් දින ව්‍යාප්තවන වන බැවින්, රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙසත් උන්වහන්සේ සිය ලිපිය මගින් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා තිබේ.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

'පළමුව රට සෞඛ්‍ය ආරක්ෂිත රටක් කර,
දෙවනුව මැතිවරණවලට මුහුණ දෙමු'

''රටේ මිලියන විසි දෙකක් පමණ ජනතාවගේ ආරක්ෂාව 69 ලක්ෂයක ජනතාවගේ වරමින් ඔබට භාරදී ඇත. ලෝකයේ රටවල් 154 ක්  දැනට කොරොනා රෝගයට  ගොදුරු වී ඇති අවස්ථාක මෙම දරුණ වසංගතය දුරුකිරීම සඳහා ලංකාව තුල සාර්ථක ක්‍රියාමාර්ගයක් තවදුරටත් ගත යුතුව ඇත.

ජාති, ආගම්, කුල, මල, ධනය, බලය සහ දේශපාලන බේදයකින් තොරව ද, මෙම උවදුරට අප සැම මුහුණ දිය යුතු අවස්ථාවකි.

දිනපතා කැබිනට් රැස්වීම් පවත්වමින් පාර්ලිමේන්තුව රැස් කර ප්‍රගතිය සමාලෝචනය කරමින් විපක්ෂයේ අදහස් ද රැගෙන එක මතයක සිට ක්‍රියා කිරිම ඉතා වැදගත්ය.

 දැනට කැදවා ඇති මහ මැතිවරණය කල් දමා රටම සෞඛ්‍ය ආරක්ෂිත රටක් බවට පත් කළ යුතුය.

 

'රටම නිරෝධායනයට සුදානම් කල යුතුය'

මෙම උවදුර මැඩපැවැත්වීම සදහා ත්‍රීවිධ හමුදාව පමණක් නොව විශ්ව විද්යාල ශිෂ්‍යයින්, ස්වෙච්ජා බලකායක් නිර්මාණය කර රටම නිරෝධායනයට සුදානම් කල යුතුය.

දේශපාලන පක්ෂ වලට බලය ලබා ගැනීමට ඕනෑ  වුවද, ඊට ප්‍රථම රටේ මහජනතාගේ ජීවිතය ආරක්ෂා කිරීම ඔබගේ වගකීමකි.

එම නිසා පහත සදහන් යෝජනා ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

  1. පාර්ලිමේන්තුවේ නිල කාලය මාස 06ක කාලයක් තිබියදී, ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කර, වහාම පාර්ලිමේන්තුව කැදවිය යුතුය.

  2. මාරාන්තික කොරෝනා වසංගත රෝගය දිනෙන් දින ව්‍යාප්තවන වන බැවින්, රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ යුතුය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්