leader s

සුළු වැරදිවලට සිරගතවූවන් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව රඳවාගෙන සිටින පුද්ගලයන් නිදහස් කිරීමට

කටයුතු කරන්නයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීන්දු කර ඇත.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම ඉල්ලීම කරන බව සංගමය පවසයි.

මේ වන විටත් බන්ධනාගාරවල රඳවා ගැනීමට හැකියාව තිබෙන පිරිසට වඩා විශාල පිරිසක් රඳවා සිටින බව සංගමයේ සභාපති සේනක පෙරේරා පෙන්වා දෙයි.

මේ වන විටත් අනුරාධපුර බන්ධනාගාර සැක සහිත රෝග ලක්ෂණ ඇති පුද්ගලයෙකු හඳුනා ගෙන ඇති නිසා යම් හෙයකින් කොරෝනා තත්ත්වය සිරකරුවන් අතර පැතිර ගියහොත් පාලනය කිරීමට නොහැකි වනු ඇති බවද ඔහු කියා සිටී.

 

බන්ධනාගාරවල කොරෝනා ව්‍යාප්තිය පාලනයට පියවර

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ, බන්ධනාගාරගතව සිටින ඇප ලබාදිය හැකි රැඳවියන් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි.

එහි කොමසාරිස් ජනරාල් එම්.ජේ .ඩබ්ලිව් තෙන්නකෝන් සඳහන් කළේ, කොරොනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඇප නියම වුවත් එම මුදල් ගෙවීමට නොහැකි රැඳවියන් සිටීම හේතුවෙන් බන්ධනාගාරවල දැඩි තදබදයක් පවතී.

එලෙස ඇප නියමව සිටින රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන බව කොමසාරිස් ජනරාල් තෙන්නකෝන් සඳහන් කළේ ය.

මේ අතර අනුරාධපුර සහ මීගමුව බන්ධනාගාරවලින් කොරොනා බවට සැක සහිත රැඳවියන් දෙදෙනකු හඳුනාගෙන තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් ප්‍රකාශ කළේ, ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බවයි.

මීට අමතරව බන්ධනාගාරවල සියලු නිලධාරීන්ට මුව ආවරණ ලබාදීමට ද තීරණය කර තිබේ.

 

ඉරානයේ සිරකරුවන් 70,000කට නිදහස !

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිරෙන බැවින් සිරකරුවන් 70,000 කට නිදහස ලබා දීමට ඉරාන රජය පියාවර ගෙන ඇත. ඒ, කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙසයි.

ඒ අනුව ඇප මත මුදා හරින සිරකරුවන් කොරෝනා පරීක්‍ෂණයකට ලක් කිරීමට නියමිතය. එහිදී වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වන පිරිස පමණක් නිදහස් කරනු ඇත.

කෙසේවෙතත් ආරක්‍ෂක හේතු මත සිරගත කර වසර 5 කට වැඩි කාලයක් දඩුවම් විදින කිසිවෙකුත් නිදහස් නොකරන බව ඉරානය පවසයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්