The Leader News
BREAKING
ජොලිබී ඕස්ට්‍රේලියාවට: බැදපු කුකුළු මස් හරහා අලුත් වන රාජ්‍ය තාන්ත්‍රික මිතුදම●උඩවලව අලි පරපුරේ සමාජ බැඳීම් බිඳවැටීමේ අවදානමක්●අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය●ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න●අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස●දෙමළාගේ අයිතිය සඳහා අරගලය සිංහලෙන් කියා දෙන්නට වීරිය කළ සිවාජි අවසන් ගමන් යයි  ●සාෆ් පාපන්දු අවසාන ගැටුම හෙටයි: ඉන්දියාව පරදා ඵෙතිහාසික ජයක් ලබන්න පාකිස්තානය සමත් වේවිද?●අනුරගේ ලැම්බෝගිනි සහ සජිත්ගේ විට්ස් කාර් ආර්ථිකය●2027 අයවැය: ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික පරිවර්තනය කොහිද?●මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'●
Top Ad
පුවත්

නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි!

T

The Leader Desk

March 19, 2020 • 3:27 AM

නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහ පෘෂ්ඨයන් මත දින ගණනක් පවතිමින් බෝවන වෛරසයක් ලෙස පැවතිය හැකි බව නව පර්යේෂන මගින් සොයා ගෙන තිබේ.
  • කාඩ්බෝඩ් මත, පැය 24 කට පසු වෛරසය අක්‍රීය විය.
  • තඹ මත, වෛරසය අක්‍රිය වීමට පැය 4 ක් ගතවිය.'' ප්ලාස්ටික් සහ මල නොබැඳෙන වානේ මත, දින තුනකට පසුත් වෛරසය සක්‍රීයව පැවතුණි.
  • අර්ධ ආයු කාලය සම්බන්ධයෙන් ගත් කල, පර්යේෂක කණ්ඩායම සොයා ගත්තේ වායුගෝලීය ජල බින්දුවකදී වෛරස් අංශු වලින් අඩක ක්‍රියාකාරිත්වය නැති වීමට මිනිත්තු 66 ක් පමණ ගත වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ පෘෂ්ඨයන් මත දින ගණනක් පවතිමින් බෝවන වෛරසයක් ලෙස පැවතිය හැකි බව නව පර්යේෂන මගින් සොයා ගෙන තිබේ.

එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ කොටසක් වන ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ (NIAID) විද්‍යාඥයින්යින්, ආසාදිත පුද්ගලයෙකුගේ කැස්සකින් හෝ කිවිසුම් යාමකින් පිටවන අන්වීක්ෂීය ජල බිඳිති තුල ඇති වයිරසයන් ගෘහස්ථ හෝ රෝහල් පසුබිමක තැන්පත් කිරීම මගින් කරන ලද පර්යේෂණ ඇසුරින් මෙම නිරීක්ෂනයන් ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය අඟහරුවාදා නිව් එංග්ලන්ඩ් වෛද්‍ය සඟරාවේ අන්තර්ජාලය ඔස්සේ පළ වූ අධ්‍යයනයකට අනුව, මෙම පෘෂ්ඨයන් මත වෛරසය කොපමණ කාලයක් ආසාදන තත්වයේ පවතින්නේ දැයි විද්‍යාඥයින් සොයා බලා තිබේ.

යමෙකු කැස්ස හෝ කිවිසුම් යන විට මුදා හරින ලද ජල බිඳිති මගින් වයිරසය ගෙන යන විට, එය අවම වශයෙන් පැය තුනක්වත් වාතය තුළ සක්‍රීයව පවතී. එනම් එය මගින් පුද්ගලයන්ට එම කාලය තුළ ආසාදනය විය හැකිය.

''ප්ලාස්ටික් සහ මල නොබැඳෙන වානේ මත, දින තුනකට පසුත්  වෛරසය සක්‍රීයව පැවතුණි. කාඩ්බෝඩ් මත, පැය 24 කට පසු වෛරසය අක්‍රීය විය. තඹ මත, වෛරසය අක්‍රිය වීමට පැය 4 ක් ගතවිය.''

ප්ලාස්ටික් සහ මල නොබැඳෙන වානේ මත, දින තුනකට පසුත්  වෛරසය  සක්‍රීයව පැවතුණි. කාඩ්බෝඩ් මත, පැය 24 කට පසු වෛරසය අක්‍රීය විය. තඹ මත, වෛරසය අක්‍රිය වීමට පැය 4 ක් ගතවිය.

අර්ධ ආයු කාලය සම්බන්ධයෙන් ගත් කල, පර්යේෂක කණ්ඩායම සොයා ගත්තේ  වායුගෝලීය ජල බින්දුවකදී වෛරස් අංශු වලින් අඩක ක්‍රියාකාරිත්වය නැති වීමට මිනිත්තු 66 ක් පමණ ගත වන බවයි.

එයින් අදහස් වන්නේ තවත් පැයක් හා මිනිත්තු හයකට පසු වෛරස් අංශු වලින් හතරෙන් තුනක් අත්‍යවශ්‍යයෙන්ම අක්‍රිය වන නමුත් 25% තවමත් ක්‍රියාකාරී වනු ඇති බවයි.

පර්යේෂනයන් විසින් පෙන්නුම් කර ඇත්තේ තෙවන පැය අවසානයේ වෛරසයේ සක්‍රීය ප්‍රමාණය 12.5% දක්වා පහත වැටෙනු ඇති බවයි.

''ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මාරියා වැන් කර්කෝව් සඳුදා අවධාරණය කළේ ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කරන සෞඛ්‍ය සේවකයින් මෙම තත්වය යටතේ තම ආරක්ෂාව සඳහා අමතර පියවර ගැනීම වැදගත් බවයි.''

මල නොබැඳෙන වානේ මත, වෛරස් අංශු වලින් අඩක් අක්‍රිය වීමට පැය 5 සහ විනාඩි 38 ක් ගත විය. ප්ලාස්ටික් මත අර්ධ ආයු කාලය පැය 6 විනාඩි 49 ක් බව පර්යේෂකයෝ සොයා ගත්හ.

කාඩ්බෝඩ් මත, අර්ධ ආයු කාලය පැය තුනහමාරක් පමණ විය, නමුත් පර්යේෂකයන්  එම ප්‍රතිපලවල විශාල විචල්‍යතාවයක් ඇති බව ද කියා සිටියහ.

කෙටිම පැවැත්මේ කාලය තඹ මත වූ අතර මිනිත්තු 46 ක් තුළ වෛරසයෙන් අඩක් අක්‍රිය විය.

වයිරසයට පැය ගණනාවක් වාතයේ රැඳී සිටිය හැකි බවට මෙම නව අධ්‍යයනයෙන් සොයා ගැනීමෙන් පසු පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය වෛද්‍ය වෘත්තිකයින් සඳහා නව “වාත පූර්වාරක්ෂාවන්” ලබාදීමට සළකා බලන බව 16වන දා ප්‍රකාශ කරන ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මාරියා වැන් කර්කෝව් සඳුදා අවධාරණය කළේ ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කරන සෞඛ්‍ය සේවකයින් මෙම තත්වය යටතේ තම ආරක්ෂාව සඳහා අමතර පියවර ගැනීම වැදගත් බවයි.

(srilankabrief.org : රොයිටර් වාර්තාවක් ද ඇසුරිනි)

මුලාශ්‍ර වාර්තාව : Coronavirus can persist in air for hours and on surfaces for days: study

bbc

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි! | The Leader