The Leader News
BREAKING
යුරෝපය කැළඹූ තරුණ නැගිටීම: විසඳුම් සොයන ජන පරපුර●හිස් වූ කැදැල්ලේ තනිවෙන ආදරණීය අම්මාවරුන්●ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටී 68ක් මරුට: නඩත්තු ගැටලුව කරළියට●හෝටල් සේවිකාවට අතවර චෝදනා: ඉන්දීය පිහිනුම් ශූරයාට ජීවිතාන්ත තහනම් අවදානමක්●සෙම්මනි වාර්තාවේ නිගමනවලට එරෙහිව අධිකරණය හමුවේ විරෝධයක්●ආසියා-පැසිෆික් සුව සමුළුවේදී ශ්‍රී ලංකාවට උප සභාපති ධුරයක්●දේශීය ඖෂධවලට ලෝකය දිනන අලුත් වෙළඳපොළක්●Ballon d’Or සම්මානය : විසිපස් වසරකට පසු එංගලන්ත නායක හැරී කේන් හිමිකරගනී!●ශ්‍රී ලාංකේය පාපන්දුවට නව යුගයක්!: ක්‍රීඩා ඇමති හා FIFA ප්‍රධානීන් අතර සාකච්ඡාවක්!●රසල් බ්‍රෑන්ඩ්ගේ නඩු විභාගයේදී හිටපු සහයිකාවගෙන් හෙළිදරව්වක්●
Top Ad
පුවත්

වන්නියේ මාධ්‍යවේදියකුගේ ඡායාරූපවලට එක්සත් ජාතීන්ගේ පිළිගැනීමක්

T

The Leader Desk

May 28, 2024 • 4:42 AM

වන්නියේ මාධ්‍යවේදියකුගේ ඡායාරූපවලට එක්සත් ජාතීන්ගේ පිළිගැනීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන්නියේ මුල් පෙලේ දෙමළ මාධ්‍යවේදියකු සිය කැමරා කාචයට හසුකරගත් ඡායාරූප තෝරාගෙන ගෙන තිබේ.
  • එම ලිපිය පලකොට ඇත්තේ ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබද දේශීය වගඋත්තර දායකත්වයක් නොමැති වීම විස්තර කරමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද විශේෂ වාර්තාවකට සමගාමීවය.
  • සිට බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූ සිය පුතණුවන් සොයා නොනිමි අරගලයක නිරත වන 72 හැවිරිදි මාතාවක් එක්සත් ජාතීන්ගේ ලිපියට සිය බලාපොරොත්තුව ප්‍රකාශ කර ඇත්තේ එලෙසිනි.
  • සරණාගත කඳවුරු වලට යමින්, සමූහ මිනීවලවල් පීරමින්, අතුරුදහන් වූවන්ගේ අනෙකුත් මව්වරුන් සහ භාර්යාවන් සමඟ සිය ආදරණීයයන් සොයා යන ඇය, දින 2650 ඉක්මවූ ඔවුන්ගේ සාමකාමී උද්ඝෝෂණ ඉදිරියට ගෙන යමින්, බලධාරීන්ගෙන් විමසා සිටින්නේ, “අපේ දරුවන් කොහේද?
අකුරු ප්‍රමාණය (Font Size):

වන්නියේ මුල් පෙලේ දෙමළ මාධ්‍යවේදියකු සිය කැමරා කාචයට හසුකරගත් ඡායාරූප තෝරාගෙන ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් මැයි 21 වැනිදා පළ කරන ලද “බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ උරුමය ශ්‍රී ලංකාවේ හොල්මන් කරයි” (Legacy of enforced disappearances haunts Sri Lanka) වාර්තාව සඳහා භාවිතයට ගෙන ඇත්තේ ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් විසින් ගන්නා ලද ඡායාරූපයි.

යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කළ දස දහස් සංඛ්‍යාත සිය සමීපතමයන් සෙවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයේ නියැලී සිටින උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ක්‍රියාකාරී මාතාවන්ගේ අත්දැකීම් කේන්ද්‍රකොටගෙන මෙම ලිපිය පළ වී තිබේ.

එම ලිපිය පලකොට ඇත්තේ ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබද දේශීය වගඋත්තර දායකත්වයක් නොමැති වීම විස්තර කරමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද විශේෂ වාර්තාවකට සමගාමීවය.

“සමහර විට මට මගේ පුතාව නැවත දකින්න ලැබෙයි. නැත්තං අඩු ගානෙ එයාව වැළලුව තැනක් හරි හොයාගන්න ලැබෙයි”. 2009 සිට බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූ සිය පුතණුවන් සොයා නොනිමි අරගලයක නිරත වන 72 හැවිරිදි මාතාවක් එක්සත් ජාතීන්ගේ ලිපියට සිය බලාපොරොත්තුව ප්‍රකාශ කර ඇත්තේ එලෙසිනි.

සරණාගත කඳවුරු වලට යමින්, සමූහ මිනීවලවල් පීරමින්, අතුරුදහන් වූවන්ගේ අනෙකුත් මව්වරුන් සහ භාර්යාවන් සමඟ සිය ආදරණීයයන් සොයා යන ඇය, දින 2650 ඉක්මවූ ඔවුන්ගේ සාමකාමී උද්ඝෝෂණ ඉදිරියට ගෙන යමින්, බලධාරීන්ගෙන් විමසා සිටින්නේ, “අපේ දරුවන් කොහේද? කෝ අපේ සැමියෝ?” යනුවෙනි.

 

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය මීට වසර 15 කට පෙර අවසන් වුව ද, බලහත්කාරයෙන් අතුරුදහන් කලවුන්ගේ ඥාතීන් සිය සමීපතමයන් වෙනුවෙන් සත්‍යය සහ යුක්තිය ඉටු කරගැනීමට නොවනතින අරගලයක යෙදි සිටිති. දසක එක හමාරක් ගතවීමෙන් පසුවත්  සිය ආදරණීයයන්ගේ ඉරණම හෝ ඔවුන් සිටින තැනක් පිළිබදව කිසිදු හෝඩුවාවක් ඔවුන්ට ලැබී නැත.

 

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ උරුමය ශ්‍රී ලංකාවේ හොල්මන් කරයි” ලිපිය සමග පළ කර ඇති  ඡායාරූප දෙකෙහි හිමිකරු වන ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් පොදුවේ වන්නියේත් විශේෂයෙන්ම යුද පීඩිත ජනතාවගේ තොරතුරු වසර කිහිපයක සිට ජනමාධ්‍යයට වාර්තාකරණයේ යෙදී සිටින්නෙකි.

වාර්තාකරණයේ දී ආරක්ෂක අංශ වල සමාජිකයන්ගෙන් එල්ල වන තර්ජන වලට අමතරව ඔහුට මීට තෙවසරකට ඉහතදී හොර ලී ජාවාරමක් හෙළිදරව් කිරීම නිසා සිය වෘත්තීය සගයා, ෂන්මුගම් තවසීලන් සමග දරුණු ප්‍රහාරයකටද ගොදුරු වීමට ද සිදුවිය.

වන්නියේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මෙන්ම, ඒ ගැනද තවමත් යුක්තිය ඉටුවී නැත.

 

P 02
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...