The Leader News
BREAKING
ලොවම දවන මහා තාප කුණාටු: රොයිටර්ස් හෙළිදරව්ව●සාක්ෂිකරුවන් හතක් එක් කිරීමට පැමිණිල්ලට අවසර●පියවුරුවල ප්‍රමාණය අනුව තරුණියන් ගේ වයස කියන විදිය දන්නව ද…? (වීඩියෝ)●සිත්තර චිත්‍රකතා පත්තරයට වසර 51යි●සංවිධානාත්මක අපරාධ පනතේ 'ටැටූ සහ ඇඳුම්' වගන්තිය ගැන ආණ්ඩුව සහ නීතිඥ ක්ෂේත්‍රය අතර වාදයක්●හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●
Top Ad
පුවත්

දිලිත් ගෙන් ආරම්භයක් මීළඟට ධම්මික ! : Citrus Waskaduwa හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් වේ.

T

The Leader Desk

March 21, 2020 • 5:22 PM

දිලිත් ගෙන් ආරම්භයක් මීළඟට ධම්මික ! : Citrus Waskaduwa හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් වේ.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාමර 150 කින් යුත් අතිසුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් වන Citrus Waskaduwa හෝටලය තාවකාලිකව ලබා දීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත.
  • මෙහිදී Citrus සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුටරත් පවසන්නේ මේ වන විට සිය හෝටල්වල කාමර වෙන්කර ගැනීම් අවම මට්ටමකට වැටී ඇති අතර ගෝලීය හා දේශීය සංචාරක සීමාවන් සැලකිල්ලට ගනිමින් නුදුරු අනාගතයේ දී එය තවදුරටත් පහත වැටෙනු ඇති බවයි.
  • මෙහිදී Citrus අධ්‍යක්ෂ මණ්ඩලය පවසන්නේ, බලධාරීන් විසින් මෙම නිකේතනය තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයක් බවට යොදා ගැනීමෙන් අනතුරුව, එහි මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට පෙර, ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අනුගත වෙමින් මෙම පරිශ්‍රය මුළුමනින්ම පවිත්‍ර කරනු ලබන බවයි.
  • කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන Waskaduwa Beach Resort PLC හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය 2020 මාර්තු 23 සඳුදා දිනයේ දී කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

කාමර 150 කින් යුත් අතිසුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් වන Citrus Waskaduwa හෝටලය තාවකාලිකව ලබා දීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත.

ජාතියක් සහ ලෝකයක් වශයෙන් මුහුණ දී සිටින වර්තමාන අර්බුදය සැලකිල්ලට ගනිමින් Citrus Waskaduwa (Waskaduwa Beach Resort PLC) හි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

මෙහිදී Citrus සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුටරත් පවසන්නේ මේ වන විට සිය හෝටල්වල කාමර වෙන්කර ගැනීම් අවම මට්ටමකට වැටී ඇති අතර ගෝලීය හා දේශීය සංචාරක සීමාවන් සැලකිල්ලට ගනිමින් නුදුරු අනාගතයේ දී එය තවදුරටත් පහත වැටෙනු ඇති බවයි.

''මේ වන විට සිය හෝටල්වල කාමර වෙන්කර ගැනීම් අවම මට්ටමකට වැටී ඇති අතර ගෝලීය හා දේශීය සංචාරක සීමාවන් සැලකිල්ලට ගනිමින් නුදුරු අනාගතයේ දී එය තවදුරටත් පහත වැටෙනු ඇති බව Citrus සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි.''

සංචාරක අංශය මුහුණ දී ඇති ව්‍යසනකාරී බලපෑමට අමතරව, රටේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය, සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද ධෛර්ය සම්පන්න උත්සාහය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහිදී විශේෂයෙන් සිහිපත් කරන ලදී.

මෙහිදී Citrus අධ්‍යක්ෂ මණ්ඩලය පවසන්නේ, බලධාරීන් විසින් මෙම නිකේතනය තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයක් බවට යොදා ගැනීමෙන් අනතුරුව, එහි මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට පෙර, ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අනුගත වෙමින් මෙම පරිශ්‍රය මුළුමනින්ම පවිත්‍ර කරනු ලබන බවයි.

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන Waskaduwa Beach Resort PLC හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය 2020 මාර්තු 23 සඳුදා දිනයේ දී කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමට නියමිතය.

මෙම තීරණය දැනුම් දෙමින් Waskaduwa Beach Resort PLC හි විධායක අධ්‍යක්ෂ දිලිත් ජයවීර විසින් Covid – 19 වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී, යුද හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත යැවූ ලිපිය පහතින් දැක්වේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...