The Leader News
BREAKING
ජොලිබී ඕස්ට්‍රේලියාවට: බැදපු කුකුළු මස් හරහා අලුත් වන රාජ්‍ය තාන්ත්‍රික මිතුදම●උඩවලව අලි පරපුරේ සමාජ බැඳීම් බිඳවැටීමේ අවදානමක්●අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය●ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න●අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස●දෙමළාගේ අයිතිය සඳහා අරගලය සිංහලෙන් කියා දෙන්නට වීරිය කළ සිවාජි අවසන් ගමන් යයි  ●සාෆ් පාපන්දු අවසාන ගැටුම හෙටයි: ඉන්දියාව පරදා ඵෙතිහාසික ජයක් ලබන්න පාකිස්තානය සමත් වේවිද?●අනුරගේ ලැම්බෝගිනි සහ සජිත්ගේ විට්ස් කාර් ආර්ථිකය●2027 අයවැය: ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික පරිවර්තනය කොහිද?●මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'●
Top Ad
පුවත්

කොරෝනා ආසාදිතයන් ගණන 86 ට නගියි : කොරෝනා සම්ප්‍රේෂණ දාමය බිඳදමන හැටි මෙන්න !

T

The Leader Desk

March 23, 2020 • 3:59 AM

කොරෝනා ආසාදිතයන් ගණන 86 ට නගියි : කොරෝනා සම්ප්‍රේෂණ දාමය බිඳදමන හැටි මෙන්න !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යවරිය මේ බව සදහන් කළේ 'දෙරණ' රූපවාහිනි නාළිකාවේ අද (23) උදෑසන පැවැති වැඩසටහනකට දුරකථනයකින් සම්බන්ධවෙමිනි.
  • ඊයේ (22) රාත්‍රී 12 වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් නවදෙනෙකු හදුනාගත් බව අමාත්‍යවරිය සදහන් කළාය.
  • මින් හතරදෙනෙකු කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අය වන බවද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුරටත් පැවසුවාය.
  • HJ: සම්ප්‍රේෂණයක් ඇතිවන්න පුළුවන් එක් සම්බන්ධතාවක් හෝ කපා දැමුවොත් සිද්ධවෙන්නේ මොකක්ද කියලා ඕකෙන් සරලව පෙන්නුම කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අමාත්‍යවරිය මේ බව සදහන් කළේ 'දෙරණ' රූපවාහිනි නාළිකාවේ අද (23) උදෑසන පැවැති වැඩසටහනකට දුරකථනයකින් සම්බන්ධවෙමිනි.

ඊයේ (22) රාත්‍රී 12 වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් නවදෙනෙකු හදුනාගත් බව අමාත්‍යවරිය සදහන් කළාය.

මින් හතරදෙනෙකු කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අය වන බවද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුරටත් පැවසුවාය.

 

කොරෝනා: සම්ප්‍රේෂණ දාමය බිඳදැමීම

ආසාදනයක් නතරකරගන්නා හෝ අඩු තරමින් පමාකරගන්නා හෝ සෑම වාරයක දීම අප ලබන්නේ කුඩා හෝ ජයග්‍රහනයකි.

බොස්ටන් විශ්වවිද්‍යාලයේ වසංගතවේද විශේෂඥ  හෙලන් ජෙන්කින්ස්(Helen Jenkins – HJ) සහ හාර්වඩ් විශ්වවිද්‍යාලයේ වසංගතවේද විශේෂඥ  බිල් හැනේජ්(Bill Hanage – BH) සමග නිව්යෝක් ටයිම්ස් හි සියෝභාන් රොබට්ස්(Siobhan Roberts – SR) සිදු කළ දුරකතන සංවාදයක සහ විද්‍යුත් තැපෑල සම්මුඛ සාකච්ඡාවක කොටස්.

SR: මුලින්ම අපට කියන්න ඔය සම්ප්‍රේෂණ වෘක්ෂය කියන්නේ මොකක්ද?

HJ: සම්ප්‍රේෂණයක් ඇතිවන්න පුළුවන් එක් සම්බන්ධතාවක් හෝ කපා දැමුවොත් සිද්ධවෙන්නේ මොකක්ද කියලා ඕකෙන් සරලව පෙන්නුම කරනවා. මේ වගේ වෘක්ෂ සමාන්‍යයෙන් වසංගතවේදීන් අඳින්නේ නැහැ. ඒත් මේ සංකල්ප වඩා හොඳින් අපි ජනතාව වෙත ගෙනියන්න ඕන.

BH: සම්ප්‍රේෂණය හසුකර ගැනීම සඳහා ජානවිද්‍යාව යොදා ගැනීම සම්බන්ධයෙන්  මගේ පර්යේෂණාගාරය ලොකු උනන්දුවක් දක්වනවා. අප සතුව දැනට තියෙන්නේ සරල සම්ප්‍රේෂණ වෘක්ෂයක්.  එහි එක පුරුකක් ඉවත් කරහම ඉවත් කෙරෙන්නේ ඒ පුරුකම පමණක් නොවෙයි.

රෝග විභවයක් ඇති සියල්ල සහ ඉන් පැවත එන සම්බන්ධතා ද වෘක්ෂයෙන් ඉවත් කෙරෙනවා. ඉතින් අප ආසාදනයක් නතරකරගන්නා හෝ අඩු තරමින් පමාකරගන්නා හෝ සෑම වාරයක දීම අප සුලු හෝ ජයග්‍රහනයක් ලබනවා.

සම්බන්ධකයන් ගණන කලින්ම සීමා කිරීම බොහෝ ආසාදන වළක්වා ගැනීමට හැකිවෙතැයි දැක්වෙන සරල වෘක්ෂ රූප සටහන

HJ: මෙච්චර විශාල පිරිසක් කිසි ගාණක් නතුව ඔහේ තෘප්තිමත්ව ඉන්න එක මට අදහා ගන්න අමාරුයි. ඒ අය හිතන්නේ චීනයේ වූහාන්වල හරි ඉතාලියේ හරි වුනදේ මෙහෙ වෙන්නේ නෑ කියලයි. මිහිස්සු ප්‍රශ්නය ගැන බරපතල ආකාරයට හිතන්නේ නැති හන්දා ඒ අයවමත්, අනෙක් අයවත් අවදානමකට ලක් කරනවා.

ඒත් වෛරසය පැතිරයාම සීඝ්‍රයෙන් වැඩිවෙද්දී රෝගීන් සංඛ්‍යාව ඉහළ යනවිට පුද්ගලයන් හැටියට කළ හැකී දේවල් බොහොමයි.

BH: වූහාන්වලදී වගේම ගුවාන්ග්ෂූ වලදී සිද්ධවුණේ මොකක්ද කියන එක සංසන්දනය කරන එකෙන් ඇත්තටම පාඩමක් උගෙන ගන්න පුලුවන්.  දළ වශයෙන් නිව්යෝක් නගරයට සමාන වූහාන් නගරය වසා දැමුණේ  ආසාදන 495ක් වාර්තාවුණාට පස්සෙයි.  

ඒත් අසල්වැසි  ගුවාන්ග්ෂූ වලදී ආසාදනයන් 7ක් වෙද්දී පාලකයන් ක්‍රියාත්මකවුණා.  ඒකෙන් ගුවාන්ග්ෂූ වල වසංගත චක්‍රය සම්පූර්ණයෙන්ම කළමණාකරගත හැකි තත්ත්වයට පත්වුණා. අප කවුරුත් දන්නා විදිහට වූහාන්වල එය මුලුමනින්ම…

HJ: … විපත්තිදායකවුණා.

BH: ඒක රෝහල්වල අර්බූදයන්ට මගපෑදුවා. නිශ්චයාත්මක සත්කාර සඳහා ඉහළම  ඉල්ලුම හට ගත්තේ සීමාවන් පනවලා දළවශයෙන් මාසයක් පමණ ගියවිටයි.

අදාළ රූපය

අදාළ රූපය

SR:  හරි, දැන් අපි එකිනෙකා අතර සමාජයීය වශයෙන් දුරස්තවෙමින් හෝ නිවස තුළටවී හෝ යම් ආකාරයක නිරෝධායනයට්කට ලක්වෙන්න පටන් අරගෙන. ඉතින් උච්ච අවස්ථාව කවදා ඇතිවේවිද?

BH: මාසයකින් වෙන්න පුළුවන්, ඊට වඩා කාලයක් යන්නත් පුළුවන්. මට සංනිවේදනය කරන්න ඕන කාරණාව මේකයි: වෛරසයකට කළ හැකිදේ අපි දන්නවා. ඒක වූහාන්වලට කළ දේ.. දනට ඉතාලියට, ස්පාඤ්ඤයට කරනදේ අනික රටවලටත් කරනවා. ඉතින් අපි දැන්ම සූදානම් වෙන්න ඕන.

HJ: අපි සූදනම් වෙන්න පටන්ගන්න තිබුණේ මාස ගණනකට පෙර

SR: ඔය සීමාවන් කොච්චර කාලයක් අල්ලා ඉඳිවිද? කවදා ඒවා අහවර වේවිද? බාගද දීර්ඝකාලයක් යන්නත පුළුවන්

HJ: මේක මැරතන් එකක්, කෙටි දුර ධාවනයක් නෙවෙයි. මේක තරමක කාලයක් අල්ලා ඉඳීවි කියන කාරණාවට අපි හැමදෙනාම මානසිකව හැඩ ගැසෙන්න ඕන. අපට රෝගීනගේ සංඛ්‍යාව කළමණාකරනය කරගත හැකි මට්ටමකට බස්සා ගත්තොත් එතකොට පුළුවන් තත්ත්වය යළි ඇගැයීමකට ලක්කරන්න.

''අප ඇත්තටම යුද කාලයක අවස්ථාවට පැමිණෙමින් සිටිනවා. අප හැසිරෙන්න ඕන ඒ බව හිතේ තියාගෙනයි. සෞඛ්‍ය සත්කාරක සේවකයන් තමයි අපේ ඉදිරිපෙල හේවායන්. අප ඔවුන්ව ආරක්ෂා කරගත යුතුයි. ''

BH: වඩාත් ධරණීය පියවර ගත්යුත්තේ ආසාදන අවස්ථා අඩු මට්ටමක තියෙද්දී. මන්ද, සංඛ්‍යාව ඉහළ ගියහම ජීවිත බේරාගන්න තියන එකම ක්‍රමය සීමාන්තික මැදිහත්වීම්වලට යාමයි — ඉතාලියේ අපි දැක්කා වාගේ සියලු දේ වසාදැමීම්, හැමතැනම පොලීසිය යෙදවීම් දේවල් වාගේ.

කොරෝනා වෛරසය බොහෝ දෙනෙකුට අන්තරයාකර නැත: ඔබ වයස අවුරුදු 40කට තරමට වඩා අඩුනම් සහ ඔබට වෛද්‍යමය තත්ත්වයන් දෙකකට වඩා වැඩි නැතිනම් ඔබට බාගදා හොඳින් ඉන්න පුළුවන් වේවි. එත් ඒක අතිවිශාල සංඛ්‍යාවක් ආසාදන කිරීමට තරම් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙනසුලුයි(සම්ප්‍රේෂණීයයි).

ඉතින් අතිවිශාල සංඛ්‍යාවක කුඩා කොටසක් කියන්නෙත් විශාල සංඛ්‍යාවක්. ඇත්තටම අපේ සෞඛ්‍ය සත්කාර සේවාවට දැරීමට අසීරු බරක්. දිගුකාලීනව සිදුවිය හැකි දේ පුරෝකතනය අසීරුයි. එත් වර්තමානයේ අපට කලහැකි දේ බොහෝයි. ඒකට වැඩිකොටම ඕන සාමන්‍ය දැනුම.

''මෙය, පොදු සතුරෙකුට එරෙහිව අප සියල්ලන්ටම එකතු විය හැකි අවස්ථාවක්. එකිනෙකාට උදව්කිරීම සඳහා කරන දේවල් හරි වැදගත්. අපට එය ඵලදායීව යොදාගන්න පුළුවන් නම් අපට වඩාත් ශුභවාදීව හිතන්න පුළුවන්.''

SR: මේ භාවකථනයකිරීමේ නොහැකියාව සහ අවිනිශ්චිතතාව අප අවුලට පත්කරන සුලුයි

HJ: අප ඇත්තටම යුද කාලයක අවස්ථාවට පැමිණෙමින් සිටිනවා. අප හැසිරෙන්න ඕන ඒ බව හිතේ තියාගෙනයි. වෙනසක් ඇතිකරන්න ඔබේ මහජන නියෝජිතයන්ට කියන්න, ඔබට හැකි හැමදෙයක්ම කරන්න. සෞඛ්‍ය සත්කාරක සේවකයන් තමයි අපේ ඉදිරිපෙල හේවායන්. අප ඔවුන්ව ආරක්ෂා කරගත යුතුයි.

‘යුදකලයක අවස්ථාවක්’ කීවාහම බයක් දැනෙන්න පුළුවන්.  ඒත් මෙය, පොදු සතුරෙකුට එරෙහිව අප සියල්ලන්ටම එකතු විය හැකි අවස්ථාවක්. එකිනෙකාට උදව්කිරීම සඳහා කරන දේවල් හරි වැදගත්. අපට එය ඵලදායීව යොදාගන්න පුළුවන් නම් අපට වඩාත් ශුභවාදීව හිතන්න පුළුවන්.

(පෙළ අවධානය අපෙන් – සංස්කාරක)

(උපුටා ගැනීම් - thathu.com : THE NEW YORKTIMES (March, 19) පුවත් පතෙහි පළවී ඇති You Can Help Break the Chain of Transmission යන ලිපිය ඇසුරෙනි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...