The Leader News
BREAKING
ජොලිබී ඕස්ට්‍රේලියාවට: බැදපු කුකුළු මස් හරහා අලුත් වන රාජ්‍ය තාන්ත්‍රික මිතුදම●උඩවලව අලි පරපුරේ සමාජ බැඳීම් බිඳවැටීමේ අවදානමක්●අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය●ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න●අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස●දෙමළාගේ අයිතිය සඳහා අරගලය සිංහලෙන් කියා දෙන්නට වීරිය කළ සිවාජි අවසන් ගමන් යයි  ●සාෆ් පාපන්දු අවසාන ගැටුම හෙටයි: ඉන්දියාව පරදා ඵෙතිහාසික ජයක් ලබන්න පාකිස්තානය සමත් වේවිද?●අනුරගේ ලැම්බෝගිනි සහ සජිත්ගේ විට්ස් කාර් ආර්ථිකය●2027 අයවැය: ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික පරිවර්තනය කොහිද?●මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'●
Top Ad
පුවත්

කියවිය යුතු ම සටහනක් : නව කොරෝනා ගැන මේ කතා ඇත්ත ද ? -සමාජගත මත විමසීමක්

T

The Leader Desk

March 23, 2020 • 8:29 AM

කියවිය යුතු ම සටහනක් : නව කොරෝනා ගැන මේ කතා ඇත්ත ද ? -සමාජගත මත විමසීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනට ඇති සාක්ෂි අනුව කොවිඩ් – 19 වෛරසය රස්නය මෙන්ම තෙතමනය සහිත දේශගුණයකින් යුත් ප්‍රදේශ ඇතුළුව ඕනෑම ප්‍රදේශයක සම්ප්‍රේෂණය විය හැකිය.
  • කොවිඩ් – 19 ගැන වාර්තා වෙන ප්‍රදේශයකට ඔබ යන්නේ නම් හෝ ඔබ ජීවත්වන්නේ නම් දේශගුණය සැලකිල්ලට නොගෙන ආරක්ෂක පියවර අරගන්න.
  • කොවිඩ් – 19 න් එරෙහිව ආරක්ෂා වීම සඳහා හොඳම ක්‍රමයක් වන්නේ නිතර ඔබේ අත් සේදීමයි.
  • මතය 2: උණු ජලය නෑමෙන් කොරෝනා වෛරස රෝගය වළක්වා ගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):
දැනට ඇති සාක්ෂි අනුව කොවිඩ් – 19 වෛරසය රස්නය මෙන්ම තෙතමනය සහිත දේශගුණයකින් යුත්  ප්‍රදේශ ඇතුළුව ඕනෑම ප්‍රදේශයක සම්ප්‍රේෂණය විය හැකිය. කොවිඩ් – 19 ගැන වාර්තා වෙන ප්‍රදේශයකට ඔබ යන්නේ නම් හෝ ඔබ ජීවත්වන්නේ නම් දේශගුණය සැලකිල්ලට නොගෙන ආරක්ෂක පියවර අරගන්න.


කොවිඩ් – 19 න්  එරෙහිව ආරක්ෂා වීම සඳහා හොඳම ක්‍රමයක් වන්නේ නිතර ඔබේ අත් සේදීමයි. මෙසේ කිරීමෙන් ඔබේ අත්වල සිටිය හැකි වෛරස ඉවත් වෙනවා පමණක් නොව, (වෛරස ඉවත් නොකර) ඔබගේ මුඛය සහ නාසය ඇල්ලීමෙන් ආසාදන සිදුවීම වළක්වා ගත හැකිය.



මතය 2:
 උණු ජලය නෑමෙන් කොරෝනා වෛරස රෝගය වළක්වා ගත හැකිය.


උණුදිය ස්නානය කිරීමෙන් ඔබට කොවිඩ් – 19 වැළඳීම වළක්වා ගත නොහැකියි. ඔබගේ ශරීරයේ  උෂ්ණත්ව සාමාන්‍යය සෙන්ටිග්‍රේට් අංශක 36.5 සිට 37 දක්වාය. ඔබ ස්නානය කරන ජලයේ උෂ්ණත්වය නොසලකා එය එලෙස පවතී.  

ඇත්තවශයෙන්ම අතිශය රස්නය ඇති ජලයෙන් නෑම සමහරවිට ඔබට හානිකර විය හැක්කේ ඉන් ඔබ පිලිස්සීමට ලක් විය හැකි නිසාය.

කොවිඩ් – 19 වෛරස ආරක්ෂා වීමට ඇති හොඳම ක්‍රමයක්වන්නේ නිතර අත් සේදී‍මයි. එසේ කිරීමෙන් ඔබේ අත්වල සිටිය හැකි වෛරස ඉවත් වෙනවා පමණක් නොව ඔබගේ මුඛය සහ නාසය ඇල්ලීමෙන් ආසාදන සිදුවීම වළක්වා ගත හැකිය

මතය 3:

නව කොරෝනා වෛරසය මදුරුවන් දෂ්ට කිරීමෙන් සම්ප්‍රේෂණය විය හැක.


මදුරුවාගේ මාර්ගයෙන් නව කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බව හැඟවෙන තොරතුරක් හෝ සාක්ෂියක් මේ වනතුරුත් ලැබී නැත.

නව කොරෝනා වෛරසය ශ්වසන වෛරසයක් නිසාවෙන් එය පැතිරෙන්නේ මූලිකවම ආසාදිත පුද්ගලයෙකු කහින විට හෝ කිවිසුම් අරින විට හෝ ජනනය වන බිඳිති හෝ කෙළ බිඳිති හෝ නාසයෙන් පිටවන දෑ මගිනි.

ඔබට ආරක්ෂාව සපයා ගැනීමට නම් ඇල්කොහොල් (මද්‍යසාර) අඩංගු අත් සෝදනයක් යොදාගෙන හෝ සබන් හා වතුර යොදා ගනිමින් අත් නිතර සේදිය යුතුය. තවද කැස්ස සහ කිවිසුම ඇති අය සමඟ සමීප ඇසුර මගහරින්න.

 

මතය 4:

දෑත් වියලන උපකරණ නව කොරෝනා වෛරසය විනාශ කර දැමීමේදී ඵලදායි වේ.


නැත. කොවිඩ් – 19 වෛරස විනාශ කිරිමේදී අත් වියලන උපකරණ(hand dryers) ඵලදායි නොවේ. නව කොරෝනා වෛරසයට එරෙහිව ඔබට ආරක්ෂාවීමට නම් ඇල්කොහොල් (මද්‍යසාර) අඩංගු අත් සෝදනයක් හෝ සබන් හා වතුර යොදා ගනිමින් අත් සෝදන්න.

ඔබේ අත් පිරිසිදු කර ගැනීමෙන් පසුව කඩදාසි සාලු හෝ උණුසුම් වායු වියලන යොදාගනිමින් මනාව වියළා ගන්න.




මතය 5:

නව කොරෝනා වයිරසයෙන් ආසාදිත පුද්ගලයන් සොයා ගැනීමේදී තාප ස්කෑනර් ඵලදායි ද?


උණ (ශරීර උෂ්ණත්වය සාමාන්‍යයට වඩා වැඩි) ඇති පුද්ගලයන් හඳුනා ගැනීමේදී තාප ස්කෑනර්(thermal scanners) ඵලදායිවේ. කෙසේවෙතත්, කොරෝනා වෛරසය හේතුවෙන්  දැනටමත් ආසාදිත ඒත් උණ සෑදී රෝගාතුර නොවූ පුද්ගලයන් හඳුනා ගැනීමට ඒවාට නොහැකිය.

මෙයට හේතුව ආසාදනයට පත් වන පුද්ගලයන් රෝගාතුරව උණ වර්ධනය වීම සඳහා, ආසාදනයවී 2ක් 10 ක් අතර කාලයක් ගත වන බැවිනි.



මතය 6:

නිව්මෝනියාවට එරෙහි වැක්සීනය ඔබට නව කොරෝනාවට විරුද්ධව ආරක්ෂාව සපයයි.  


නැත. pneumococcal vaccine සහ Haemophilus influenza type B (Hib) vaccine වැනි නිව්මෝනියාවට එරෙහිව ලබාදෙන වැක්සීන(එන්නත්) නව කොරෝනා වෛරසයට එරෙහිව ආරක්ෂාවක් ඔබට සපයන්නේ නැත. මේවා කොවිඩ් – 19ට එරෙහිව සඵල නොවෙතත් ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ශ්වසන රෝග වලට එරෙහි වැක්සීන ඉහලින් නිර්දේශ කෙරේ.

කොවිඩ් – 19 වෛරසය, කෙතරම් අලුත් ද කෙතරම් වෙනස්ද කියතහොත් ඉන් වැළකීම සඳහා ඊටම සුවිශේෂී වැකසීනයක් අවශ්‍ය වේ.  2019-nCoV ට එරෙහිව වැක්සිනයක් වැඩි දියුණු කිරීම සඳහා (දනටමත්) පර්යේෂණ පැවැත්වෙන අතර ඊට ලෝක සෞඛ්‍ය සංවිධානය සහය දක්වයි.



මතය 7:

සුදුලූනු කෑමෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වළක්වා ගත හැකිවේ.


සුදුළූණුවල ඇතැම් ප්‍රතිජීවක ගුණ අඩංගුව තිබීමට ඉඩ ඇතත් වර්තමාන පැතිර යාමේදී නව කොරෝනාවෙන් ජනතාව ආරක්ෂා කිරීමට සුදුලූනු කෑම හේතුවෙන  බවට සාක්ෂි නොමැත.



මතය 8:

නව කොරෝනාව බලපාන්නේ වයස්ගත පුද්ගලයන්ට පමණයි.


නව කොරෝනා වයිරසයෙන් සෑම වයස් කාණ්ඩවල ජනතාව ආසාදිත වීමට පුළුවන. වයස්ගත අයත් (ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ, ආදී) කලින් සිට පවතින වෛද්‍ය තත්ත්වයන්ගෙන් පෙළෙන අයත් වඩාත් අවදානම් සහගත බවක් පෙනී යයි.

තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට සෑම වයස් කාණ්ඩවලම ජනතාව පියවර ගත යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙයි.

Image result for covid 19

 
 

මතය 9: 

නව කොරෝනා වලක්වාගැනීම සහ ප්‍රතිකාර කිරීමේදී ප්‍රතිජීවක ප්‍රතිඵලදායක නැත.  


ඇත්තකි. බැක්ටීරියාවලට මිස වෛරසවලට එරෙහිව ප්‍රතිජීවක ක්‍රියා කරන්නේ නැත. ඉතින්, 2019-nCoV  වෛරසයක් නිසා එය වැළැක්වීමේ හෝ ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් ලෙස ප්‍රතිජීවක ඵලදායීව යොදා ගත නොහකිය.

කෙසේ වෙතත් 2019-nCoV  සඳහා ඔබ රෝහල් ගත කෙරුණොත් සහ-ආසාදන(co-infection) ඇතිවීමේ හැකියාව සලකා බලා ඇතැම් විට ඔබට ප්‍රතිජීවක ලබා දෙනු ඇත.



මතය 10 :

නව කොරෝනා වෛරසය වලක්වා ගැනීමට විශේෂ ඖෂධ දැන් සොයාගෙන ඇත.


කොරෝනා වෛරසය සඳහා මෙතෙක් විශේෂ ඖෂධයක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර නොමැත. එහෙත් ඒ සම්බන්ධ පර්යේෂණ සඳහා සංවිධානය ආධාර කරයි. කෙසේ වෙතත්, ආසාදිතයන්ට රෝග ලක්ෂණ ඉවත් කිරීමට හා ඒවායින් සහනයක් ලබා දීම සඳහා යෝග්‍ය සත්කාර සැපයිය යුතු අතර දරුණු රෝගී තත්ත්වයෙන් ඉන්න අයට උපරිම සහාය සත්කාර ලැබිය යුතුය.

කෙසේවෙතත්, ඇතැම් සුවිශේෂී ප්‍රතිකාර පරීක්ෂාවන්ට ලක් කර ඇති අතර ශායනික අත්හදබැලීම් මගින් ඒවා ගැන තවදුරටත් සොයා බැලේ.

(thathu.com - ජගත් සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙහි Coronavirus disease (COVID-19) advice for the public: Myth busters  ලිපිය ඇසුරෙන් සම්පාදිතය.) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...