ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා කාන්තාවන් රෝහල්ගත වීම ඇඳිරි නීති සමය තුළ වැඩි වී ඇති බවක් ඇඟවෙන පළකිරීම් සමාජ මාධ්‍යවල දැකිය හැකි ය. ඒවා දත්ත මත පදනම් වූ ප්‍රකාශවලට වඩා හැඟීම්බර ප්‍රකාශ බව පෙනේ. පුරුෂ විරෝධී ස්ත්‍රීවාදීන්ට ඒවා රසකෑම වැනි ය.

එහෙත්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය මෙවැනි ආපදා අවස්ථාවන්හිදී වැඩි වීමේ ඉඩක් තිබේ. මත්පැන්, මත්ද්‍රව්‍ය හිඟය ද එයට බලපෑ හැකි හේතු අතර වේ.

එසේම, ස්ත්‍රී පුරුෂාදී සම්බන්ධතා වඩා යහපත් වීමේ ප්‍රවණතාවක් ද පවතින අතර නිශේධනීයත්වය දෙස පමණක් බැලීම මාධ්‍ය, සංවිධාන, සමාජ ව්‍යාපාර හා ක්‍රියාකාරිකයන් අතර සාමාන්‍ය පුරුද්ද නිසා ඒවා වාර්තා වන්නේ නැත. 

මිනිස් සම්බන්ධතා යහපත් වීම අධ්‍යයන ප්‍රතිඵල මගින් හුවාදැක්වීමක් කිසිදා දැකිය නොහැකි ය. ප්‍රශ්න විසඳුනහොත් ප්‍රශ්න වෙනුවෙන් තවදුරටත් අරමුදල් සම්පාදනය නොවීම එයට හේතුවයි.

කෙසේ වෙතත්, මෙම අර්බුද සමයේ පවුල් හා සහකරුවන් අතර ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා වඩා යහපත් වීමට ඉවහල් විය හැකි කරුණු කීපයක් සටහන් කරමි.
cartoon GBV
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පෙන්වා දෙන පරිදි, ගෝලීය තක්සේරු කිරීම් මගින් පෙන්නුම් කරනුයේ ලොව පුරා කාන්තාවන්ගෙන් තුනෙන් එකක් (35%ක්) ම තම ජීවිත කාලය තුළදී ස්වකීය සමීප සහකරුවා වෙතින් හෝ සහකරුවා නොවන අයකු වෙතින් ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී තිබෙන බවයි.

කාන්තාවන්ගේ කාලයෙන් 86.4%ක් ගතවන්නේ ගෙදර හෝ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වූ වැටුප් නොගෙවන කාර්යයන් වෙනුවෙන් බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පෙන්වා දෙයි. 


''ගෙදර සැමන්, පරිප්පු, සීනි, හාල් විතරක් ‍‍නෙමෙයි ප්‍රීති, මිතුරි එහෙමත් හිඟද බලන්න. අනාගතයට බය නැතුව ආදරය කරන්න.''

වසංගත අවස්ථාවලදී කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට අන් අයට සත්කාර කිරීමෙහිලා වැඩි බරක් දරන්නට සිදු වේ. එහිදී ඔවුන්ට උපකාර කිරීමට ඔබට හැකි ආකාර කීපයක් පහත දැක්වේ:


# ගෙදරදොර කටයුතු පවුලේ අය සමග බෙදාගන්න

# එකිනෙකාට උදව් කරන්න

# විවිධ පුද්ගලයන් සමාජ හුදකලාව දරාගන්නා විවිධ ආකාර ඇති බව තේරුම්ගන්න.

# සංගීතයට සවන්දීම, පොත් කියවීම, චිත්‍රපට බැලීම, ව්‍යායාම, ගෙවත්තේ වැඩ ‍වැනි කාර්යයන් මගින් තමන්ගේ කාලය අර්ථවත් ලෙස ගතකිරීම සඳහා පුද්ගලයන් දිරිගන්වන්න

# කාන්තාවන් සහ ගැහැණු ළමයින් වසංගත හේතුවෙන් වැඩිපුර පීඩාවට පත්විය හැකි බව සිතන්න. ඔවුන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා විශේෂ ප්‍රශ්නයකි. එසේම, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු ද තිබිය හැකි ය.

# එසේම, ගර්භණී මව්වරුන් සහ කුඩා දරුවන් සිටින මව්වරුන් ද, නිවෙස්වල ගෘහ මූලිකත්වය දරණ, ස්වාමියා මිය ගිය, අතුරුදහන් වූ, ආබාධිත හෝ අසනීප කාන්තාවන් ද මෙම තත්වය තුළ දැඩි පීඩාවකට ලක් විය හැකි ය. ඔවුන්ට රජයේ හා සමාජයේ උපකාර අවශ්‍ය ය.

ගෙදර සැමන්, පරිප්පු, සීනි, හාල් විතරක් ‍‍නෙමෙයි ප්‍රීති, මිතුරි එහෙමත් හිඟද බලන්න. අනාගතයට බය නැතුව ආදරය කරන්න.


(http://praja.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්