කුමන පක්ෂ පාට ජාති කුළ ආගම්වලට අයිති වුණත් මේ මොහොතේ අප සියලු දෙනාගේ පොදු සතුරා කොරෝනා වසංගතය බව පවසන හිටපු අමාත්‍යවරයකු වන ඉමිතියාස් බකීර් මාකර්, ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා මේ අවස්ථාවේදී එම පොදු සතුරා පරදවන්නට ජාතියක් ලෙස නැගී සිටින්නට අධිෂ්ඨාන කරගත යුතු බව අවධාරණය කර සිටියි.

කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ ආදාහනය සිදුකළ ආකාරය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පලවන විවිධාකාරයේ මතවාදයන් සම්බන්ධයෙන් theleader.lk කළ  විමසීමක දී ඔහු එබව සඳහන් කළේය. 

''මේ ප්‍රශ්නයේදී අපි අනුගමනය කරන ක්‍රියාවලිය හුදු සෞඛ්‍යයට හිතකර වෙනවද නැද්ද යන තීන්දුව දෙන්න ඕනේ සෞඛ්‍ය බලධාරීන්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලෝකයේ ලොකුම සෞඛ්‍ය බලධාරියා ලෝක සෞඛ්‍ය සංවිධානයයි. කෝවිඩ් පිළිබඳව ලෝකේ සියලුම රටවලට වගේම සියලුම සෞඛ්‍ය අංශවලට ලෝකයේ  විද්‍යාත්මක පසුබිමකින් මග පෙන්වන්නේ මුල් වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. 

මේ පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරලා තියෙනවා. භූමදානය කිරීම සහ ආදාහනය යන ක්‍රම දෙකම ඔවුන් අනුමත කරලා තියෙනවා. ඒ තේරීම් දෙක සඳහාම අනුගමනය කරන්නට ඕන මග පෙන්වීම් ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ අප අනවශ්‍ය වාද බේද ඇතිකර ගැනීම බුද්ධිමත් ක්‍රියාවක් නෙවෙයි. '' ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.


එහිදී වැඩි දුරටත් කරුණු ගෙන හැර දැක්වූ  ඉමිතියාස් බකීර් මාකර් මෙසේ පැවසිය.

''විවිධත්වය තුළ එකමුතුව තිබෙන ශ්‍රී ලංකීය සමාජයක් ''  T.B Jaya

''මේ අවස්ථාවේ මගේ මතකයට එන්නේ නිදහස් අරගලයේ අන්තිම අදියරයේදී නිදහස වෙනුවෙන් දායකත්වය දුන්නු නායකයෙක් වන ආචාර්ය ටී.බී ජායා කරපු ඓතිහාසික ඒ ප්‍රකාශයක්....

එදා ආචාර්ය ජායා ඒ ප්‍රකාශය කළේ,  ''උඹලා බෙදිලා ඉන්න ජාතියක්, උඩරට පහතරට කියලා ජාති ආගම් වශයෙන් කුල භේද වශයෙන් නිදහස දුන්නොත් උඹලා ඇනකොටා ගනීවි, මිණිමරා ගනීවී, නිදහස දෙන්නටනම් උඹලා පළමුව එකතුවෙයල්ලා'' කියලා සුදු අධිරාජ්‍යවාදීන් අභියෝග කරලා තිබිච්ච අවස්ථාවක.

එදා ඇත්තටම බෙදිලා හිටියේ. ජායා එදා මෙහෙම කිව්වා, 

''අපිට අඩුපාඩු තියෙනවා දුක්ගැනිවිලි තියෙනවා අපේ  වැඩිමහල් සහෝදරයෝ වගේ ඉන්න සිංහල ජනතාවත් එක්ක නිදහසෙන් පස්සේ අපිට එවා නිරාකරනය කර ගන්න පුළුවන්.  මේ රටේ මුස්ලිම් ජනතාව මේ මොහොතේ නිදහසට පක්ෂ වෙන්නට කොන්දේසි කිසිවක් ඉදිරිපත් කරන්නේ නැහැ අපිට නිදහස ප්‍රධානයි...අප්‍රමාදව කොන්දේසි විරහිතව ලංකාවට නිදහස ලබා ගැනීමේ ස්ථාවරයෙහි මෙරට මුස්ලිම් ජනතාව ඒකමතිකව ඉන්නවා.  ''

විවිධත්වය තුළ එකමුතුව තිබෙන ශ්‍රී ලංකීය සමාජයක් ගැන සිහිනය එදා ඒ උදාර නායකයන්ගේ හදවත් තුල තිබුනා. 

විවිධ බලවේග වල ගොදුරු බවට පත්වීම......

නිදහසෙන් පස්සේ දේශපාලන බලය සඳහා සහ වෙළෙඳ වාසි සඳහා වාර්ගික බෙදීම්, මැරීම් අපි දකිනවා. කාලයක් භාෂාව වෙනුවෙන් මිනීමරාගත්තා. පෞද්ගලික පාසැල් පවත්වාගැනීම් වෙනුවෙන් මිනිමරාගත්තා. පංති බේද වපුරලා මිනිමරාගත්තා. 

කාලෙන් කාලෙට දේශපාලන බලයත් වෙළෙඳ වාසියත් සඳහා ගැටුම් ඇති කිරීම් තුලින් වාසි ලබන විවිධ බලවේග වල දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොදුරු බවට පත්වීම හින්දා විනාශයන් ඇති කරගත්තා. 

භාෂාව පිළිබඳ ප්‍රශ්නයට අපි එන්නේ අපි දහස් ගණන් ජීවිත නැතිකරගත්තාට පස්සේ. පෞද්ගලික පාසැල් පවත්වන්නට නිදහස දෙන්නේ පරම්පරාවල් දෙක තුනක් විතර ගියාට පස්සේ. ඒ ජීවිත බිලි දුන්නට පස්සේ....

කොරෝනා මරණයකදී භූමදානයද අදාහනයද කියන කාරනය ?

දැන් ඔබ කියන කාරණයට මම එන්නම්. කොරෝනා මරණයකදී භූමදානයද අදාහනයද කියන කාරනයට. ඊට පළමුව කොරෝනා තත්වය නිසා රට අඩාල නොවෙන්නට කැපවීම් කරන දායකත්වය දෙන සියලුම ක්ෂේත්‍රවල, වෛද්‍ය ඇතුලු සියලු දෙනාට මගේ කෘතඥතාවය පුද කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. 


''අපි කරන ඕනම ක්‍රියාවක් සියලු දෙනාටම යහපත සිදුකරන ක්‍රියාවල් වෙන්නට ඕනේ. එය අපට පමණක් යහපතක් වෙලා අනික් අයට අයහපතක් වෙනවා නම් ඒ ක්‍රියාව අප විශ්වාස කරන කිසිම දහමකට එන්න වෙන්නේ නැහැ. ''


මේ ප්‍රශ්නයේදී අපි අනුගමනය කරන ක්‍රියාවලිය හුදු සෞඛ්‍යයට හිතකර වෙනවද නැද්ද යන තීන්දුව දෙන්න ඕනේ සෞඛ්‍ය බලධාරීන්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලෝකයේ ලොකුම සෞඛ්‍ය බලධාරියා ලෝක සෞඛ්‍ය සංවිධානයයි. කෝවිඩ් පිළිබඳව ලෝකේ සියලුම රටවලට වගේම සියලුම සෞඛ්‍ය අංශවලට ලෝකයේ  විද්‍යාත්මක පසුබිමකින් මග පෙන්වන්නේ මුල් වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. 

මේ පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරලා තියෙනවා. භූමදානය කිරීම සහ ආදාහනය යන ක්‍රම දෙකම ඔවුන් අනුමත කරලා තියෙනවා. ඒ තේරීම් දෙක සඳහාම අනුගමනය කරන්නට ඕන මග පෙන්වීම් ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ අප අනවශ්‍ය වාද බේද ඇතිකර ගැනීම බුද්ධිමත් ක්‍රියාවක් නෙවෙයි. 

යුරෝපා සංගමය තමන්ගේ සංගමයේ රටවලට දන්වලා තිබෙනවා ලෝක සංවිධානයේ මග පෙන්වීම අනුව දෙයාකාරයෙන් එක තේරීමක් කරන්න පුලුවන් කියලා. බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව සිංගප්පූරුව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් සියල්ලම පාහේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් නැති වෙච්ච පවුල්වලට නිදහස් තේරීමකට ඉඩ දීලා තියෙනවා. 

ලෝකයේ සෞඛ්‍ය බලධාරීන්ගේ මග වෙන්වීම්වලට අනුව ..

අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උදවිය ගැන අපි අවතක්සේරු කරන්නට ඕනේ නැහැ. ඔවුන් තමන්ගේ ජීවිත පරදුවට තියලා විශිෂ්ට විදිහට තමන්ගේ මෙහෙවර ඉටු කරමින් සිටිනවා. ඔවුන්ගේ සහ ලෝක සෞඛ්‍ය විශාරදයන්ගේ මග පෙන්වීම්වලට එකඟව කටයුතු කිරීමයි මෙවැනි අවස්ථාවකදී කළ යුතු වන්නේ. 

ඒ හැරෙන්නට අපි දේශපාලනික වශයෙන් හෝ වාර්ගික වශයෙන් බෙදීම් ගැටීම් ඇතිකර ගැනීම අවශ්‍ය නැහැ. ලෝකයේ සෞඛ්‍ය බලධාරීන්ගේ මග වෙන්වීම්වලට අනුව බුද්ධිමත්ව කටයුතු කළමනා කරගැනීමයි අද අවශ්‍ය වෙලා තියෙන්නේ. 

අද අපි දේශපාලන හා වෙනත් පසුබිම්වල ඉඳගෙන ඒවයේ න්‍යාය පත්‍ර වෙනුවෙන් පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ජාලාවලත් මාධ්‍යවලත් ඇනකොටා ගන්නවා. මම දකින්නේ මේ මොහොතේ එය අනවශ්‍ය දෙයක් විදිහටයි. 

අපි කුමන පක්ෂ පාට ජාති කුළ ආගම්වලට අයිති වුණත් අපි කාගෙත් පොදු සතුරා මේ වසන්ගතයයි, කොරෝනාවයි. මේ අභියෝගය පරදවන්නට මේ ව්‍යාසනය පරදවන්නට මේ පොදු සතුරා පරදවන්නට ජාතියක් ලෙස නැගී සිටින්නට අපි සියලු දෙනා මේ අවස්ථාවේදී අධිෂ්ඨාන කරගන්නට ඕනේ මොහොතක් හැටියට මම සලකනවා. ''

වීඩියෝ 



සබැඳි පුවත් :

ජාතිවාදී ගැටුමකට යන්න එපා ! - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එකිනෙකට පරස්පර මාර්ගෝපදේශ දෙකක්: කොවිඩ් අසාදිත මරණ අවසන් කටයුතු සඳහා නිර්දේශ මෙන්න

ලංකාවේ කොරෝනා දෙවන මරණය : 'ආදාහනය ගැන කතා කළේ ජාතිවාදී අදහසකින් නොවේ' - හකීම් කියයි 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්