The Leader News
BREAKING
Top Ad
පුවත්

ඌව හිටපු මහ ඇමති විජයමුණි සොයිසාගේ සහය රනිල්ට

T

The Leader Desk

August 10, 2024 • 3:46 AM

   ඌව හිටපු මහ ඇමති විජයමුණි සොයිසාගේ සහය රනිල්ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු කැබිනට් අමාත්‍යවරයකු හා ඌව මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර ඇති විජමුණි සොයිසා පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයට තරඟකර මනාප 35879 ලබාගෙන අංක 6ට පැමිණියේය.
  • ඉදිරියේදී සජබ ගම්පහ මන්ත්‍රී ලයිස්තුවේ යම් පුරප්පාඩුවක් සිදුවුවහොත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතව ඇත්තේ ද ඔහුය.
  • දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, අද (10) දහවල් 10ට විජයමුණි සොයිසා විසින් බිබිල විජයමුණි සංස්කෘතික මධ්‍යස්ථානය ක්‍රිඩාංගනයේ දී දැවන්ත ජනරැලියක් සංවිධානය කර තිබේ.
  • මෙම ජනහමුවේ වේදිකාවට එජාප, පොහොට්ටු, සජබ ආදී සියලු පක්ෂ වල ජනතා නියොජිතයන් ගොඩ වදිනු ඇතැයි ද පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):
කර ඇතැයි වාර්තාවේ.

 හිටපු කැබිනට් අමාත්‍යවරයකු හා ඌව මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර ඇති විජමුණි සොයිසා පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයට තරඟකර මනාප 35879 ලබාගෙන අංක 6ට පැමිණියේය. ඉදිරියේදී සජබ ගම්පහ මන්ත්‍රී ලයිස්තුවේ යම් පුරප්පාඩුවක් සිදුවුවහොත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතව ඇත්තේ ද ඔහුය.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, අද (10) දහවල් 10ට විජයමුණි සොයිසා විසින් බිබිල විජයමුණි සංස්කෘතික මධ්‍යස්ථානය ක්‍රිඩාංගනයේ දී දැවන්ත ජනරැලියක් සංවිධානය කර තිබේ.

මෙම ජනහමුවේ වේදිකාවට එජාප, පොහොට්ටු, සජබ ආදී සියලු පක්ෂ වල ජනතා නියොජිතයන් ගොඩ වදිනු ඇතැයි ද පැවසේ.

2001 වසරේ පැවති මැතිවරණයේදී  ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය හම්බන්තොට හා ගම්පහ දිස්ත්‍රීක්ක වලින් පවා අන්ත පරාජයකට පත්වූ අවස්ථාවේදී එම සන්ධානය ජයග්‍රහණය කල එකම දිස්ත්‍රීක්කය වන්නේ මොනරගලයි. ඒ, විජිත් විජිතමුනිගේ නායකත්වයෙනි.

තමා සමගි ජන බලවේගයෙන් ඉවත්වීමට බලපෑ හේතු විජිත් විජිතමුණි සොයිසා විසින් අද දිනයේදී රට හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...