කොරෝනා වෛරසයෙන් හෙවත් කෝවිඩ්19 රෝගයෙන් මිය ගිය හෝ මිය ගිය බවට සැක කරන රෝගීන්ගේ දේහය ආදාහනය කිරීමට 2020 මාර්තු 31 වන දින ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය රජය
විසින් ඊයේ (11) ප්‍රකාශයට පත් කර ඇත.
එහෙත්, මේ සම්බන්ධයෙන් වන අවසාන තීරණය විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත සමාලෝචනය කරමින් පවතින බව ද 'ද ලීඩර්' වෙත දැන ගැනීමට ඇත.
ඒ අනුව ඉදිරි දින දෙක තුළදී මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගනු ලබන බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.
අංක 2170/08 දරන සහ 2020-04-11 දිනැතිව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත් කර ඇති මෙම අති විශේෂ ගැසට් පත්‍රය මගින් දක්වා ඇත්තේ, කෝවිඩ්19 රෝගයෙන් මිය ගිය හෝ මිය ගිය බවට සැක කරන රෝගීන්ගේ මෘතදේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන විධානයන්ට අනුකූලව සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි හතලිස් පහක සිට පැයක කාලයක් සදහා සම්පූර්ණයෙන් දැවී යන තෙක් නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක එම බලධරයාගේ අධික්ෂණය යටතේ ආදාහනය කරනු ලැබිය යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය පහත දැක්වේ.






