තීන්දුවක් දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම නොවැම්බර් 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීරණය කලේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර හමුවේ පෙත්සම කැඳවීණී.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම ”අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්ත හේරත් විසින් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර ඇත.
පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දක්වා නියම කළ කර ඇතැයිද මැතිවරණ පනත විධිවිධාන අනුව නාමයෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව සඳහන් කරන පෙත්සම්කරු, ඒ අනුව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වැනිදා සිට සති පහක කාලය අවසන් වන්නේ නොවැම්බර් මස 15 වැනිදා බවත් සති 07ක කාලය සම්පූර්ණ වන්නේ නොවැම්බර් 29 වැනිදා බවත් සඳහන් කර ඇත.
එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුලත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බවත් පෙන්වා දෙන පෙත්සම්කරු, මෙම වරද පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළත් ඉන් පලක් නොවූ බවද සඳහන් කර ඇත.
මින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවත් මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරු අදාළ වරද නිවැරදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇත.
කරුණු සළකා බැලු විනිසරුවරයා පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 28 වැනිදාට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ටද ප්‍රතිවිරෝධතා ඇත්නම් නොවැම්බර් පළමුවැනිදාට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කරුට ද නියෝග කළ අතර කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම නොවැම්බර් 04 වැනිදා යළි කැඳවීමට නියෝග කෙරිණි.
සබැඳි ලිපි සහ පුවත් :
ලබන 14 වැනිදා ඡන්දය පැවැත්වීම ව්‍යවස්ථාවට පටහැනියි ! - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
මහ ඡන්දය කල් යන ලකුණු ! – (සුනිල් කන්නන්ගර)
මැතිවරණ දිනය වැරදියි !- හරි නම් නොවැම්බර් 15 හෝ ඉදිරි දිනයක්



