BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

මහ මැතිවරණය නොවැම්බර් 19, 20, 21 දින තුනෙන් එකක?

T

The Leader Desk

October 27, 2024 • 4:38 AM

මහ මැතිවරණය නොවැම්බර් 19, 20, 21 දින තුනෙන් එකක?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනයේ වෙනසක් සිදු වන බවක් පෙනේ.
  • මේ වන විට එම ගැටළුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ගොස් ඇති බව පෙනේ.
  • මේ කරුණ පිළිබඳව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තහවුරු කිරීම සඳහා නොවැම්බර් 4 දිනයට කැඳවීමට නියෝග නිකුත් කර ඇත.
  • ඒ අනුව මේ මැතිවරණ දිනයේ නෛතික වලංගු භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එදින වාද විවාද කෙරෙනු ඇත.  මේ සියලු කරුණු සලකා බලා මැතිවරණ දිනයේ යම් වෙනසක් සිදුවිය හැකි බවට වන රාවයක් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරෙමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා දින නියම කෙරුණු ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල ප්‍රකාශයෙහි ඇති නෛතික දෝෂමය තත්වයක් නිසා එම මැතිවරණය කල්‍ යා හැකි ලකුණු පවතින බවට අප විසින් පසුගියදා ලිපියකින් හෙලි කරන ලදී. මේ වන විට එම ගැටළුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ගොස් ඇති බව පෙනේ. මේ කරුණ පිළිබඳව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තහවුරු කිරීම සඳහා නොවැම්බර් 4 දිනයට කැඳවීමට නියෝග නිකුත් කර ඇත. ඒ අනුව මේ මැතිවරණ දිනයේ නෛතික වලංගු භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එදින වාද විවාද කෙරෙනු ඇත. 

මේ සියලු කරුණු සලකා බලා මැතිවරණ දිනයේ යම් වෙනසක් සිදුවිය හැකි බවට වන රාවයක් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරෙමින් පවතී.

එසේ මැතිවරණ දිනයේ යම් වෙනසක් සිදුවන්නේ නම් එය සිදුවිය හැක්කේ 1982අංක 1දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3)වගන්තිය ප්‍රකාරව ය. එහි දැක්වෙන්නේ යම් හදිසි තත්වයක් හෝ බලා පොරොත්තු රහිත දෙයක් සිදුවීම හේතු කොටගෙන යම් මැතිවරණ දිස්ත්‍රික්කයක ඡන්ද විමසීම ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ප්‍රකාශනයේ සඳහන් දිනයෙහි කළ නොහැකි වූ අවස්ථාවක ගැසට් පත්‍රයෙහි පළ කරන නියමයක් මගින් එම ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් වෙනත් දිනයක් නියම කළ හැකිය යනුවෙනි. මෙහි දී නියම කරන දිනය ගැසට් පත්‍රයේ දැන්වීම පළ කරන දිනයේ සිට දින 14,කට අඩු නොවන දිනයක් විය යුතු බව ද එහි සඳහන්‍ ය. මේ වගන්තියේ සඳහන් වන “‘ඡන්ද විමසීම කළ නොහැකිවූ අවස්ථාව'” යන යෙදුම පිළිබඳවද අර්ථ දැක්වීමක් මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිදු කර නැත. 

එනිසා ඡන්ද විමසීමේ නියමිතව තිබුණු දිනයට පොරාතුව නියමිත දිනයෙහි ඡන්දය විමසීම පැවැත්වීමට නොහැකියැයි හඳුනාගත් අවස්ථාවක එකී විධිවිධාන අනුගමනය කළ හැකිදැයි එක එල්ලේම කිව නොහැකි ය. එසේ වුවත් පසුගිය 2020 මහ මැතිවරණයේ දී මැතිවරණ කොමිෂන් සභාව මේ වගන්තිය යොදාගෙන නාම යෝජනා භාර ගැනීම අවසන් වූ දිනයේදීම මැතිවරණය දින නියමයක් නැතුව කල් තැබීමට තීරණය කිරීමේ පූර්වාදර්ශයක් මේ රටේ පවතී. වාසනාවට එදා ඊට එරෙහිව කිසිවෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නැත. එකී පූර්වාදර්ශය මත කල්පනා කර බැලුවොත් මැතිවරණ කොමිසමට මේ ඉදිරි මැතිවරණය ජනාධිපතිවරයාගේ ප්‍රකාශනයෙහි සඳහන් දිනයට පැවැත්වීම නෛතික වශයෙන් අභියෝගාත්මක ය. ඒනිසා අවශ්‍ය නම් ඉහත 24(3),වගන්තියේ විධිවිධානය පරිදි වෙනත් දිනයක් නියම කර මේ නෛතික අභියෝගය ජයගත හැකිය.

එසේ වෙනත් දිනයක් වෙන් කරන්නේ නම් ඒ කවර දිනයකටද ?ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය අභියෝගයට ලක්ව ඇත්තේ එහි නියම කර ඇති මැතිවරණ දිනය නාම යෝජනා අවසන් දිනයේ සිට සති පහක් ගෙවීමෙන් පසු දිනයක් නොවේය යන කරුණ මත ය. ඒ අනුව සති පහ ගත වන අවසාන දිනය වන්නේ නොවැම්බර් 15දිනයයි නොවැම්බර් 15 දිනය කෙසේවත් මැතිවරණය පවත්වන්නට නොහැකි වන්නේ එදින පසලොස්වක පොහොය නිවාඩුව යෙදී ඇති දිනයක් වීම නිසා ය. පසලොස්වක පොහොය දිනක හෝ නිවාඩු පනත ප්‍රකාරව නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති දිනක මැතිවරණ පැවැත්වීම නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මැතිවරණ නීතියේම සඳහන්‍ ය. 

නොවැම්බර් 16 සෙනසුරාදා දිනයක් නිසා මැතිවරණය පැවැත්වීමට බාධාවක් නැතත් ඊට පෙර දින පොහොය දිනය නිසා ඡන්ද මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල එදින අදාල මධ්‍යස්ථාන වලට වාර්තා කළ යුතු බැවින් විහාරස්ථානවල පිහිටි ඡන්ද මධ්‍යස්ථාන පොහෝ දින ආගමික කටයුතු වලට යොදා ගැනීමෙන් ඊට බාධා පැමිණේ. එබැවින් ඒ සෙනසුරාදා ද ඡන්දය පැවැත්විය නොහැක.

නොවැම්බර් 17ඉරිදා නිවාඩු දිනයකි. එදිනත් මැතිවරණ දිනයක් විය නොහැක. 

නොවැම්බර් 25 දිනය අපොස උසස් පෙළ විභාගය ආරම්භ වේ. එදින සිට සති දෙක තුනක් පාසල් වල විභාග කටයුතු නිසා ඡන්ද විමසීමට පාසල් යොදා ගත නොහැක.

මේ සියලු බාධක මැඩ ගෙන ඡන්දය සඳහා නියම කළ හැකි දිනයන් වන්නේ නොවැම්බර් 18-23 අතර දිනයකි. ඒ දිනයද 23 දක්වා පස්සට නොයන්නට ඉඩ ඇත්තේ 23 ඡන්ද දිනය වුවහොත් එය 25 පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට බාධාවක් විය හැකි බැවිනි. ඒ අනුව 2024 මහ මැතිවරණය සඳහා නව දිනයක් නියම කරන්නේ නම් ඒ දිනය නොවැම්බර් 19, 20, 21දින තුනෙන් එකක් වීමට බොහෝ දුරට ඉඩකඩ පවතී.

මෙහිදී නෛතික දෝෂ සහිතව මැතිවරණ දිනයක් නියම කළ ජනාධිපතිවරයාට ද තවත් අලුත් නියමයක් කිරීමට සිදුවනු ඇත. ඒ අභිනව පාර්ලිමේන්තුව රැස්විය යුතු දිනය ලෙස දැනට නියම කර ඇති නොවැම්බර් 21දිනය ද කාලනුරූපව වෙනස් කිරීම අත්‍යාවශ්‍ය වන නිසාය. ඒ සඳහා ද ඉඩකඩ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති නිසා එයවත් ප්‍රවේශමෙන් කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කරති.

රට වැසියෙකු වරද්දා ගත්තොත් ඔහු අමාරුවේ බවත් රජ්ජුරුවන් වරද්දා ගත්තම රටම අමාරුවේ බවත් පැරැන්නන් කිව්වේ කට කහනවට නොවේ. නමුත් පසුගිය කාල වලදී මෙන් ” චික් විතරක්; හරියට ඡන්දයක් වත් තියා ගන්න බැරි ජනාධිපති වරයෙක් මොකටද මේ රටට ?” වැනි විපක්ෂයේ ජනානන්දනීය ප්‍රකාශයන් මෙවර මෙරට ජනතාව බලාපොරොත්තු නොවන බව අප ගේ වැටහීම ය. මක් නිසා ද යත් නව ජනපති වරයාට ජනතාවගේ සුබ පැතුම් සමඟ තම රාජ්‍ය පාලන කටයුතු නිසි ලෙස මෙහෙයවා ගැනීම පිණිස යම් කාලයක් ද දිය යුතු යැයි ඔවුන් සිතන බැවිනි.

sunil Kannangara(සුනිල් කන්නන්ගර) 
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

සබැඳි ලිපි :

මහ මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම නොවැම්බර් 04දා සලකා බලයි

ලබන 14 වැනිදා ඡන්දය පැවැත්වීම ව්‍යවස්ථාවට පටහැනියි ! - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මහ ඡන්දය කල් යන ලකුණු ! – (සුනිල් කන්නන්ගර)

මැතිවරණ දිනය වැරදියි !- හරි නම් නොවැම්බර් 15 හෝ ඉදිරි දිනයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...