The Leader News
BREAKING
ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●හරිත විදුලි ලිපිගොනු හිරවෙද්දී ඩීසල් මාෆියාවෙන් බිල ඉහළට●චීන යුවාන් ගිණුම් පියවීම: ආර්ථික ස්වාධීනත්වයට නව අභියෝගයක්ද?●ජාතික විදුලිබල පද්ධතියේ බිඳවැටීම: තාක්ෂණික ගැටලුවක්ද, කළමනාකරණ දුර්වලතාවක්ද?●මහජන බැංකුවේ දැවැන්ත ලාභය යට සැඟවුණු අවදානම●වසර 20ක ආර්ථික දැක්මක්: එජාප ‘හරිත පත්‍රිකාව’ කරළියට●සංවිධානාත්මක අපරාධ පනත ගැන නාමල් සහ හර්ෂණ පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ●
Top Ad
පුවත්

''මංගල වහාම අත්අඩංගුවට ගන්න' - මහින්දානන්ද කියයි : ජනාධිපති 'මරාලයකින්' බේරා ගන්න උපදෙසක් දුන්නට මල පැනලා !

T

The Leader Desk

April 30, 2020 • 3:28 PM

''මංගල වහාම අත්අඩංගුවට ගන්න' - මහින්දානන්ද කියයි :  ජනාධිපති 'මරාලයකින්' බේරා ගන්න උපදෙසක් දුන්නට මල පැනලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු සඳහන් කරන්නේ සමරවීර හිටපු ඇමතිවරයා විසින් රාජ්‍ය නිලධාරීන්, ජනතාව සහ රට නොමග යැවීමට කටයුතු කර ඇති බවයි.
  • ඔහු එබව සඳහන් කර සිටියේ, නාවලපිටිය නගරයේ විෂබීජහරණ වැඩසටහනට අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමිනි.
  • වීඩියෝ සබැඳි පුවත: මංගලගෙන් ජනපතිට විශේෂ ලිපියක් : ප්‍රජා අයිතිය පවා අහිමිවිය හැකි 'මරාලයකින්' බේරීමට උපදෙසක්!
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු සඳහන් කරන්නේ සමරවීර හිටපු ඇමතිවරයා විසින් රාජ්‍ය නිලධාරීන්, ජනතාව සහ රට නොමග යැවීමට කටයුතු කර ඇති බවයි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටත් ජනතාවත් මුහුණ දී සිටින අතිශයින් ම පීඩාකාරී අර්බුද මැද, අප්‍රේල්  30 දිනයෙන් ඔබ්බට රාජ්‍ය වියදම් අනුමත කිරීම ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැනනැගී ඇති බරපතල මුල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා වූ යෝජනා ඇතුලත් විශේෂ ලිපියක් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පෙරේදා (අප්‍රේල් 28) පස්වරුවේ දී බාර දී තිබිණ.

ජනාධිපති, අග්‍රාමාත්‍ය ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමෙන්තු මැති ඇමතිවරු මෙන්ම භාණ්ඩාගාරයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ජනරජයේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ නොකර ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී ඇති බවත් එය කඩ කරන ඔනෑම පුද්ගලයෙකු අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබු විට එම විධිවිධාන කඩකරමින් ක්‍රියා කරන කවර වූව ද තැනැත්තෙකු අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට :-  

(ආ) අවුරුදු හතක් නොඉක්මවන කාලයක් සඳහා ප්‍රජා අයිතිය අහිමිවීමට යටත් වන අතර  

(ආ) පවුලේ අයගේ ජීවිකා වෘත්තිය පවත්වාගෙන යාම පිණිස අවශ්‍යයයි අධිකරණ ආඥාවක් මගින් තීරණය කරනු ලබන දේපල හැර, ඔහුගේ චංචල සහ නිශ්චල දේපල රාජසන්තක වන්නේය.'' යයි ද හිටපු  මුදල් අමාත්‍යවරයා සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.

කෙසේ නමුත් අලුත්ගමගේ හිටපු රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ, ජනාධිපතිවරයාට ඇති මුදල් බලතල පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වන බවය. 

එවන් තත්ත්වයක් යටතේ මංගල සමරවීර විසින් රට නොමග යැවීමට කටයුතු කර ඇති බවත්, ඒ ආකාරයේ අසත්‍ය චෝදනා සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු එබව සඳහන් කර සිටියේ, නාවලපිටිය නගරයේ විෂබීජහරණ වැඩසටහනට අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමිනි.

වීඩියෝ 

 


1588206311 30.04.2020සබැඳි පුවත:
මංගලගෙන් ජනපතිට විශේෂ ලිපියක් : ප්‍රජා අයිතිය පවා අහිමිවිය හැකි 'මරාලයකින්' බේරීමට උපදෙසක්!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...