The Leader News
BREAKING
ලොවම දවන මහා තාප කුණාටු: රොයිටර්ස් හෙළිදරව්ව●සාක්ෂිකරුවන් හතක් එක් කිරීමට පැමිණිල්ලට අවසර●පියවුරුවල ප්‍රමාණය අනුව තරුණියන් ගේ වයස කියන විදිය දන්නව ද…? (වීඩියෝ)●සිත්තර චිත්‍රකතා පත්තරයට වසර 51යි●සංවිධානාත්මක අපරාධ පනතේ 'ටැටූ සහ ඇඳුම්' වගන්තිය ගැන ආණ්ඩුව සහ නීතිඥ ක්ෂේත්‍රය අතර වාදයක්●හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධය ගැන බලවත් මුස්ලිම් රාජ්‍ය වලින් තරවටුවක්!

T

The Leader Desk

May 8, 2020 • 2:37 PM

 ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධය ගැන බලවත් මුස්ලිම් රාජ්‍ය වලින් තරවටුවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකෙරෙන ක්‍රියා හෙලා දකින ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) එම ප්‍රජාවේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස කෝපාන්විත ස්වරයෙන් යුත් නිවේදනයකින් ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටී.
  • කොරෝනා ආසාදිත අයකු ආදාහනය කරන අවස්ථාවක්.
  • රටවල් 57 කින් සැදුම්ලත් OIC සංවිධානයද ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රතිපත්තිය හෙලා දකිමින් මුස්ලිම්වරුන්ගේ ගෞරවය රැකදීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකෙරෙන ක්‍රියා හෙලා දකින ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) එම ප්‍රජාවේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස කෝපාන්විත ස්වරයෙන් යුත් නිවේදනයකින් ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටී.

“ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන නැග එන වෛරී භාෂණය සහ එදිරිවාදිකම්, රට තුල නව කොරෝනා වසංගතය (කෝවිඩ් 19) පැතිරීමට මුස්ලිම් ප්‍රජාව වගකිව යුතු බවට වන පක්ෂග්‍රාහී හා සනාථ නොකළ චෝදනා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තා මෙන්ම, වසංගතයට ගොදුරු වූ මුස්ලිම්වරුන්ගේ සිරුරු ආදාහනය කළ බව හා එම පිළිවෙතට විරුද්ධ වූ ප්‍රජා සාමාජිකයන් අත් අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තා ද කෙරෙහි ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) බරපතල අවධානය යොමුවී තිබේ,” යි එම සංවිධානය ප්‍රකාශ කරයි.

BBC news 2020.04.14                        කොරෝනා ආසාදිත අයකු ආදාහනය කරන අවස්ථාවක්...

කොරෝනා රෝගාතුර වී මියයන ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන්ගේ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ඉස්ලාමීය වත් පිළිවෙත් වලට පටහැනිව ආදාහනය කිරීමත්, කෝවිඩ් 19 වසංගත මර්දනය බාර රාජ්‍ය බලධාරීන් මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මුස්ලිම් විරෝධී වෛරය ඇවිලවීමත් එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර හා හා දේශීය මානව හිමිකම් සංවිධාන වල කනස්සල්ලට මේ වනවිටත් හේතුවී තිබේ.

රටවල් 57 කින් සැදුම්ලත් OIC සංවිධානයද ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රතිපත්තිය හෙලා දකිමින් මුස්ලිම්වරුන්ගේ ගෞරවය රැකදීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටී.

''රටවල් 57 කින් සැදුම්ලත් OIC සංවිධානයද ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රතිපත්තිය හෙලා දකිමින් මුස්ලිම්වරුන්ගේ ගෞරවය රැකදීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටී.''

“මේ සම්බන්ධයෙන් ගත් කල, කවර ස්ථානයක වුවද මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් ඉලක්ක කරගත් සකලවිධ ප්‍රතිපත්ති හෙලා දැකීමේ සිය ස්ථාවරය OIC විසින් නැවතත් තහවුරු කෙරේ. මුස්ලිම් ප්‍රජාවේ ආරක්ෂාව, සුරක්ෂිත භාවය  සහ අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ ආගමික වත් පිළිවෙත් වලට ගරු කිරීම සහ  ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම සහතික කරන ලෙසද,  වෛරය, ඉස්ලාම් භීතිකාව සහ රට තුල  මුස්ලිම් විරෝධී හැඟීම් පතුරුවා ලීම පසුපස සිටින සියලු පාර්ශව වල‍ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසද එය ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.”

කෝවිඩ් 19 සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේදී සියලු ජන සමාජ කෙරෙහි එමගින් ඇති කරන බලපෑමට එරෙහිව එක්වන්ව සහෝදරත්වයෙන් මුහුණ දීමේ අගය  ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...