The Leader News
BREAKING
හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●හරිත විදුලි ලිපිගොනු හිරවෙද්දී ඩීසල් මාෆියාවෙන් බිල ඉහළට●
Top Ad
පුවත්

ජනාධිපති ලේකම්ට පඩිය ආපසු ඉල්ලීමේ “ශුද්ධවූ අයිතියක්” ඇති බව රජය පවසයි

T

The Leader Desk

May 9, 2020 • 3:09 AM

ජනාධිපති ලේකම්ට පඩිය ආපසු ඉල්ලීමේ “ශුද්ධවූ අයිතියක්” ඇති බව රජය පවසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රධානියා ලෙස බව තහවුරු වී තිබේ.
  • කෙසේ වෙතත්, එම ඉල්ලීම ඉටු කිරීමට රජයේ සේවකයන් බැඳී නැති බව ආණ්ඩුව කියා සිටී.
  • ආයතන ප්‍රධානීන් වෙත ලියන ලද ලිපියකින් ජනාධිපති ලේකම් විසින් මැයි මාසයේ වැටුප ඉල්ලීම සමස්ත රාජ්‍ය සේවයම බිය වැද්දීමක් බවට ලංකා ගුරු සංගමය විසින් පෙන්වාදීමෙන් අනතුරුව රජයේ කැබිනට් ප්‍රකාශකයා කියා සිටියේ එම ඉල්ලීම කිරීමට ආචාර්ය ජයසුන්දරට “ශුද්ධවූ අයිතියක්" ඇති බවයි.
  • ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් අවධාරණය කර තිබුනේ ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයා නිල ලිපි ශීර්ෂය යොදා ගනිමින් ලිපි ලිවීමෙන් රජයේ කනිෂ්ඨ සේවකයන්ට අයුතු බලපෑම් කිරීමට ඉහල නිලධාරීන්ට මග පාදා දී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රධානියා ලෙස බව තහවුරු වී තිබේ. කෙසේ වෙතත්, එම ඉල්ලීම ඉටු කිරීමට රජයේ සේවකයන් බැඳී නැති බව ආණ්ඩුව කියා සිටී.

ආයතන ප්‍රධානීන් වෙත ලියන ලද ලිපියකින් ජනාධිපති ලේකම් විසින් මැයි මාසයේ වැටුප ඉල්ලීම සමස්ත රාජ්‍ය සේවයම බිය වැද්දීමක් බවට ලංකා ගුරු සංගමය විසින් පෙන්වාදීමෙන් අනතුරුව රජයේ කැබිනට් ප්‍රකාශකයා කියා සිටියේ එම ඉල්ලීම කිරීමට ආචාර්ය ජයසුන්දරට “ශුද්ධවූ අයිතියක්" ඇති බවයි.

ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් අවධාරණය කර තිබුනේ ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයා නිල ලිපි ශීර්ෂය යොදා ගනිමින් ලිපි ලිවීමෙන් රජයේ කනිෂ්ඨ සේවකයන්ට අයුතු බලපෑම් කිරීමට ඉහල නිලධාරීන්ට මග පාදා දී ඇති බවයි.

ජනාධිපති කාර්යාලයේ නිල ලිපි ශීර්ෂය යොදා ගනිමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ලියු ලිපිය “පුද්ගලික ආයාචනයක් ලෙස” හඳුන්වා දුන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එය ප්‍රතිෂේප කිරීමටද අයිතියක් ඇති බව කියා සිටියේය.

"එහෙම ආයාචනයක් කරන්න එතුමාට ශුද්ධ වු අයිතියක් තියනවා. ඉතින් එයට විරුද්ධ කෙනෙකුට එය නොගෙවා සිටීමේත් පුර්ණ අයිතිය තියනවා. මේ රටේ ව්‍යවසනකාරී තත්වය යටතේ සතයක්වත් දෙන්න කැමති නෑ කියන කෙනෙකුට එසේ සිටීමේ හැකියාවත් තියනවා" රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මැයි 8 සිකුරාදා  පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර නිල ලිපි ශීර්ෂය යොදාගෙන ලියූ පිටු හතරේ “පුද්ගලික ආයාචනයේ” අඩංගු අනිකුත් කරුණු ප්‍රතික්ෂේප කළ යුතුද, නැද්ද යන්න කැබිනට් ප්‍රකාශකයා පැහැදිලි කළේ නැත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...