The Leader News
BREAKING
ලොවම දවන මහා තාප කුණාටු: රොයිටර්ස් හෙළිදරව්ව●සාක්ෂිකරුවන් හතක් එක් කිරීමට පැමිණිල්ලට අවසර●පියවුරුවල ප්‍රමාණය අනුව තරුණියන් ගේ වයස කියන විදිය දන්නව ද…? (වීඩියෝ)●සිත්තර චිත්‍රකතා පත්තරයට වසර 51යි●සංවිධානාත්මක අපරාධ පනතේ 'ටැටූ සහ ඇඳුම්' වගන්තිය ගැන ආණ්ඩුව සහ නීතිඥ ක්ෂේත්‍රය අතර වාදයක්●හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●
Top Ad
පුවත්

කොරෝනා පරීක්ෂණ ගැන බරපතල සැකයක්: ආණ්ඩුව මෝදර කාන්තාවගේ අයිතීන් අහිමි කළ හැටි

T

The Leader Desk

May 9, 2020 • 3:53 AM

කොරෝනා පරීක්ෂණ ගැන බරපතල සැකයක්: ආණ්ඩුව මෝදර කාන්තාවගේ අයිතීන් අහිමි කළ හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විද්වත් ආයතනයේ සභාපති, රවී කුමුදේශ් පවසයි.
  • කොවිඩ්-19 රෝගය ඇති බවට වැරදි වාර්තා බොහොමයක් ලැබී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයෙන් බව 'අනිද්දා' පුවත්පතේ වාර්තාවක සඳහන් වේ.
  • දැන් ඇතිව තිබෙන ආන්දෝලනය ඇතිවීමට පෙර සිටම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයට පිටින් ඇති රසායනාගාරවලට කොවිඩ්-19 සැකසහිත රෝගීන්ගේ නිදර්ශක ලබාදීම පිළිබඳව වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය විරෝධය ප්‍රකාශ කර තිබිණ.
  • එහි සභාපති රවී කුමුදේශ් පීසීආර් පරීක්ෂණ පිළිබඳව මේ වන විට ඇතිව තිබෙන අවිශ්වාසය සහ සැකය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

විද්වත් ආයතනයේ සභාපති, රවී කුමුදේශ් පවසයි.

පිළියන්දල මාළු වෙළෙන්දෙක්, බණ්ඩාරණායකපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, යුධ හමුදා සෙබළෙක්, ජාතික රෝහලේ නිලධාරිනියක් ඇතුළු සැලකිය යුතු පිරිසකට කොවිඩ්-19 රෝගය ඇති බව පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල වලින් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුව ද පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයම කීවේ ඒ අයට කොවිඩ්-19 රෝගය නැතැයි පසුව ලැබුණු වාර්තාවකින් තහවුරු වූ බවය.

මෙය සාමාන්‍ය පුරවැසියන්ට මහා අප්‍රභාංශයක් වී තිබේ. කොවිඩ්-19 රෝගය ඇති බවට වැරදි වාර්තා බොහොමයක් ලැබී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයෙන් බව 'අනිද්දා' පුවත්පතේ වාර්තාවක සඳහන් වේ.

දැන් ඇතිව තිබෙන ආන්දෝලනය ඇතිවීමට පෙර සිටම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයට පිටින් ඇති රසායනාගාරවලට කොවිඩ්-19 සැකසහිත රෝගීන්ගේ නිදර්ශක ලබාදීම පිළිබඳව වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය විරෝධය ප්‍රකාශ කර තිබිණ.

එහි සභාපති රවී කුමුදේශ් පීසීආර් පරීක්ෂණ පිළිබඳව මේ වන විට ඇතිව තිබෙන අවිශ්වාසය සහ සැකය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

 

මෝදර කාන්තාවගේ අයිතීන් අහිමි කළ හැටි මෙන්න !

modara

කොළඹ මෝදර ප්‍රදේශයේ මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවක කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොවිඩ්-19 ඇතැයි පීසීආර් පරීක්ෂණ වාර්තාවක් ලැබී තිබුණි. පසුව ඇය මරණයට පත්විය. දැන් එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් අතිශය සංවේදී ගැටළුවකට මුහුණදෙමින් සිටී.

එම සිද්ධියට අදාලව 'අනිද්දා' (anidda.lk) ඊ පුවත්පතේ මාධ්‍යවේදිනී හංසි මානවඩු විසින් පළකර ඇති වාර්තාවක මෙසේ සඳහන් වේ.

''එම කාන්තාවට කොවිඩ්-19 රෝගය නොමැති බව පසුව තහවුරු වී ඇතැයි මැයි 07 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ විද්වත් සංවිධානයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කර ඇත. එම පුවත මාධ්‍ය වලින් ප්‍රචාරය වී තිබුණි.

ravi kumudesh talkඔහු කියා තිබුණේ මෙසේය.

‘මැයි 05 වන දින ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරියක්, කොලොන්නාව සාලමුල්ලේ, රාජගිරියේ බණ්ඩාරනායකපුර සහ මෝදර මෙත්සඳ සෙවණ මහල් නිවාසයේ වයස අවුරුදු 52 ක කාන්තාවකගේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තා 4 ක් නිකුත් වෙලා තිබුණා. නමුත් අපි මේ වාර්තා 4 නැවත පරික්ෂා කළා සෞඛ්‍ය අමාත්‍යංශයට අයිති රසායනාගාර වලදී. එහිදි අපිට දැකගන්න ලැබුණේ මෙම වාර්තා කොරෝනා සහිත බවට දිලා තියෙන වාර්තා වල දෝෂයක් තිබෙන බව. අපි  ලැබුනු වාර්තා අනුව මීට පෙර ශ්‍රී  ජයවර්ධනපුර රසායනාගාරයේත් මෙවැනිම වැරදි වාර්තා 8 ක් පමණ දිලා තියෙනවා.’

කෙසේ වෙතත් මෙම කාන්තාවට රෝගය තිබේද නැද්ද යන්න පිළිබඳව තවම රජයේ නිල ආයතනයකින් තවම ප්‍රකාශයක් සිදුකර නැත. එනම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ  අධ්‍යක්ෂ, කොරෝනා මර්දන ජාතික මධ්‍යස්ථානය ඇතුළු ආයතන වලින් මේ පිළිබඳව නිල සඳහනක් කර නොමැත. එම ආයතන සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළද සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත් ඉහත සඳහන් අනෙකුත් පුද්ගලයන්ට කොවිඩ්-19 රෝගය නැතැයි පසුව තහවුරු වූ බව ආණ්ඩුව නිල වශයෙන් කියා තිබේ. පැහැදිළිව කිසිවක් කියා නැත්තේ මේ කාන්තාවට පමණි.

 

ඇයට කොවිඩ්-19 තිබුණාද නැතිද?: තහවුරු කරන ලියකියවිලි ලැබී නැහැ:

මෙම කාන්තාවගේ පවුලේ සාමාජිකයන්ට තවම ඇයට කොවිඩ්-19 තිබුණාද නැතිද යන කාරණය තහවුරු කරන ලියකියවිලි ලැබී නොමැත. මෙම කාන්තාව කොවිඩ්-19 රෝගය පැතිරීමට අදාල පොකුරු වලට අයත් කාන්තාවක් බවත් හෙළිවී නොමැත. ඇගෙන් කිසිවෙකුට රෝගය පැතිර ගොස් ඇති බවද තහවුරු වී නොමැත.

ඒ අනුව මෙම කාන්තාව කොවිඩ්-19 රෝගියෙකුද, නැතිද යන කාරණය පිළිබඳව පවුලේ සාමාජිකයන් ඉන්නේ දෙගිඩියාවකින්ය.

කෙසේ වෙතත් මෙම කාරණය සංවේදී කාරණයක් වන්නේ ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ ආගමික විශ්වාසයන් නිසාය. එම කාන්තාව අයත් වන ජනකොටස දැඩිව විශ්වාස කරන්නේ මරණයට පත්වන පුද්ගලයන්ව ආදාහනය නොකළ යුතු බවත්, වළදැමීම කළ යුතු බවත්ය.

එම ආගමික විශ්වාසයන්ට අනුව සෞඛ්‍යආරක්ෂිතව, ඇයට කොවිඩ්-19 තිබේනම් එය බෝ නොවන ආකාරයට වළදැමීමේ හැකියාව ඇත. ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නිකුත් කර ඇත. ලෝකයේ රටවල් සියල්ලම පාහේ ඒ අනුව වළදැමීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී  ලංකාවේ පමණක් වළදැමීමට අවසරය නැත. අවසරය ඇත්තේ ආදාහනය සඳහා පමණි. ඒ අනුව මරණයට පත්වූ කාන්තාවද කොවිඩ්-19 රෝගියෙකු ලෙස සලකා ආදාහනය කර තිබුණි.

dead bpdy

ආදාහනය පමණක් සිදුකිරීමට පදනම කුමක්දැයි නිල වශයෙන් පිළිතුරක් නැතත් ආණ්ඩුවට හිතවත් කණ්ඩායම් වාචිකව විවිධ හේතු කියා ඇත. ඒ හේතු විද්‍යාත්මක නොවන විශ්වාසයන් පමණි. විද්‍යාත්මක පිළිගැනීම අනුව වළදැමීම කළ හැකිය. පුද්ගලයන්ට විද්‍යාත්මක නොවන විවිධාකාර ආගමික විශ්වාසයන් තිබිය හැකිය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු වී ඇති අයිතියකි.

ඒත් ආණ්ඩුවට ආගමික විශ්වාසයන් තිබිය නොහැකිය. මිත්‍යා විශ්වාසයන් තිබිය නොහැකිය. කොවිඩ්-19 රෝගයෙන් මියයන පුද්ගලයන්ව ආදාහනය කිරීම පමණක් කළ යුතු බව විද්‍යාත්මක නොවන, මිත්‍යා විශ්වාසයකි.

වළදැමීම හෝ ආදාහනය ඒ පිළිබඳ ආගමික විශ්වාසයක් ඇති අයෙකුට සංවේදී මාතෘකාවකි. විශේෂයෙන්ම ඇයට කොවිඩ්-19 වැළඳී නොතිබුණේ නම්, ඇයව වළදැමීමේ හැකියාව තිබුණි.

තමන්ගේ ආදරණීයයෙකුගේ අවසන් කටයුතු තමන් කැමති ආකාරයට කිරීමේ අයිතිය  ඕනෑම පුරවැසියෙකුට ඇත. තමන්ගේ ඥාතියෙකුට පාංශකූලය ලබාදීමට බෞද්ධයන් කැමතිය. එය ඔවුන්ගේ විශ්වාසය වේ. එය බලහත්කාරයෙන් නැවැත්විය නොහැකිය. අනෙකුත්  ආගම්වලටද එවැනි විශ්වාසයන් ඇත.

පෙනෙන ආකාරයට මේ කාන්තාවට ඒ අයිතිය අහිමි වී ඇත. එය අහිමි වී ඇත්තේ ආණ්ඩුවේ මිත්‍යා විශ්වාස සහ ගැටළු සහගත පරීක්ෂණ වාර්තා නිසාය.

(උපුටා ගැනීම : anidda.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...