රජය විසින් වසර 2ක් පරණ වාහන ආනයනය කිරීමට තීරණය කිරීම බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසයි.
ආනයන සීමා ඉවත් කරමින් අද (1) සිට වාහන ආනයනය කිරීමට රජය ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින් මෙරෙන්චිගේ මේ බව පැවසීය.
මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රජයේ මෙම තීරණය හේතුවෙන් මෙරට සාමාන්‍ය පුරවැසියෙකුට රුපියල් කෝටියකට අඩුවෙන් හෝ වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇති බවයි.
"අන්තිමට වෙන දේ තමයි රටේ සාමාන්‍ය ජනතාවට වාහනයක් රුපියල් කෝටියකට මෙහා ගන්න බැරිවෙන එක.
අවුරුදු 5ක් වගේ කෙරුවනම් ලක්ෂ 60කට 65කට විතර ගන්න තිබුණ එකක් තමයි මේ නැති කෙරුවේ".
නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 2ක ජපන් වාහනවල වත්මන් වෙන්දේසි මිල හා එය මෙරට බදු අගයද එක්කළ පසු වාහනවල මිල ඉහළ යන ආකාරය පිළිබඳව මෙරෙන්චිගේ මහතා මෙහිදී කරුණු අනාවරණය කර සිටියේය.
ඒ අනුව Toyota Raize 1200cc කාණ්ඩයේ මෝටර් රථයක් ලක්ෂ 160කට පමණ ඉහළ යා හැකිය.
එමෙන්ම Toyota Yaris රථයක්ද ලක්ෂ 110කට වඩා වැඩිවනු ඇත.
මේ අතර ලක්ෂ 195ක පමණ වටිනාකමක් ඇති Honda Vezel 1500cc හයිබ්‍රීඩ් රථයක් ද ලක්ෂ 240ක පමණ අගයක් ගැනීමට ඉඩතිබේ.
ලංකාවේ බොහෝ දෙනෙකු ප්‍රියකරන Wagon R රථයක්ද රුපියල් කෝටියකට වඩා ඉහළ යනු ඇති බවද මෙහිදී පෙන්වාදුන්නේය.
| adaderana
සබැඳි පුවත් :
ජපන් වාහනවල අලුත්ම මිල ගණනන් ගැන හෙළිදරව්වක්
T
The Leader Desk
February 1, 2025 • 3:31 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රජය විසින් වසර 2ක් පරණ වාහන ආනයනය කිරීමට තීරණය කිරීම බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසයි.
- ආනයන සීමා ඉවත් කරමින් අද (1) සිට වාහන ආනයනය කිරීමට රජය ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින් මෙරෙන්චිගේ මේ බව පැවසීය.
- මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රජයේ මෙම තීරණය හේතුවෙන් මෙරට සාමාන්‍ය පුරවැසියෙකුට රුපියල් කෝටියකට අඩුවෙන් හෝ වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇති බවයි.
- අවුරුදු 5ක් වගේ කෙරුවනම් ලක්ෂ 60කට 65කට විතර ගන්න තිබුණ එකක් තමයි මේ නැති කෙරුවේ".
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


