දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාගමකට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය චෝදනා කරති.
ඉහත කී විදුලි බලාගාර ටෙන්ඩරය පිරිනමා තිබුණේ මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දේශීය සමාගමක් වන හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) සමාගමට ය.
ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය (PAB) විසින් අධීක්ෂණය කරන ලද පුළුල් සහ විනිවිද පෙනෙන අභියාචන ක්‍රියාවලියකින් පසුව කැබිනට් මණ්ඩලයට මෙම තීරණයට එළැඹ ඇති බව පැවැසෙයි.
ලංසු තැබීමේ ක්‍රියාවලියේදී කොන්ත්‍රාත්කරුවෙකු ව්‍යාපෘති හිමිකරුවෙකුට සපයන මූල්‍ය ඇපකරය සම්බන්ධයෙන් අමතර අන්තර්ගතයන් ඇතුළත්වී තිබීම හේතුවෙන් හේලීස් ෆෙන්ටන් සමාගමේ ලංසුව ව්‍යාපෘති කමිටුව මුල් අවස්ථාවේදී සළකා බැලීමක් සිදු කර නොතිබිණ.
හේලීස් ෆෙන්ටන් සමාගම ඉදිරිපත් කළ අභියාචනය පසුගිය අගෝස්තු 6 වැනිදා සළකා බැලීමෙන් අනතුරුව එම සමාගම ව්‍යපෘතිය සඳහා ඉදිරිපත් කළ ලංසුව නැවත සළකා බලන ලෙස ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය, කැබිනට් මණ්ඩලයට නිර්දේශ කර ඇත.
හේලීස් ෆෙන්ටන් සමාගම ඉදිරිපත් කළ අමතර අන්තර්ගතයන්ගෙන් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ඇපකරය සහතික කිරීම ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය නිර්දේශයට හේතුවී තිබිණි.
මන්ත්‍රී මුජිබර් ගෙන් බරපතල විවේචනයක්
කෙසේවුවද හේලීස් ෆෙන්ටන්ස් සමාගමට මෙම ටෙන්ඩරය පිරිනැමීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී පසුගියදා ආණ්ඩුවට විවේචනයක් එල්ල කර තිබිණි.
විපක්ෂයේ විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ, මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලබාදී ඇති ටෙන්ඩරය එසේ ලබාදී ඇත්තේ ලංකා ඉතිහාසයේ අඩුම අගයට බවයි.
“අපේ විදුලි බිල වහිනකොට අඩුවෙන, පායනකොට වැඩිවෙන විදුලි බිලක් නම් කොහොමද අපි ආර්ථිකයේ ස්ථාවරභාවයක් ආරක්ෂා කරගන්නේ ? අපි හිතන්නේ මෑත කාලයේ සුළං විදුලි බලාගාරයක් අපි මන්නාරමේ ප්‍රදානය කළා, මං දැක්කා පාර්ලිමේන්තුවේ ගොඩාක් ආන්දෝලනයකට කතා කරනවා ඒක. හැබැයි ඒ කතා කරන හැමදෙනාම මතක තබාගත යුතුයි අපි එම මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරය ලබාදී තිබෙන්නේ ලංකා ඉතිහාසයේ අඩුම අගයට, එම ටෙන්ඩරයේත් අඩුම අගයට. ඩොලර් ශත 4.65 යි.
සාමාන්‍යයෙන් මීට පෙර සුළං බලාගාර සම්බන්ධයෙන් විදුලි ඒකකයක මිල සාකච්ඡා වෙමින් තිබුණේ ඩොලර් ශත 8.22 ට. අපි සමත් වී තිබෙනවා මේ ටෙන්ඩරයෙන් ඒක ඩොලර් ශත 4.65 ට අඩු කරගන්න. හොඳ අගයක් කියලා අපි විශ්වාස කරනවා ඒක. දැන් අපට නිර්ණායකයක් තිබෙනවා සුළං බලාගාර කොයි තැනද පිහිටන්න ඕනෙ කියලා.
පේ ආණ්ඩුව එන්න පෙර අපට ඒ සංඥාව තිබුණෙ ඩොලර් ශත 8.22, අද සංඥාව තියෙනවා 4.65. හොඳයි නේ ? ඩොලර් ශත 4.65ක් කියන්නෙ හොඳ මිලක්. අපේ විදුලි සැපයුම ස්ථාවර කරගනිමින් විදුලිය සඳහා යන පිරිවැය අඩු කරගත්තොත් අපට ස්ථාවර විදුලි බිල් මට්ටමක් පවත්වාගෙන යන්න පුළුවන්, අපට ඒ සඳහා කාලය ලබාදෙන්න, අපි සූදානම් ඒ සඳහා අවධානය යොමුකරන්න”
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ පෙරේදා (පෙබරවාරි 07) පැවති 26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.



