The Leader News
BREAKING
Top Ad
පුවත්

යළි බිද වැටීමක් නොවන්නට ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමට කමිටුවක්

T

The Leader Desk

February 15, 2025 • 2:22 PM

යළි බිද වැටීමක් නොවන්නට ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමට කමිටුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව ක්‍රමවේදයක් හදුනා ගැනීම සදහා රජය විසින් කමිටුවක් පත් කර තිබේ.
  • ජාලයට අනුව, විදුලි ඉල්ලුමට අනුකුලව මෙම සැපයුම් නියාමනය නොවීම තුළ ආර්ථික සහ ස්ථායිතාව යන දෙඅංශයෙන්ම පැන නැගී ඇති ගැටළු සදහා විසදුමක් මෙම කමිටුව මගින් රජය අපේක්ෂා කරයි.
  • ස්ථීර සහ තිරසාර නියාමනයක් ස්ථාපිත කරන තුරු, මෙම කමිටු පියවර අනුව මුලික නියාමනයක් ඉක්මනින්ම ලබා ගැනීම රජයේ අපේක්ෂාවය.
  • ඉල්ලුම සැපයුම අනුව පුනර්ජනනීය බලශක්තිය නියමනයටත් පියවර බලශක්ති සැපයුම සහ ඉල්ලුම අතර අසමතුලිතතාවය කළමනාකරණය කරමින් ජාතික ජාලය ස්ථාවරව සහ විශ්වාසදායිව පවතින බව සහතික කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නව ක්‍රමවේදයක් හදුනා ගැනීම සදහා රජය විසින් කමිටුවක් පත් කර තිබේ.

විශේෂයෙන්ම සුර්ය පැනල පද්ධති අඛණ්ඩව ව්‍යාප්ත වීමත් සමග විදුලි ඉල්ලුම අඩු වැඩි අවස්ථා සලකා එම උත්පාදන ජාතික ජාලයට ලබා ගැනීම සදහා සැලසුම් සකස් කිරීම මෙහි මුලික අරමුණය.


ජාතික ජාලය වෙත සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය (NCRE) ඒකාබද්ධ කිරීමත් සමඟම, විශේෂයෙන් සුර්යය බල විදුලි ජනන පද්ධතිහී අඛණ්ඩව ව්‍යාප්ත සමග ඒ සදහා වූ නියාමනයක් සැකසීම ද මෙහි අරමුණු අතර වේ.


ජාලයට අනුව, විදුලි ඉල්ලුමට අනුකුලව මෙම සැපයුම් නියාමනය නොවීම තුළ ආර්ථික සහ ස්ථායිතාව යන දෙඅංශයෙන්ම පැන නැගී ඇති ගැටළු සදහා විසදුමක් මෙම කමිටුව මගින් රජය අපේක්ෂා කරයි. වෙළඳ නිවාඩු දිනසහ සති අන්තයේ, වාණිජ හා කාර්මික ක්‍රියාකාරකම් අවම වන විට, ජාල ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා කප්පාදුනියාමන\ යාන්ත්‍රණයක් හඳුන්වා දීම මෙහිදී ප්‍රමුඛය.

ස්ථීර සහ තිරසාර නියාමනයක් ස්ථාපිත කරන තුරු, මෙම කමිටු පියවර අනුව මුලික නියාමනයක් ඉක්මනින්ම ලබා ගැනීම රජයේ අපේක්ෂාවය.

ඉල්ලුම සැපයුම අනුව පුනර්ජනනීය බලශක්තිය නියමනයටත් පියවර

බලශක්ති සැපයුම සහ ඉල්ලුම අතර අසමතුලිතතාවය කළමනාකරණය කරමින් ජාතික ජාලය ස්ථාවරව සහ විශ්වාසදායිව පවතින බව සහතික කරයි. පවත්වාගෙන යෑම සදහා මෙම කමිටුව කඩිනම් සහ ස්ථිර ප්‍රතිපත්තිමය රාමුවක් ස්ථාපිත කරනු ඇත.


අදාළ නියාමන යාන්ත්‍රණයට ගැලපෙන ආකාරයට ලංවිම සයිබර් ආරක්ෂණ ප්‍රමිතීන් පවත්වා ගනිමින් සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය උත්පාදනය නියාමනය කිරීම සඳහා අදාළ යෝජනා ද මෙම කමිටුව විසින් ඉදිරිපත් කරනු ඇත.


පොලොව මත ඉදිකර සූර්ය බල උත්පාදනය අදාල ඉල්ලුම් සැපයුම් ක්‍රියාවලියට අනුව නියාමනය, ජාතික පද්ධතියේ ස්ථාවර භාවය ආරක්ෂා කිරීම ද ආදී කාරණා සදහා ලංවිම සභාපතිවරයා වෙත මෙම කමිටු නිර්දේශ සති දෙකක් තුළ භාරදිය යුතුය.

NCRE

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...