The Leader News
BREAKING
Top Ad
පුවත්

සීතා රංජනී සමුගනී - අවසන් කටයුතු අඟහරුවාදා කටුකැලියාවේදී

T

The Leader Desk

February 16, 2025 • 4:32 PM

සීතා රංජනී සමුගනී - අවසන් කටයුතු අඟහරුවාදා කටුකැලියාවේදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියයන විට ඒ මහත්මිය 71 වැනි වියේ පසුවිය.
  • වන්නිහාමිලාගේ සීතා රංජනී උපන්නේ 1954 ජාත්‍යන්තර ස්ත්‍රී දිනයේදී ය.
  • ‍ පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයෙන් පාසැල් දිවිය ඇරඹු සීතා, ඒ කාලයේ සිටම ලේඛන කලාවටත්, ක්‍රීඩාවටත් එක සේ දස්කම් දැක්වූවා ය.
  • හෙට සිට ඇයගේ නිසල දේහය අනුරාධපුර, කටුකැලියාව, මඩගම්මන මාවතේ පිහිටි නිවසේ තැම්පත් කර තැබෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මියයන විට ඒ මහත්මිය 71 වැනි වියේ පසුවිය.

ගුවන් විදුලි සහ පුවත්පත් මාධ්‍යවේදිනියක් මෙන්ම ලේඛිකාවක්, කිවිඳියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ද වූ සීතා රංජනී, සාමය සහ ජාතික සමගිය වෙනුවෙන් ක්‍රියාකාරීව විශේෂ මෙහෙවරක් ඉටුකළ අයෙකු වේ.

වන්නිහාමිලාගේ සීතා රංජනී උපන්නේ 1954 ජාත්‍යන්තර ස්ත්‍රී දිනයේදී ය. ඒ අනුරාධපුර නගරයට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් පිහිටි පෙරිමියන්කුලම ගොවි පවුලක සහෝදර සහෝදරියන් හය දෙනෙකුට වැඩිමහල් වෙමිනි. ‍

පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයෙන් පාසැල් දිවිය ඇරඹු සීතා, ඒ කාලයේ සිටම ලේඛන කලාවටත්, ක්‍රීඩාවටත් එක සේ දස්කම් දැක්වූවා ය.  

1973 දී අනුරාධපුර දිස්ත්‍රික් පාසැල් කාව්‍ය නිර්මාණ තරඟයකින් පළමු ස්ථානය දිනා ගැනීමෙන් උත්ප්‍රේරණයක් ලද ඈ ඉන් පසු දිගින් දිගටම සිය නිර්මාණකරණයේ යෙදුණාය.

එවකට ජනප්‍රියම සන්නිවේදන මාධ්‍ය වූ ගුවන් විදුලිය ඔස්සේ ඇගේ නිර්මාණ ප්‍රචාරය වීමත් සමඟ පෙරිමියන්කුලමේ සීතා රංජනීගේ ගම සහ නම ශ්‍රාවකයන් අතර මතකයේ රැඳිණ.

හෙට සිට ඇයගේ නිසල දේහය අනුරාධපුර, කටුකැලියාව, මඩගම්මන මාවතේ පිහිටි නිවසේ තැම්පත් කර තැබෙනු ඇත.

අවසන් කටයුතු අඟහරුවාදා සවස කටුකැලියාව සුසාන භූමීයේ දී.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...