The Leader News
BREAKING
Top Ad
පුවත්

සූර්ය බලශක්ති උත්පාදනය කප්පාදු කිරීම ජාතික අපරාධයකි - චම්පික රණවක

T

The Leader Desk

February 18, 2025 • 2:55 PM

සූර්ය බලශක්ති උත්පාදනය කප්පාදු කිරීම ජාතික අපරාධයකි - චම්පික රණවක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු විදුලිබල අමාත්‍යවරයකු වන ඔහු විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.
  • '' පෙබරවාරි 09 වෙනිදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමට හේතු සහ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ගත යුතු කඩිනම් සහ දීර්ඝකාලීන පියවරයන් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
  • එහි සඳහන් වන එක් බරපතළ කරුණක් කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු විය යුතුව තිබේ.
  • මෙහි දී එම තත්ත්වය පාදක කර ගනිමින් කඩිනමින් ගත යුතු පියවරක් ලෙස අස්ථාවරත්ව අවදානම් අවම කිරීම සඳහා බව කියමින් අඩු ඉල්ලුමක් ඇති අවස්ථාවල දී සූර්ය විදුලි උත්පාදනය කපා හැරීමට යෝජනා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු විදුලිබල අමාත්‍යවරයකු වන ඔහු විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.

එහි මෙසේද දැක්වේ.

'' පෙබරවාරි 09 වෙනිදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමට හේතු සහ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ගත යුතු කඩිනම් සහ දීර්ඝකාලීන පියවරයන් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන එක් බරපතළ කරුණක් කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු විය යුතුව තිබේ.

විදුලිය බිඳ වැටීම සිදුවන අවස්ථාවේ දී, ජාතික විදුලි ඉල්ලුමෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් 800 MW සූර්ය බල විදුලි (PV) උත්පාදනයෙන් සපුරාලන ලද අතර, නොරොච්චෝලේ හි ලක්විජය බලාගාරයෙන් (470 MW) සහ ජල විදුලි බලාගාරවලින් (130 MW) අමතර සැපයුමක් ලබා ගන්නා ලද බව එම මාධ්‍ය නිවේදනය මගින් දක්වා ඇත.

මෙහි දී එම තත්ත්වය පාදක කර ගනිමින් කඩිනමින් ගත යුතු පියවරක් ලෙස අස්ථාවරත්ව අවදානම් අවම කිරීම සඳහා බව කියමින් අඩු ඉල්ලුමක් ඇති අවස්ථාවල දී සූර්ය විදුලි උත්පාදනය කපා හැරීමට යෝජනා කර ඇත.


මෙසේ අවශ්‍ය ප්‍රමුඛ පියවරයන් තිබිය දී ලංකා විදුලි බල මණ්ඩලයේ නොහැකියාව වසා ගැනීම සඳහා සූර්ය බලශක්ති ධාරිතාව 50% දක්වා කප්පාදු කිරීම ජාතික අපරාධයක් බව අවධාරණය කළ යුතු ය. මෙම අදූරදර්ශී පියවර අපගේ අනාගතය, මිහිතලය සහ මනුෂ්‍ය ප්‍රජාව පාවා දීමක් බවත්, පුනර්ජනනීය බලශක්තිය යනු විකල්පයක් පමණක් නොව අවශ්‍යතාවයක් බවත් අපි රජයට අවධාරණය කරමු.


ගල් අඟුරු, තෙල් සහ වායු ආදී පොසිල ඉන්ධන මගින් නිපදවන පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයන් ලෝකය දූෂිත කරනවා පමණක් නොව, අධික පිරිවැයක් දරයි. ගල් අඟුරු, තෙල් මාෆියාවන්ගේ අරමුණු ඉටු කරන මෙම නුසුදුසු ක්‍රියාව දිගින් දිගටම සිදුකිරීමට ඉඩ නොදී මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වහාම පියවර ගැනීම අත්‍යවශ්‍ය ය.''

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...