The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතියට සැරසේ !

T

The Leader Desk

February 21, 2025 • 11:38 AM

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතියට සැරසේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ වන විට නැවත විදුලි බල පද්ධතියට සපයනු ඇත.
  • නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය පැවසුවේ මෙම ව්‍යාපෘතිය 2030 වන විට විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ මෙරට ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතා වැදගත් වන බවය.
  • එමෙන්ම මෑතකදි පැවැති රැස්වීමකදී ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් වෙත ව්‍යාපෘතියේ මූල්‍ය මාර්ග සිතියම නිල වශයෙන් හඳුන්වා දීමට ද එම මණ්ඩලය පියවර ගෙන තිබේ.
  • විදුලි බල මණ්ඩලය පැවසුවේ පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලක් සහතික කරමින් විදුලි ගාස්තු සඳහා වන බලපෑම් අවම කිරීම සඳහා ජාත්‍යන්තර ආයතනවලින් දිගුකාලීන අරමුදල් ලබා ගැනීම මෙහි අරමුණ බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ වන විට නැවත විදුලි බල පද්ධතියට සපයනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය පැවසුවේ මෙම ව්‍යාපෘතිය 2030 වන විට විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ මෙරට ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතා වැදගත් වන බවය.

 

මෙම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක් කිලෝමීටර් 2.5ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මක වන මහා පරිමාණ බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියක් වන අතර එමගින් මෙරට පුර්ජනනීය බලශක්තිය කරා යන ගමනේදී පොසිල ඉන්ධන මත යැපීම අඩු කර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරන බවද විදුලි බල මණ්ඩලය පවසයි.

 

එමෙන්ම මෑතකදි පැවැති රැස්වීමකදී ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් වෙත ව්‍යාපෘතියේ මූල්‍ය මාර්ග සිතියම නිල වශයෙන් හඳුන්වා දීමට ද එම මණ්ඩලය පියවර ගෙන තිබේ.

විදුලි බල මණ්ඩලය පැවසුවේ පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලක් සහතික කරමින් විදුලි ගාස්තු සඳහා වන බලපෑම් අවම කිරීම සඳහා ජාත්‍යන්තර ආයතනවලින් දිගුකාලීන අරමුදල් ලබා ගැනීම මෙහි අරමුණ බවය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් බලශක්ති ස්වාධීනත්වය, පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කර ගැනීම සඳහා පද්ධති සහාය, ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ පාරසරික තිරසරභාවය නියෝජනය වනු ඇති බවත් එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

ceb234


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...