ලෝකයේ වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට සාර්ථක වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරන බවත්, ඉන්දීය දුම්රිය සේවය පවා වනජීවි දෙපාර්තමේන්තුව සමග එක්ව 'කවක්' නම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්, මෙහි දී උෂ්ණත්ව කැමරා ආදිය භාවිත කරණ බැවින් මේ පිළිබඳ අවධානය යොමු කරණ ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කළේ ය.
ඔහු මෙම ඉල්ලීම කළේ අද (22) පාර්ලිමේන්තුව අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
‘‘කෙන්යාව යනාදි රටවල කණු උඩ යන දුම්රිය මාර්ග සහ උමං දුම්රිය මාර්ග පද්ධති භාවිත වෙනවා. ඊට අමතරව මීමැසි ගහනය වැඩිකිරීම හරහා ද මෙම අනතුරු අවම කර ගන්න පුළුවන්. එම නිසා දේශපාලන අධිකාරියේ ද අදහස් ලබා ගෙන වනජීවී අමාත්‍යාංශයත්, ප්‍රවාහන අමාත්‍යාංශයත් ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න.’’






