රජය පෙබරවාරි විශේෂ ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරලා තියෙන බවත් ඒ හරහා උණ්ඩියල් මුදලාලිලා පමණක් පෝසත් වන බවත් ඔහු කියා සිටියි.
සර්වජන බලය ලෙස තාරුණ්‍ය සමග ව්‍යසායක රාජ්‍යයක් පිළිබඳ සංවාදයක යෙදුණ බවත්, මේ රටේ තාරුණ්‍ය පිළිබඳ දැනුවත් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ සර්වජන බලය කැඳවූ මාධ්‍ය හමුවක දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මන්ත්‍රිවරයා...
රජය මේ රටේ තාරුණ්‍ය පිළිබඳ මීට වඩා උනන්දු විය යුතුයි
‘‘අපි, NPP එකත් සම්ප්‍රදායික දේශපාලන පක්ෂත් අභියෝගයට ලක් කළා. මෙවර අයවැය ඉදිරිපත් උණා. අපි මේ අයවැය දිහා බැලුවේ සාධාරණ විදිහට; අපි ඉදිරිපත් කළේ ප්‍රශස්ත විවේචන.
පෙබරවාරි විශේෂ ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකක්ද මේකේ යෝජිත වෙනස්කම...? මේකෙන් කියනවා දින 180ක් ගිහිල්ලා විදේශ ආදායමක් ලබා ගත්තොත් සියයට පහළවක බද්දක් අය කරනවා කියලා. බැංකු පද්ධතිය හරහා ආවොත් සීයට පහළොවක් බදු අය කරනවයි කියලා. මේකට යටත් වෙන්නේ මාලිමාව ගේන්න ආපු සමාජ මාධ්‍යය අය; සමාජ මාධ්‍යවලින් ඩොලර් උපයන අය. මේ සියලු දෙනා මේ විශේෂ බද්දට යටත් වෙනවා. මෙය ව්‍යවසායකයින් අධෛර්යමත් කිරීමක්. හේ හදන්නෙ උණ්ඩියල් ක්‍රමය තව තවත් ප්‍රවර්ධනය කිරිමක්. මේකෙන් නිත්‍යානුකූල ආදායම තවත් අහිමි වෙනවා මිසක වැඩි වෙන්නෙ නෑ.
තාරුණ්‍ය කියන්නෙ සමාජ මාධ්‍යවල කීයක් හරි හොයා ගන්න අය. ආණ්ඩුව සූදානම් වෙන්නෙ මේ තාරුණ්‍ය මරා දමන්න යි. ඒ අයගේ ව්‍යවසායකත්වය සිහිනය සම්පූර්ණයෙන් මරා දමනවා. රටේ ඩොලර් අර්බුදයක් තියෙන වෙලාවේ. මේ කුමන්ත්‍රණය මොකක්ද මේක පිටිපස්සේ කවුද ඉන්නේ...?
විපක්ෂ නායකයා සාම්ප්‍රදායිකයි...
සජිත්ලා රනිල්ලා රෑට රෑට හෝටල්වල දේශපාලන කුමන්ත්‍රණ කරනවා. සජිත් ප්‍රේමදාස සම්ප්‍රදායිකව විපක්ෂ නායක භූමියේ රඟපානවා. විපක්ෂ නායකයා සාම්ප්‍රදායිකයි. ඔහොම ඉඳල විපක්ෂය ගොඩ ගන්නන බෑ. හෝටලේට කැඳවලා රෑට රෑට විපක්ෂය කරන වැඩේ හරියන වැඩක් නෙමෙයි. මේව දේශපාලන කුමන්ත්‍රණ පමණයි. රනිල්ගේ තියෙන්නේ කුමන්ත්‍රණ දේශපාලනයක්. ඔහු උත්සාහ කරන්නේ සජිත් දේශපාලනය අවසන් කටයුතුවලට ගෙනියන්න.
අපි ඊයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. අපේ පක්ෂයට ඡන්දය දුන්නත් අපි සම්ප්‍රදායික දේශපාලනයේ යෙදෙන්නේ නැහැ කියලා. අපි ආරම්භ කළේ පක්ෂවීමෙන් හෝ විරුද්ධ වීමෙන් ඔබ්බට ගිය යුතු විකල්ප වැඩපිළිවෙලක්. මොකද ජාතික ආරක්ෂාව ගැන මට ලොකු උනන්දුවක් තියෙනවා.’’




