තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා සඳහන් කළේ මෙවැනි තීරණ හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක්ද ඇති බවයි.
මෙම තීරණය හේතුවෙන් මෙතෙක් රටට පැමිණි ඩොලර් ආදායමද අහිමි වනු ඇති බවයි ඔහු පැවසුවේය.
තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් සේවකයින් ලෙස රටට ඩොලර් උපයන සේවා වෙත සියයට 15ක බද්දක් අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
ආණ්ඩුව පවසන්නේ මීටත් වඩා ඉහළ බදු ප්‍රතිශතයක් යෝජනා වී තිබූ බවත් මෙම බද්ද අනිවාර්යයෙන්ම අය කිරීමට සිදුව ඇති බවයි.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ සාමාන්‍ය පුරවැසියෙක් සියයට 36 දක්වා ආදායම් බදු ගෙවද්දී ඩිජිටල් සේවා සපයන්නන්ට යම් සහනයක් ලබා දී ඇති බවයි.
සාමාන්‍යයෙන් ආදායම රුපියල් එක් ලක්ෂ 50,000ට වඩා වැඩි නම් පළමු රුපියල් 85,000ට සියයට 6කුත් ඊළඟ රුපියල් 43,000ට සියයට 18කුත් ලෙස ඉදිරි ආදායම් සඳහා සියයට 36ක් දක්වා බදු ගෙවීමට යටත් වේ.
එහෙත් මෙලෙස බදු අය කරන්නේ සේවා අපනයනයේදී උපයන ලද ආදායම හැර සෙසු ආදායමට බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේය.
''දැනට ඩිජිටල් සේවාවක් අපනයනය කර මාසයට රුපියල් එක් ලක්ෂ 50,000ක් උපයන්නේ නම් එයට බදු අය කිරීමක් සිදු වන්නේ නැහැ.''
එහෙත් එය ඉක්මවන ඉතිරි ඕනෑම ආදායම් ප්‍රමාණයකට ගෙවිය යුත්තේ උපරිමව සියයට 15ක් පමණක් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත වැඩිදුරටත් සඳහන් කළේය.
| nethnews
සබැඳි පුවතක් :
රජය නිකුත් කළ බද්දෙන් උණ්ඩියල් මුදලාලිලා පෝසත් වෙනවා - youtube වලටත් මේ බද්ධ ක්‍රියාත්මකයි - දිලිත් ජයවීර



