ජනතාවගේ මුදල් එකතු කරගනීම සඳහා ජනාධිපති කාර්යාලයේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක ප්‍රචාරණ කටයුතු

සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විරෝධය පළ වී තිබේ.

කෝවිඩ් 19 සුවසේවා හා සමාජ ආරක්ෂණ අරමුදල යටතේ ක්‍රියාත්මක "ඉටුකම"  ජාතික වැඩ සටහනට අදාලව මාධ්‍ය හා සමාජ මාධ්‍ය පනිවිඩ ප්‍රචාරය වීමේදී නීති විරෝධී හා සදාචාර විරෝධී කටයුත්තක් අනියම් ආකාරයෙන් ප්‍රවර්ධනය වී ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ පවසන්නේ.

එම කාර්යාංශයේ වැඩ බලන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ජානක සුනෙත් බණ්ඩාර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුනාපේම වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ "බෝතලයෙන් කිරි පෙවීම" (දර්ශනයක්) අනියම් ආකාරයෙන් ප්‍රවර්ධනය වී ඇති බවයි.

ජානක සුනෙත් බණ්ඩාර තම අධ්‍යක්ෂ වෙත යොමු කළ ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ "ඉටුකම"  ජාතික වැඩ සටහනට අදාලව ප්‍රචාරන කටයුතු  භාර කණ්ඩායම විසින් නොදැනුවත්ව සිදු කරන ලද එම වරද   ශ්‍රී ලාංකීය දරුවන්ගේ සෞඛ්‍යයට දැඩි සේ හානිකර ලෙස බලපාන බවයි.

"මගේ දැනුමේ හා විශ්වාසයේ ප්‍රමාණයට බෝතලයෙන් කිරි පෙවීම මාධ්‍ය මගින් පෙන්වීම ශ්‍රී ලංකාවේ නීතිය අනුව වරදකි. එසේ නීතිගත කර ඇත්තේ මවුකිරි දීමේ උතුම් පුරුද්දට හානි නොවීම පිනිසය. තත්වය මෙසේ තිබියදී හෙදියක විසින් තම දරුවාට "බෝතලයෙන් කිරි පෙවීම" (Bottle Feeding) අවස්ථාව සලසා තිබීම පිළිබදව රජයට සම්බන්ධ ආයතනයක් විසින්ම මාධ්‍ය මගින් නිතර නිතර ප්‍රදර්ශනය කිරීම නීති විරෝධි හා සදාචාර විරෝධි වනු ඇත," යි  සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ජානක සුනෙත් බණ්ඩාරගේ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්