BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

‘ඉටුකම’ දැන්වීම: බෝතලයෙන් කිරි පෙවීමට සෞඛ්‍ය අංශ විරෝධය!

T

The Leader Desk

May 21, 2020 • 2:13 AM

‘ඉටුකම’ දැන්වීම: බෝතලයෙන් කිරි පෙවීමට සෞඛ්‍ය අංශ විරෝධය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතාවගේ මුදල් එකතු කරගනීම සඳහා ජනාධිපති කාර්යාලයේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක ප්‍රචාරණ කටයුතු
  • එම කාර්යාංශයේ වැඩ බලන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ජානක සුනෙත් බණ්ඩාර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුනාපේම වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ "බෝතලයෙන් කිරි පෙවීම" (දර්ශනයක්) අනියම් ආකාරයෙන් ප්‍රවර්ධනය වී ඇති බවයි.
  • ජානක සුනෙත් බණ්ඩාර තම අධ්‍යක්ෂ වෙත යොමු කළ ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ "ඉටුකම"  ජාතික වැඩ සටහනට අදාලව ප්‍රචාරන කටයුතු  භාර කණ්ඩායම විසින් නොදැනුවත්ව සිදු කරන ලද එම වරද   ශ්‍රී ලාංකීය දරුවන්ගේ සෞඛ්‍යයට දැඩි සේ හානිකර ලෙස බලපාන බවයි.
  • එසේ නීතිගත කර ඇත්තේ මවුකිරි දීමේ උතුම් පුරුද්දට හානි නොවීම පිනිසය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විරෝධය පළ වී තිබේ.

කෝවිඩ් 19 සුවසේවා හා සමාජ ආරක්ෂණ අරමුදල යටතේ ක්‍රියාත්මක "ඉටුකම"  ජාතික වැඩ සටහනට අදාලව මාධ්‍ය හා සමාජ මාධ්‍ය පනිවිඩ ප්‍රචාරය වීමේදී නීති විරෝධී හා සදාචාර විරෝධී කටයුත්තක් අනියම් ආකාරයෙන් ප්‍රවර්ධනය වී ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ පවසන්නේ.

එම කාර්යාංශයේ වැඩ බලන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ජානක සුනෙත් බණ්ඩාර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුනාපේම වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ "බෝතලයෙන් කිරි පෙවීම" (දර්ශනයක්) අනියම් ආකාරයෙන් ප්‍රවර්ධනය වී ඇති බවයි.

ජානක සුනෙත් බණ්ඩාර තම අධ්‍යක්ෂ වෙත යොමු කළ ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ "ඉටුකම"  ජාතික වැඩ සටහනට අදාලව ප්‍රචාරන කටයුතු  භාර කණ්ඩායම විසින් නොදැනුවත්ව සිදු කරන ලද එම වරද   ශ්‍රී ලාංකීය දරුවන්ගේ සෞඛ්‍යයට දැඩි සේ හානිකර ලෙස බලපාන බවයි.

"මගේ දැනුමේ හා විශ්වාසයේ ප්‍රමාණයට බෝතලයෙන් කිරි පෙවීම මාධ්‍ය මගින් පෙන්වීම ශ්‍රී ලංකාවේ නීතිය අනුව වරදකි. එසේ නීතිගත කර ඇත්තේ මවුකිරි දීමේ උතුම් පුරුද්දට හානි නොවීම පිනිසය. තත්වය මෙසේ තිබියදී හෙදියක විසින් තම දරුවාට "බෝතලයෙන් කිරි පෙවීම" (Bottle Feeding) අවස්ථාව සලසා තිබීම පිළිබදව රජයට සම්බන්ධ ආයතනයක් විසින්ම මාධ්‍ය මගින් නිතර නිතර ප්‍රදර්ශනය කිරීම නීති විරෝධි හා සදාචාර විරෝධි වනු ඇත," යි  සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ජානක සුනෙත් බණ්ඩාරගේ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...