The Leader News
BREAKING
Top Ad
පුවත්

රනිල් එක්වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වෙයි

T

The Leader Desk

March 6, 2025 • 4:53 PM

රනිල් එක්වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ Head to Head විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වූ අවස්ථාවේදීය.
  • ප්‍රශ්නය - පාර්ලිමේන්තුව විසින් ඔබ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කළා.
  • ඔබ රටේ 70%ක උද්ධමනය 1.3%ක් දක්වා පහළට ගෙන ආවා වසරක් තුළදී.
  • ප්‍රශ්නය - 2022 වසරේ ඔබ බලයට පැමිණ පැය කිහිපයකින් ඔබ ආරක්ෂක හමුදා අමතලා නීතිය හා සාමය ඇතිකරන්න ඕනෑම දෙයක් කරන්න කියලා ඔවුන්ට උපදෙස් දුන්නා නේද?
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ Head to Head විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වූ අවස්ථාවේදීය.

ප්‍රශ්නය -
පාර්ලිමේන්තුව විසින් ඔබ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කළා. ඔබ ආර්ථිකය ස්ථාවරත්වයකට ගෙන ආවා. ඔබ රටේ 70%ක උද්ධමනය 1.3%ක් දක්වා පහළට ගෙන ආවා වසරක් තුළදී. නමුත් ඔබ පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයේ පරාජයට පත්වුණා. ඒ තරම් හොඳ වාර්තාවක් තැබූ ඔබ ශ්‍රී ලාංකික ජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබට මොනවද හිතෙන්නේ?


පිළිතුර -
මම පරාජය වුණේ මොකද කියලා පැහැදිලි කරන්න මට මෙතනට ආවේ නැහැ. නමුත් මම සතුටු වෙනවා මට පැවරුණු කාර්යය ඉටුකිරීමට හැකිවීම ගැන.


ප්‍රශ්නය -
2022 වසරේ ඔබ බලයට පැමිණ පැය කිහිපයකින් ඔබ ආරක්ෂක හමුදා අමතලා නීතිය හා සාමය ඇතිකරන්න ඕනෑම දෙයක් කරන්න කියලා ඔවුන්ට උපදෙස් දුන්නා නේද? ඊළඟට ඔවුන් ප්‍රචණ්ඩකාරී අන්දමින් විරෝධතාකරුවන් මර්දනය කළා නේද?


පිළිතුර -
කවුරුවත් තරුණ පෙළේ අදහස් නොසලකා හැරියේ නැහැ. පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා ලෙස මා පත් කළ විට මම නීතිය හා සාමය ස්ථාපිත කළ යුතු වනවා. පාර්ලිමේන්තුව කැරලිකරුවන් විසින් අත්පත් කරගත්තොත් කවර තත්ත්වයක්ද උදාවෙන්නේ. එය ප්‍රජාතන්ත්‍රවාදී ද ?

ප්‍රශ්නය -
ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ප්‍රකාශ කරන විදියට පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එරෙහිව ඔබේ කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් කැනිස්ටර් 944ක් පාවිච්චි කර තියෙනවා ?


පිළිතුර -
 ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අපේ රටවල් අපකීර්තියට පත්කරනවා. මොකද ඔවුන් වෙනස් ආකාරයක අදහස් දරන අය.

ප්‍රශ්නය -
යුරෝපා සංගමය කියනවා සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය විදියට බලය යෙදවීමක් සිදුවී ඇති බව.


පිළිතුර -
යුරෝපා සංගමය ඇතැම් රාජ්‍යයන් නොවන සංවිධානවලට මූල්‍යාධාර සපයා තිබෙනවා. ඔවුන් මට ඉල්ලා අස්වන ලෙසත් බල කළා. ඔවුන්ම තමයි ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදාගත් බවට මට ප්‍රශංසා පළ කරන්නේ.

ප්‍රශ්නය -
ඔබ යුරෝපා සංගමයට කැමති නැහැ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටත් කැමති නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් විරුද්ධයි.


පිළිතුර -
නැහැ. මම යුරෝපා සංගමයට කැමතියි. ඔබට මට ආයතන ගැන කියන්න තියෙන හැමදෙයක්ම කියන්න. ඊළඟට මම උත්තර දෙන්නම්. මම දේශපාලනයේ ඉන්නේ ඔබ ඉපදෙන්නත් කලින් ඉඳලා.

 

ප්‍රශ්නය -
කතෝලික පල්ලියේ ප්‍රධානියා වන කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කියනවා ඔබ පාස්කු ප්‍රහාරයේ සැබෑ විමර්ශනයක් කරන්න උත්සාහ නොගත් බව. ඔබ ඒ සඳහා පත්කළ කොමිසම ඵලක් නැති වාර්තාවක් නිකුත් කළ බවයි ඔහු කිව්වේ.


පිළිතුර -
මම දන්නවා කතෝලික පල්ලියේ දේශපාලනයක් පවතින බව.


මේ අතර අල්ජසීරා නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අද (06) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රතිචාර දක්වා තිබුණි.

"අල්ජසීරා නාලිකාවේ සාකච්ඡාව අපේ වගේ නෙමෙයි. අපේ සජීවීව අරගෙන සියල්ලම දානවා. හොඳයි නරකයි දෙකම. අල්ජසීරා පැය 2ක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ. සමහර හොඳ ඒවා තිබුණා. දාලා නැහැ. ඔක්කොම දැම්මා නම් තත්ත්වය මීට වඩා වෙනස්."

| adaderana

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...