leader s

අධර්මවාදී අවිනීත භික්ෂූ වේශධාරී සිටිත්නම් ඔවුන් සිය නිකායෙන් නෙරපා හරින බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නිවේදනය කර සිටියි.

 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නාහිමියන්ගේ උපදෙස් පරිදි එම නිකායේ ලේඛකාධිකාරී අත්තංගනේ සාසනරතන නාහිමියන් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්වේ.

රාමඤ්ඤ මහා නිකායේ විශේෂාධිකාරි මණ්ඩල පළාත් සංඝනායක, කාරක පාලක සංඝ සභික, ප්‍රාදේශීය සංඝ සභා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා වෙත මෙම නිවේදනය නිකුත් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ වර්තමානයෙහි සම්බුද්ධ ශාසන පරිහානියට මෙන්ම භික්ෂු ගෞරවයට හානි වන අන්දමින් කටයුතු රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

භික්ෂූන් වහන්සේ ලෙස පෙනී සිටිමින් භික්ෂුවට නොගැලපෙන විනය විරෝධී කටයුතු සිදුකරන මහජනයාගේ ශ්‍රද්ධාව, ගෞරවය නැතිවන ආදී විවිධ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන් හා කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා තුළ සහ විද්‍යුත් හා මුද්‍රිත ආදි  විවිධ මාධ්‍යයන් මගින් දැක ගැනීම සුලබ වෙමින් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

ලාභ අපේක්ෂාව අරමුණු කරගෙන හෝ දුර්වල මානසික ස්වභාවයන් නිසා එම පුද්ගලයන් හා කණ්ඩායම් සම්බුද්ධ ශාසනයට ද භික්ෂූ ගෞරවයට ද සිදුකරන හානිය සුළුපටු නොවන බවත් එහි සඳහන් වේ.

මේ දුරුවිනීත අධර්මවාදී , අවිනයවාදී  භික්ෂූ වේශධාරීන් වෙනුවෙන් මේ අවස්ථාවේදී අපට කළ හැකි වන්නේ අප නිකාය තුළ එබඳු අය ලියාපදිංචි වී ඇත්නම් නිකාය කතිකානුකූලව අවශ්‍ය පියවර ගෙන ඔවුන්ගේ සාමණේර / උපසම්පදා ලියාපදිංචියක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඇත්නම් ඒ අවලංගු කොට නිකායෙන් නෙරපා හැරීම බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්