ජනාධිපති අනුර දිසානායක ගේ ඉන්දීය සංචාරය අතරතුර කළ ආරාධනය පිළිගනිමින් ඉන්දීය අගමැතිවරයා එසේ මෙරටට පැමිණීමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග විශේෂ සාකච්ඡා කිහිපයක් ද පවත්වනු ඇති බව වාර්තා වේ.
මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකාවේ සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී වනු ඇතැයි වාර්තාවේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී, බලශක්ති සහයෝගීතාවය පිළිබඳව දෙරටේ රාජ්‍ය නායකයින් අතර සාකච්ඡා පැවැත්විණි.
මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, සාම්පූර් බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය අනුව එහි ධාරිතාවය වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීය ජාතික තාප බල සංස්ථාව අතර එකඟතාවක් ඇති කර ගන්නා ලදී.
සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන සාකච්ඡාවට අදානි එකඟ වෙයි
මේ අතර, බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ, මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැවත වරක් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට ඉන්දියාවේ අදානි සමාගම කැමැත්ත පළකර ඇති බවයි.
එම සමාගම මේ සම්බන්ධයෙන් රජය දැනුවත් කර ඇති බව අප කළ විමසුමකදී බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල පැවසුවේය.
මේ වන විට අදානි සමාගම පවසා ඇත්තේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පමණක් බව ද ලේකම්වරයා කියා සිටියේය.
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බවත් අදානි ග්‍රින් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට තම තීරණය දැනුම් දීම සඳහා සති දෙකක කාලයක් ලබාදී තිබෙන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඉන්දීය අදානි මව් සමාගම විසින් මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් යොමු කර තිබුණේ පසුගිය දිනවලදී ය.
(උපුටා ගැනීම් | aruna + infosrilankanews)
මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාම්පූර් බලාගාරයට මුල්ගල් තැබීමේ සුදානමක් !
T
The Leader Desk
March 13, 2025 • 3:02 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජනාධිපති අනුර දිසානායක ගේ ඉන්දීය සංචාරය අතරතුර කළ ආරාධනය පිළිගනිමින් ඉන්දීය අගමැතිවරයා එසේ මෙරටට පැමිණීමට නියමිතය.
- ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග විශේෂ සාකච්ඡා කිහිපයක් ද පවත්වනු ඇති බව වාර්තා වේ.
- මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකාවේ සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී වනු ඇතැයි වාර්තාවේ.
- මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, සාම්පූර් බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය අනුව එහි ධාරිතාවය වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීය ජාතික තාප බල සංස්ථාව අතර එකඟතාවක් ඇති කර ගන්නා ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


