The Leader News
BREAKING
ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●
Top Ad
පුවත්

'දේශපාලනඥයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහා ම නතර කරන' ලෙස අගමැතිනිය කළ නිවේදනය කඩ කරලා ද?

T

The Leader Desk

March 14, 2025 • 4:44 AM

'දේශපාලනඥයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහා ම නතර කරන' ලෙස අගමැතිනිය කළ නිවේදනය කඩ කරලා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු කතානායක අශෝක රන්වල, ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල නරඹමින්
  • ඔහු ප්‍රකාශ කළේ, හිටපු කතානායක අශෝක රන්වල, ගම්පහ/ හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයක ආරාධිතයෙකු ලෙස සහභාගි වී ඇති බව ය.
  • එහෙම නැතුව කාටවත් ඉස්කෝලෙ යන්න එපා කියල තහනමක් ඇති කළේ නැහැ.
  • එහෙම නීතියක් අලුතෙන් ඇති කළේ නැහැ." මේ අතර, වත්මන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ද මෙම විවාදයට මැදිහත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


'දේශපාලනඥයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහා ම නතර කරන' ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී නිවේදනයක් මගින් දැනුම් දී තිබුණ ද, එය ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේ වන විට උල්ලංඝණය කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක බදාදා (මාර්තු 12) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, හිටපු කතානායක අශෝක රන්වල, ගම්පහ/ හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයක ආරාධිතයෙකු ලෙස සහභාගි වී ඇති බව ය.

"පාසල්වල උත්සවවලට දේශපාලනඥයින් ගෙන්වීම තහනම් කියලා මාධ්‍ය වාර්තා කළා. හැබැයි අපි දැක්කා ඔබතුමන්ලාගේ ම හිටපු කතානායකතුමා අශෝක රන්වල මහතා අද හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සහභාගි වෙනවා. මං අහන්නෙ තාම නීතිය තියෙනවා ද කතානායකතුමිය? එහෙම නැත්නම් විපක්ෂයට විතරක් දාපු නීතියක් ද මේ තියෙන්නේ? නැත්නම් ආණ්ඩුවට නීතිය යි, විපක්ෂයට නීතිය යි නීති දෙකක් ද තියෙන්නෙ? කියලා දැනගන්න කැමති යි."
එහිදී, නැගී සිටි අග්‍රාමාත්‍යවරිය ඊට පිළිතුරු දෙමින් මෙසේ පැවසුවා ය.

"ගරු මන්ත්‍රීතුමා නීතියක් නෑ. නීතියක් කොහෙත් ම මම පනවලා නෑ. මම කිව්වෙ පාසල් පද්ධතිය දේශපාලනයට පාවිච්චි කරන එකෙන් වැළකී ඉන්න, අපි සියලු දෙනා ම මැදිහත් විය යුතු යි. අපි සියලු දෙනාට ම වගකීමක් තියෙනවා කියන එක. එහෙම නැතුව කාටවත් ඉස්කෝලෙ යන්න එපා කියල තහනමක් ඇති කළේ නැහැ. එහෙම නීතියක් අලුතෙන් ඇති කළේ නැහැ."

මේ අතර, වත්මන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ද මෙම විවාදයට මැදිහත් විය.

එහිදී ඔහු අශෝක රන්වල කතානායකවරයා ලෙස හැඳින්වීම ද දැඩි කතාබහකට ලක්ව තිබේ.

"කතානායකතුමා ඒ වගේ දේකට සහභාගි වෙන්නේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා විදිහට."

එහිදී, මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය.

"ඔබතුමා නෙවෙයි, හිටපු කතානායකතුමා. හිටපු කතානායකතුමා දැන් මන්ත්‍රීවරයෙක්. එතුමා කතානායකවරයෙක් වෙන්නෙ නෑ. ඒ වගේ ම තමයි ඔබතුමිය කියපු දේ අපි නම් ඇහුවා. පසුගිය මාස පහේ ම කිසි ම උත්සවයකට ගියේ නැහැ. ඔබතුමන්ලාගේ පක්ෂයෙන් ම ආදර්ශය පටන් ගත්තොත් හොඳ යි."

ashoka ranwala
අගමැතිනියගේ නිවේදනය

දේශපාලනඥයින්ට පාසල්වලට නොයන ලෙස තමන් ප්‍රකාශයක් නොකළ බව අග්‍රාමාත්‍යවරිය පැවසුව ද, 'දේශපාලනඥයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහා ම නතර කරන' ලෙස දන්වා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් 2024 වසරේ සැප්තැම්බර් මස 25 වන දා නිවේදනයක් නිකුත් කර තිබිණි.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී ඇය නියෝග කර තිබුණේ, 'මහජන නියෝජිතයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන ලෙස ය.

ඒ බව අදාළ රැස්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

PMO
මේ අතර, 2024 සැප්තැම්බර් 27 වන දා පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළේ මෙසේ ය.

"පාසල්වල තියෙන උත්සවවලට අනවශ්‍ය විදිහට දේශපාලනඥයින් මැදිහත් වෙන්න ඕනෙ නෑ. උදාහරණයක් වශයෙන් බිල්ඩිං විවෘත කරන්න යි, අරවට යි මේවට යි, ඒක අනවශ්‍ය වැඩක්. හැම එකට ම දේශපාලනඥයින් එන එකෙන් වෙන්නෙ, එකක් වියදම වැඩි වෙනවා. නාස්තිය වැඩි වෙනවා."

අශෝක රන්වලට ගත් දුරකතන ඇමතුම

මෙම ප්‍රශ්නයට මූලික වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සමග දුරකතනය ඔස්සේ කතා කිරීමට බීබීසී සිංහල සේවය උත්සහ දැරී ය.

එහිදී, දුරකතන ඇමතුමට පිළිතුරු දුන් ඔහු සඳහන් කළේ, තමන් වැඩක යෙදී සිටින අතර පසුව කතා කරන ලෙස ය.

'අගමැතිතුමිය කිව්වේ සදාචාරාත්මක විදිහට පාසල් තුළට දේශපාලනය ගෙනියන්න එපා කියලා' - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළේ, 'සදාචාරාත්මක විදිහට පාසල් තුළට දේශපාලනය ගෙනියන්න එපා' යනුවෙන් අග්‍රාමාත්‍යවරිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබූ බව ය.

ඒ අනුව, දේශපාලනඥයින් පාසල් උත්සවවලට සහභාගි නොවන ලෙස නියෝග කර නැතැයි ඔහු පැවසීය.

"අගමැතිතුමිය කියලා තිබුණේ පාසල දේශපාලන කටයුතුවලට යොදා ගන්න එපා කියන එක යි. එහෙම නැතුව පාසල්වලට යන්න එපා කියල නිවේදනය කරල තිබුණේ නැහැ."

කෙසේ වෙතත්, 'එවැනි උත්සවවලට සහභාගි වීමෙන් පාසල්වලට දේශපාලනය ඇතුළු වීම වැළැක්විය හැකි ද?' යනුවෙන් බීබීසී සිංහල ඇසූ ප්‍රශ්නයට නියෝජ්‍ය ඇමතිවරයා දුන් පිළිතුර වූයේ, "එහෙම වෙන්නෙ නෑ" යන්න ය.

දේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි වීම තහනම් කර නොමැති බවත්, අවශ්‍ය නම් ඒවාට සහභාගි විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...