එම නිවේදනයේ සඳහන් පරිදි රනිල් වික්‍රමසිංහ 2023 වර්ෂයේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කර තිබේ.
ඒ අනුව,
ප්‍රථම සංචාරය - 2023 මැයි 09 වනදා, ii වැනි චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා.
දෙවැනි සංචාරය - පැරිස් සමුළුවට සහභාගී වන අතරතුර ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ (lDU) 40 වැනි සංවත්සර සැසි වාරය සඳහා.
තෙවන සංචාරය - හවානා නුවර G 77 සමුළුවට සහභාගී වී පසුව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවටද එක්වීමෙන් අනතුරුව ලන්ඩන් නගරයට පැමිණීම.
එලෙස තෙවනවරට ලන්ඩන් නගරය ගොස් ඇත්තේ, මෛත්‍රී වික්‍රමසිංහ ට මහා බ්‍රිතාන්‍යයේ වුල්වන්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ප්‍රධානය කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහාය.
රනිල් වික්‍රමසිංහ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවට සභාගිවූ දිනවලම වුල්වන්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ එම උත්සවය ද පැවති බැවින් ලැබුණු ආරාධනය මත හිටපු ජනාධිපතිවරයා ද එම උත්සවයට සහභාගීම සඳහා ලන්ඩන් නගරයට ගිය බව සඳහන් වේ.
මේ සංචාරවලදී රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයින් රැසක් හමුවූ බවද සඳහන් වේ.
එසේම ජනපති බිරිඳ ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ඒ අතරතුරදී ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කෙරුණු රැස්වීම්, වැඩමුළු ආදියටද සහභාගී වී තිබේ.
නිව්යෝක් නුවර සිට පැමිණ දිවා කාලයෙන් පසුව ලන්ඩන් නගරයෙන් පිටවීමට කලින් සැලසුම් කර තිබුණද එදින පස්වරුවේ හමුවීම් කිහිපයක් පැවැති බැවින් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට පැමිණීම පසුදා තෙක් කල් දමා තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නිලධාරීන්ගේ ලන්ඩන් සංචාරයක් සඳහා ප්‍රකාශිත ආකාරයේ අධික මුදලක් වැය වූයේ යයි පැවසීම අතිශය ගැටලු සහගත බවත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කරන සංචාර පිළිබඳ වත්මන් රජයට අවබෝධයක් නැති බව මේ කරුණ හමුවේදී ද පැහැදිලි වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ රජයේ වියදමින් ලන්ඩන් නුවරට 2023 වර්ෂයේදී කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැති බවත් ඒ පිළිබඳව කරන සියලු ප්‍රකාශ සාවද්‍යය බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත.
ලන්ඩන් සංචාරය ගැන කළ චෝදනාවලට රනිල් උත්තර බඳී !
T
The Leader Desk
March 18, 2025 • 11:26 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එම නිවේදනයේ සඳහන් පරිදි රනිල් වික්‍රමසිංහ 2023 වර්ෂයේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කර තිබේ.
- ඒ අනුව, ප්‍රථම සංචාරය - 2023 මැයි 09 වනදා, ii වැනි චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා.
- දෙවැනි සංචාරය - පැරිස් සමුළුවට සහභාගී වන අතරතුර ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ (lDU) 40 වැනි සංවත්සර සැසි වාරය සඳහා.
- තෙවන සංචාරය - හවානා නුවර G 77 සමුළුවට සහභාගී වී පසුව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවටද එක්වීමෙන් අනතුරුව ලන්ඩන් නගරයට පැමිණීම.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


