The Leader News
BREAKING
Top Ad
පුවත්

අමෙරිකාව ලොකු තීරු බද්දක් ගහන්නයි යන්නේ! - ගෝලීය බදු යුද්ධයට මුහුණ දෙන්න සූදානම් වෙන්න - සජිත්

T

The Leader Desk

March 19, 2025 • 4:12 AM

අමෙරිකාව ලොකු තීරු බද්දක් ගහන්නයි යන්නේ! - ගෝලීය බදු යුද්ධයට මුහුණ දෙන්න සූදානම් වෙන්න - සජිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරියේදී ගෝලීය වෙළෙද බදු යුද්ධයක් පැමිණෙන බැවින් ඊට ආණ්ඩුවක් වශයෙන් කෙසේ මුහුණ දෙන්නේද යනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් විමසා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම යුද්ධයෙන් අපගේ කර්මාන්ත ආරක්ෂා කරගැනීම සදහා ආණ්ඩුව සැලසුම් සකස් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

අප රටේ අපනයනවලට වෙළෙද ප්‍රතිපත්තියට බරපතල අගතිගාමී තත්ත්වයක් ඇමෙරිකාව ක්‍රියාත්මක කරන වෙළෙද බදු ප්‍රතිපත්තිය නිසා ක්‍රියාත්මක බවත් ගෝලීය වෙළඳ බදු වැඩි වීමේ ගැටලුවට රජය ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් විදේශ කටයුතු හා කර්මාන්ත අමාත්‍යාංශ මෙන්ම රටේ ආර්ථිකයට බලපාන සෑම අමාත්‍යාංශයක්ම එකට එකතු වී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට මුහුණ දෙන්න හොද සැලසුමක් අවශ්‍ය බවත් නිෂ්පාදන ආර්ථිකය නිෂ්පාදන කර්මාන්ත හරහා අප රටට ධනය උත්පාදනය අපනයන කේන්ද්‍රීය කර්මාන්ත දියුණු කිරීම යන ඉලක්ක කරා මේ හරහා යා හැකිද කියා සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

තොරතුරු තාක්ෂණ සේවා අපනයන ක්ෂේත්‍රයට ගැසූ 15% බද්ද වහාම ඉවත් කරන්න

වත්මන් රජය අපනයන සේවා කර්මාන්ත ක්ෂේත්‍රයට 15%ක බද්දක් පනවා ඇති බවත් අපනයන ප්‍රවර්ධනය කිරීමේ දී මෙම බද්ධ අහිතකර බවත් තොරතුරු තාක්ෂණ අපනයන ක්ෂේත්‍රයට සෘණාත්මක බලපෑමක් සිදු කරන බවත් රජය 15%ක් බද්දක් දානවා කියද්දි විෂය භාර ඇමතිවරයා විරුද්ධ යැයි කියන බවත් රජයටවත් හරිහමන් ප්‍රතිපත්තියක් නොමැත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවත් අවස්ථාවක 15% මෙම බද්ධ ජයග්‍රහණයක් ලෙස සදහන් කරන බවත් අයිඑම්එෆ් එක 3-0%ක් දාන්න කිව්වත් රජය 15%ක් කලා යැයි උද්දාමයෙන් කියන බවත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකට අප රටේ අපනයන ක්ෂේත්‍රයේ බදු ප්‍රතිපත්තිය තීරණය කරන්න දිය නොහැකි බවත් මේ 15%ක බද්ධක් දැමීම තොරතුරු තාක්ෂණ අපනයන ක්ෂේත්‍රය තුළින් ආදායමක් ලැබූ ව්‍යවසායකයන් අගතියට පත්වන නිසා එයට විරුද්ධ බවත් එය වෙනස් කර ගත යුතු බවත් ඔහු තව දුරටත් පැවසිය.

යුනිකෝන් ඇතාත් මරලා දාලා. රජය නිහඩ ඇයි ?

එමෙන්ම පොදු මාතෘකා ගැන වෙනද ලැබූ නිදහස වත්මන් රජය තුළ භාෂණයේ නිදහස අහිමි වී ඇති බවත් මෙරට වන අලි අතර ඇතුන් ඉතාමත්ම ශීඝ්‍රයෙන් මැරෙන තැනට වැටී ඇති බවත් ඊයේ යුනිකෝන් කියන ඇතා ද ඝාතනය කර ඇති බවත් අප රටේ පිරිමි අලි ජනගහනය අනුව සිටින්නේ 11%ක් දළ ඇතුන් බවත් අද එය 7%ට අඩු වී ඇති බවත් අප රටේ ඇත් සම්පත ආරක්ෂා කරන්න මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ජීපීඑස් කොලර් ක්‍රමය හරහා ඇතුන් ආරක්ෂා කළ හැක බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

උපාධිධාරී රැකියා ගැටලුව පහත් තැනකට පත් කරන්න එපා

රැකියා විරහිත උපාධිධාරී ගැටලුව රජයේ අගමැතිවරිය ශරීර ලක්ෂණවලට විඩංගු කර පහත් කර ඇති බවත් හදුන්නෙත්ති මැතිතුමා මැතිවරණ සමයේ රැකියා විරහිත උපාධිධාරීන්ට දුන් පොරොන්දු අද කඩකර ඇති බවත් මේ සදහා කඩිනම් විසදුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...